"ජංකුක්...ජංකුක්...ඇස් අරින්නකෝ...මොකක්ද වුණේ..."
තමන්ගේ අත් දෙක උඩම සිහිසුන් වුණ ජංකුක්ගේ සිහිය ගන්න උත්සහ කරන ටේහ්යුන්ග් හිටියේ ගොඩක් කළබල වෙලා .
"ඇයි බං මේ...අනේ නැගිටපන්කෝ මාව බය නොකර..."
ජංකුක්ගේ කම්මුල් දෙපැත්තට තට්ටු කරන ටේහ්යුන්ග්ට ඕන වුණේ කොහොමහරි ජංකුක්ගේ සිහිය ගන්න විතරයි .
"ජංකුක්...ඇහෙනවද මාව..."
"ටේහ්යුන්ග්..."
දුර්වල කටහඩකින් ජංකුක් ටේහ්යුන්ගේ නම මුමුනද්දී ටේහ්යුන්ග්ට ඉවසුම් නැතුව ගියා . ටේහ්යුන්ග් ජංකුක්ව තදින් වැළඳගත්තේ තාමත් වේගයෙන් ගැහෙන එයාගේ පපුව නැවත යතා තත්වයටම පත් කරගන්න...ටේහ්යුන්ග් බය වුණා...ගොඩක් බය වුණා. ජංකුක්ගේ හැසිරීම ටේහ්යුන්ග්ව හුගක් බය කළා .
"තමුසේ මාව ගොඩක් බය කළා ජංකුක්..."
"මෙහෙම වෙලාගෙන තමුසෙ මාව හුස්ම හිර කරලා මරන්නද හදන්නේ බූරු පැටියෝ...හුස්ම ගන්නවත් ඉඩ දෙනවකෝ ඕයි..."
තාමත් දුර්වල කටහඩකින් මුමුණන ජංකුක්ගේ වචන වලට ටේහ්යුන්ග්ට හිනත් ගියා .
"මොකක්ද වුණේ ඔයාට ?"
"මං දන්නෑ...මගේ ඔලුව හුඟක් රිදෙන්න ගත්තා . ඒ එක්කම තව කවුරුහරි මට කතා කරනවා වගේ දැනුනා . මට ඇත්තටම වුණ දේ හරියටම මතක නෑ ටේහ්යුන්ග්...මේ කාමරේ..එතකොට මේ පේන්ටිං එක. ඇත්තටම මේක මොකක්ද මට මහ අමුත්තක් දැනෙනවා...හරියට එදා මේ ගෙදර බැල්කනි එක දැක්ක වෙලාවේ වගේ...මට නොතේරෙන කියන්න තේරෙන්නේ නැති මහ අමුත්තක් තියනවා ටේහ්යුන්ග් ."
"ඇත්තටම මොකක්ද ටේහ්යුන්ග් ඒ පේන්ටිං එක ? මම දවසක් හීනෙනුත් දැක්කා..."
"හීනෙන් දැක්කා ?"
"හ්ම්..."
"ජංකුක් ඔයා ඔය ඇත්තටමද කියන්නේ...?"
"ඔව්...මොකක්ද ඒ..."
"අහ්ම්...ඒ.ඒක මම මීට කලින් දැකලා නැහැ කුක්..."
"එහෙමද ?"
මුමුණපු ජංකුක් ටේහ්යුන්ගේ පපුවෙන් ආයෙත් හිස තියාගත්තා . හැබැයි ජංකුක් වැඩිය නොහිතා ඒ කරපු දේ ටේහ්යුන්ගේ හැම රෝම කූපයකටම පවා සංවේදී වුණා...කිසිම දෙයක් හිතාගන්න බැරිව ඔහේ ගල් ගැහිලා වගේ හිටිය ටේහ්යුන්ග් අන්තිමට එයාගේ හැදි දැඩි දෑත් ජංකුක්ගේ සිහින් ඉණවටා යවලා ජංකුක්ව තවත් තමන්ගේ පපුවට තවත් තද කරගත්තා ...