05

1.1K 90 4
                                    

"කට් කට්. ඔවින්ද්‍යා මොකද මේ වෙලා තියෙන්නේ ? ඔයාට සිද්ද වෙනවා ස්ටීව්ට තව ටිකක් ලං වෙන්න . ඔයාගෙ කොණ්ඩෙ කොල්ලගෙ ප්‍රෙෆෙක්ට් බැජ් එකේ පැටලෙන විදිහට . කෝ තව ලං වෙන්න "

" සර්.. ඒත් ..."

" වට්ස් ද ප්‍රොබ්ලම් ඔවින්ද්‍යා ? ස්ක්‍රිප්ට් එක කියෙව්වෙ නැද්ද ඔයා? කෝ ඔහොම බෑ.. ආයුශ් ඔයා මෙයාව ලගට ගන්න "

බර හුස්ම ! වෙනදා වගේම මගෙ හුස්ම එන්න එන්නම කලබල උනේ ආයුශ් ලගට එද්දි ...

මම හිටියේ උන්මාද ප්‍රේම ගීය එකේ මැද චැප්ටර්ස් වල රගපාන ගමන්.. අපෙ ඩිරෙක්ටර්ට එයා අදුරන කවුදෝ කෙල්ලෙක් ගෙනත් දීපු ස්ක්‍රිප්ට් එකක් තමා මේ කතාව. ඒක තිබ්බෙ කෙල්ලො දෙන්නෙක් අතර වන් සයිඩ් ලව් එකක් වගේලු. ඉතින් සර්ට ඒක ස්ට්‍රේට් කරන්න හිතිලා තමා උන්මාද ප්‍රේම ගීය හැදුවේ .

මුලින්ම මට රගපාන්න එන්න කියද්දිත් මම බෑ හිතුනේ ඒ වෙද්දිත් ප්‍රෝග්‍රෑම් වගයක් තිබ්බ නිසා

අනික ස්ක්‍රිප්ට් එක කියවන්න කලින් මම අජන්ත සර්ට ( ඩිරෙක්ටර්ට ) කිව්වේ රගපාන්නම බෑ කියලා උනත් ඒක කියෙව්වට පස්සේ මට ඕන උනේ මිනොලි කියන චරිතයට පන දෙන්න .

ඔයාලා දන්නවද මිනොලි කියන්නේ කවුද කියලා ?

දැන දැනම ආදරේ කරලා දුක් විදපු කෙල්ලෙක් ..

නොලැබෙන බව දැන දැනම ආදරේ කරපු කෙල්ලෙක්...

හරිම සාමාන්‍යය සමාජයේ ඒ කොණ්ඩෙ කොට කෙල්ලට ආදරේ කරපු රපුන්සල් කෙනෙක් .

ඒත් මම කියන්නේ ඒක නෙවෙයි. ඩිරෙක්ටර් සර් කියපු විදිහට මේක දීපු ගෑනු ලමයා කියලා තියෙනවා මේ කතාව ස්ටීව් එහෙම නැත්තම් අර වැඩිමල් කොන්ඩෙ කොට ගෑනු ලමයගෙ සයිඩ් එකෙන් ගේන්න කියලා . ඉතින් ස්ට්‍රේට් කතාවක කොල්ලා ඒ ගෑනු ලමයට සමාන කරලා ස්ටීව් මේරියන් කියලා අරගෙන තමා පටන් ගත්තේ .

මගේ හැඩරුව ගොඩක් දුරට මිනොලිට සමානයි කියපු සර් මාව මිනොලි නෙත්සරා කියන චරිතෙට ගන්නකොට ස්ටීව් මේරියන් උනේ ආයුශ් වීර්‍යන්..ඔව් ඔව් ආයුශ් කියන්නේ පෙරේදා ඉස්කෝලෙ ගියාම නුතාරගෙ හොර ගෑනි කිව්ව කොල්ලා තමා. ඒත් ඇත්තටම ආයුශ් කියන්නේ මගෙ යාලුවෙක් විතරයි . එයා ප්ලේබෝයි කෙනෙක් කියන එක මුලු ඉන්ඩස්ට්‍රි එකේම රහසක් නෙවෙයි එහෙම එකේ බොරු රූමර්ස් වගයක් ගියා මගෙයි එයාගෙයි. ප්‍රසිද්ධියේ ආයුශ් ඒවා බොරු කිව්වට අපිනෙ දන්නෙ අර මේකප් කරන්න එන අක්කා එක්ක මූ හොටෙල් ගානෙ රිංගපු එක ඇත්ත කියලා . අන්තිමට නම ගියේ මගෙ.

නෙත් මානේ | GLWhere stories live. Discover now