34

827 65 22
                                    

" කදවු තොරොන්ගෝ පුල්ලේ.. ( දොර අරින්න ලමයෝ) මේ දොර තමා අරින්ඩ..සොල්ල පේච්චි කේලුන්ගෝ.. අරූන් ඉන්ග වා ඩා..  (කියන දේ අහන්න.. අරූන් මෙහෙ වරෙන්)"

එලියෙන් ඇහෙන කටහඬ නිසා මම දොර වහලා ඒ දොරට ලග තිබ්බ ලී පුටුවකුත් හිරකරලා ඇද ගාව වාඩි උනේ කරන්න ඕන මොනවාද කියලා නිච්චියක් නැතුව..

ගින්නෙන් පස්සේ සිහිය ආවත් ආරංචි උනේ මේක හිතාමතා මාව මරන්න කරපු වැඩක් කියලා . ඇරත් මට තිබ්බ ලොකුම බය..මට අහන්න උවමනා නොවුනු ඇත්ත .. මොනාද දන්නවද කවදාහරි දවසක මම මාව මරාගන්න කලින් කවුරුහරි මාව මරයි කියන එක..

ඒත් කොහොමද ? දැනුවත්ව කාටවත් කරදරයක් නොකර මාව මරන්න මිනිස්සු ඉන්නෙ?

මම ආයෙමත් ඔලුව දෙදරන්න එන පීඩනයට ඔලුව බදාගත්තේ ටිකකින් අර සද්දෙ නැවතුන නිසා. අම්මු ලග නැති වෙද්දී නින්ද යන්නෙත් නැති ඇස් ඇරගෙන ඉන්නත් බැරි පැය 24ම පුදුම පීඩනයක් මවද්දි මට මාවවත් තේරුම් ගන්න බැරි උනා..

එදා මම හොස්පිටල් එකේ ඉදලා සිහිය ආපු වෙලාවෙ මුලින්ම දකින්න ලැබුනෙ මගෙ අම්මුව.. එදා ඉදලා එයා මාව හරි පරිස්සමින් බලාගත්ත හැටි මට මතකයි . ඉස්කෝලෙ නිවාඩු දාගෙන කොලබ ඉදන් මෙහෙ ගේනකම් මාව බලාගත්ත එයා කෙලින්ම මාව නුවර ගෙනත් නැවැත්තුවෙ එයාගෙ අපාට්මන්ට් එකේ.. ඒ අස්සට අම්මු කවුද නාකි ගෑනියෙකුයි රැවුල වවාගත්ත මිනිහෙකුයි ගෙනල්ලා මාව බය කරලා තියෙන්නේ ..කොහෙද මම පැනලා යයි කියලද දන්නෙත් නෑ හිතාගෙන ඉන්නෙ නේද ? මගෙ මොට්ටුකාරි.. අම්මුව මතක් වෙලා මම ඉන්න විදිහටම හිනා උනේ ටිකකින් ආයෙමත් ඒ හිනාව මැකිලා යද්දි  

මට මතක විදිහට මම දැන් මෙහෙට ඇවිත් දවස් දෙකක් වෙනවා. ඉතින් දැන් අම්මුව දකින්න මට එයා ඉස්කෝලෙ ඇරිලා එනකම් ඉන්න උනා..  එයා නැති හැම වෙලාවකම මම මේ කාමරේ අස්සෙ හිර උනේ අනික් කාටවත් මගෙ ලගට ලං වෙන්න දෙන්නෙ නැතුව...මට බයයි.අනේ බන්... මේ හැගීමට මම හරි බයයිනේ..

මම ආයෙමත් ඔලුව දෙපැත්තට ගැසුවෙ හරි සිහිය තියාගන්න.. කොහොමනම් විස්තර කරන්නද මේ පොඩි මනසට මට මේක දරාගන්න බැරි හරි අමුතු හැගීමක් බන්.. මේ ලෝකෙ ලොකුම මිනීමරුවා තමන් කරපු වැරද්දකටවත් පෙන්නන්නෙ නැති බයක් ඒක.. ලෝකෙ ලොකුම බය මරන බිය කියන එකෙක් පෙන්නපන් මම ඌට කනට ගහලා  කියනවා ඒක එහෙම නෙවෙයි කියලා . මොකද ලෝකෙ ලොකුම බය තමන් ආදරේ කරන මිනිස්සු අහිමි වීම හෝ තමාවම අහිමි වීම..හරියට දැන් මට වගේ..

නෙත් මානේ | GLWhere stories live. Discover now