ජංකුක් නැගිටින්න අපි ආවා .
හීනෙන් වගේ ඇහුන ඒ ගොරෝසු කට හඩට මම ඇහැරුනේ ගැස්සිලා උඩ ගිහින් . මල පෙරේතයා වගේ මම මේක අස්සේ නිදාගෙනද අයියෝ සංසාරේ ...මට උනොත් වෙන්නේ ඔය වගේ පජාත වැඩක්ම තමයි .
නිදිමරගාතේ තනියම කියෝ කියෝ ටේහ්යුන්ගේ කාර් එකෙන් බැස්ස ජංකුක් ටේහ්යුන්ග්ටත් ආචාර කරලා ගේටුටුවත් ඇරගෙන එයාගේ මාළිගාවට ගියා .
ඔන්න ඉතින් මේ තමයි මගේ අඩවිය . රෑ හින්දා තවුසෙලට මේකේ ලස්සන පේන්නෑ . නැත්තම් එල්සගේ මල් වත්ත පරාදයි . ආ පොඩ්ඩක් ඉන්න . එල්සා කියන්නේ අර කොණ්ඩේ දිග එකී නේද ? ඒකිට කොහෙද මල් වත්තක් .නෑ බන් ඒ සින්ඩරෙල්ලානේ . එතකොට බන් අර වට්ටක්කයක් අස්ස කරත්තයක් කරන්නේ මොකේද මොආනා නේ හරි හරි . අනේ මන්දා බන් ඕවා . නම් කීයක්ද කියාම්කෝ ඔක්කොම ටැපලෙනවා .
අනා...මෙන්න මගේ ස්වීටි මැණික ඉන්නවා මටත් රවාගෙන දොර ළගට වෙලා . පරක්කු වුණ එකට ඩෝං ගිහින් ඇති . මට ඉතින් කෝල් එකක් වත් දෙන්න බැරි වුණානේ පරක්කු වෙනවා කියලා . දැන් ඉතින් බොරුවට නහයෙන් අඩන්න ගනී ඔන්න බලන්නකෝ .
කුකී...මොකෝ අදත් පරක්කු වුණේ...පරක්කු වෙනවනම් මට කියන්න තිබුනා ඔයාට .
අනේ ඉතින් මං කිව්වේ මෙයාට ඩෝං ගිහින් .
ජංකුක් දැනටමත් කේන්තියෙන් ඉන්න එයාගේ බබී ළගට ගිහින් දණ ගහගත්තා .
සොරි ඉතින්...කෝල් කරන්න බැරි වුණානේ ... අර නපුරු බොසා මට වැඩ ලොට් එකක් දුන්නනේ ඌ නිසා තමයි ඔයාගේ කුකී ටූ ලේට් වුණේ ඉතිම්
බබී හෙට සැලරි අපි හොස්පිට්ල් එකේ රෙජිස්ටර් වෙමු හෙටම එතකොට සතියෙන් වගේ ඔපරේශන් එකට ගනී ඔයාව . හැමදේම හොදින් වෙයි .
වදයක් නේද මං ?
පුතෙක්ට කවද්ද එයාගේ අම්මව වදයක් වුණේ කියලා මට කියනවද ? ඔව් ඔව් එහෙම එවුනුත් ඇති හැබැයි මම එහෙම නැහැ හරිද ? ඔයා තමයි මගේ ලෝකෙම . ඉතින් සෝබනේ දාන්න එන්න එපා . ඔයා හොදටම දන්නවනේ මං කවුද කියලා .
Wheelchair එකේ හිටිය ඔම්මගේ උකුළෙන් මං හිස තියාගත්තා . ඔම්මා ළගින් එන සුවදට මං හරි ආසයි ඒක හරිම සනීපයි . දැන් මෙහෙම රෝද පුටුවකට වෙලා හිටියට එහෙම ඉන්න ඕන කෙනෙක් නෙමෙයි මගේ ඔම්මා . එයා actress කෙනෙක් . මගේ ඩයනා කෙල්ල . ඇත්තටම මගේ ඔම්මා ප්රින්සස් ඩයනා වගේ . ඉස්සර අප්පත් කියනවා එහෙම . අප්පත් ඉතින් නලුවා වගේ තමයි රගපෑවේ නැති වුණාට . නැත්තම් ඉතින් ඔම්මා කෙලෙක් වෙලත් අප්පගේ පස්සෙන් ගිහින් අප්පා එක්ක යාලුවෙයිද කියහම්කෝ . ඔම්මා හරි දගයි අනේ . හැමෝම කියන්නේ මම ඔම්මගේ ෆොටෝ කොපියක් කියලා . එයාගේ කටමලු මටත් තියෙන්නේ . කමක් නෑ ඉතින් කොම්ලෙක් වෙලා ඉපදුණ පලියට අප්පා වගේ වෙන්න ඕනෙමයි කියලා නෑනේ මං ආසයි ඉතින් මමත් බබී වගේ කියලා අනිත් අය කියනවට .