"කෝ අනේ අර මගෙ බේබි බ්ලූ හූඩි එක..."
"මං දන්නෑ ඔයා දාපු තැනක ඇති ."
"මුලු ක්ලොසට් එකම පීරුවා අනේ නෑනේ ඒක...ඔම්මා හොයලා දෙන්නකෝ..."
"ඇයි දන් වෙන ඇඳුම් නැද්ද ඒකම හොයන්නේ ?"
"බෑ මට ඒකමයි ඕනේ..."
"කුකී ඔයාගේ හොඳ ඇඳුම් වලින් බාගෙට බාගයක්ම අඩුයි . ටේහ්‍යුන්ගේ ගෙදර දාලා ඇවිත් ඔය හූඩි එකත් එහෙ වෙන්නැති."
"එහෙමද ?"
ක්ලොසට් එකට හේත්තු වෙලා ජංකුක් ටික වෙලාවක් කල්පනා කරන්න වුණා. ජයග්‍රාහී ලෙස මූණේ කපටි හිනාවක් ඇඳුන මේකා ඊළඟට ගියේ මල් පැළ වගයකට සාත්තු කර කර ඉන්න එයාගේ බබී ළඟට .
"ඔම්මා..."
"මොකද දැන් ?"
"මං ටැක්සි එකක් කතා කරලා දෙන්නම් . එයාගේ ගෙදරට ගිහින් මගෙ බඩු ටික අරන් එන්නකෝ...අනික ටේහ්‍යුන්ග් හෙට මැරි කළාට පස්සේ ඒ ගර්ලුත් ඉන්නේ ඔය ගෙදරනේ...ඉතින් මගෙ බඩු එහෙ තියෙන එක හරි නෑනේ..."
"අනේ ජංකුක් මට බැහැ එහෙ යන්න. අනික මං ටේහ්‍යුන්ග් පුතාගේ ගෙදර තියෙන තැනක් වත් දන්නෑ..."
"ඉතින් ලොකේශන් දාන් යන්න පුලුවන්නේ අනේ ඔම්මා..."
"ජංකුක්..."
"ප්ලීස්..."
"ඉතින් ඔයා යන්නකෝ...ඔයා යන එකයි හොඳ මං දන්නෑනේ ඔයා මොනවා එහෙ දාලා ඇවිත්ද කියලා..."
"අනේ බබියෝ...මං කොහොමද එහෙට යන්නේ..."
"අනේ මගේ මෝඩ පුතේ...ඔය අලි ඔලුව පැත්තකින් තියලා ගිහින් ඔයාගේ වැඩේ කරගෙන එන්න...ඒ මනුස්සයා උඹව ගිලින්නෑ..."
ඌ නිසා මම මේ වගේ අසරණ වෙලා ඉද්දිත් ඔම්මට තාමත් ඌව ලොකුයි නේද ?
ජංකුක් එහෙම කියලා ඔම්මගෙන් ආපිට උත්තරයක් බලාපොරොත්තු නොවීම ගේ ඇතුළට ආවා. මෙන්න මේ මනුස්සයා ඒ ගමන ආයෙත් තනියම හිනාවෙනවා. ප්‍රෙග්නට් වුණහම හෝර්මෝන මට්ටම් වෙනස් වෙලා පොඩ්ඩක් ට්‍රැක් ගතිත් එනවා තමයි . හැබැයි මේක නම් එහෙම එකක් නෙමෙයි වගේ...එක්කෝ ජංකුකා කාටත් හොරෙන් ලාෆින් ගෑස් එකකට නිරාවරණය වෙලා...නැත්තම් මේ හාදයට පිස්සු තදවීගෙන එනවා.