"ඒයි...ඇහෙනවද...මං කියන ඒවා අහගෙනද ඉන්නේ ම්ම්..."
"ම්..."
"ඇයි හැමදාම උබට මේ වගේ ඉන්න බැරි...බැලුවොත් ඇත්නම් එල්ලෙන්නමයි හදන්නේ...මොකක්ද මං එක්ක තියන තරහා ඔච්චරටම..."
"මං දන්නෑ...මට තවුසෙම පේන්න බැහැ..."
"ඇයි ?"
"දන්නෑ..."
"පේන්න බැරි නම් ඇයි හොයන් ආවේ ජංකුක් ?"
"....."
පිළිතුරක් වෙනුවට මත් ගතියෙන් හිටිය ජංකුක් කළේ ටේහ්‍යුන්ගේ බෙල්ල පහුරු ගාන්න ගත්ත එක . ඇත්තටම ටේහ්‍යුන්ග් ඇහුවේ උත්තර නැති ප්‍රශ්නයක්.
"උත්තර නැහැ නේද ? මම ආදරය කරන ඔය ඇස් ඇතුළෙන් මගේම රූපේ මට පේන වෙලාවට මං කොච්චර කැමතියිද කියලා උබ දන්නවද ...මට ඒ වෙලාවට හිතෙනවා මීට වඩා සතුටු වෙන්න දෙයක් තව නැහැ කියලා ...ඒත් ඒ ආදරේ කරන ඇස් වලින්ම වෛරක් පෙනෙද්දී ඒ වේදනාව ගොඩක් අමාරුයි කූ..."
"තමුසෙගෙන් මට ආපිට ආදරයක් ඕනෙ නෑ ජංකුක්...ඒත් මේ විදිහට මාත් එක්ක එල්ලෙන්න හදන එක නවත්තන්න... "
ටේහ්‍යුන්ගේ පපුවේ ඔලුව තියන් ඉන්න ජංකුක්ගේ හිස අත ගාමින් ටේහ්‍යුන්ග් මිමිනුවා . ජංකුක්ගේ බර හුස්ම හඩවල් වලින් ටේහ්‍යුන්ග්ට තේරුනා ජංකුක්ට නින්ද ගිහින් කියලා . ඉතින් ඒ නිසා ටේහ්‍යුන්ග් ජංකුක් අවදි නොවෙන විදිහට ඔලුවට යටින් pillow එකක් තියලා ඇදෙන් බැහැලා බැල්කනි එකට ආවා .
බැල්කනි එකේ එක කෙළවරක තිබුනා ජංකුක් බීලා බාගෙන ඉතුරු කරලා තිබුන රෙඩ් රම් බෝතලය . ඒ දිහා බලලා හිනා වුණ ටේහ්‍යුන්ග් ඒ බෝතලය අතට අරන් ඉතුරු වෙලා තිබුන රම් ටික එක හුස්මට උගුරට හලාගත්තා .
"ඔයා අහගෙනද ඉන්නේ..."
"මට කියලා දෙන්න මං දැන් මොකක්ද කරන්න ඕනේ..."
"ම්ම්...ග්‍රැනී කියනවා ඔයා ළග හැම ප්‍රශ්නෙකටම උත්තර තියනවලු...එහෙනම් මගේ ප්‍රශ්නෙටත් උත්තරයක් ඕනේ...ප්ලීස්..."
"මං මොකක්ද කරන්න ඕනේ..."
අහසේ පායලා තිබුන තරුවක් දිහා බලාගෙන ටේහ්‍යුන්ග් මිමිනුවා . ටේහ්‍යුන්ගේ කහ පාට ඇස් බොද වෙලා හද එළියට ඒ ඇස් දිලිසෙනවා . අහස දිහා බලාගෙන තනියම හූල්ලන එක ටේහ්‍යුන්ග්ට දැන් පුරුද්දකට ගිහින් ...