උදේ පාන්දරම ටේහ්යුන්ගේ කියුට් බනී ඇන්ග්රි බනී වෙලා හිටියේ...ටේහ්යුන්ග් උදේම ජින්ට කතා කරලා ටේහ්යුන්ලගේ පැරිස් ගෙදරට එන්නයි කියලා...වෙන මොකටවත් නෙමෙයි ජංකුක්ව චෙක් කරන්න කියන්න. ජංකුක්ට නොකියා ටේහ්යුන්ග් එයාට හිතුන හිතුන දේ කරනවයි කියලා දැන් එයාට ඔය ටේහුන්ග් එක්ක මල පැනලයි ඉන්නේ...
ජින් ජංකුක්ගේ සුගර් ලෙවල් බලන්න ගිහින් තමයි හරි වැඩක් වුණේ...ජංකුක්ගේ මහපටඟිල්ලකින් ලේ බිංදුවක් ගත්තයි කියලා ටේහ්යුන්ග් ජින්ගේ ඇඟට කඩා පැන්නේ වැම්පයර් කෙනෙක් වෙන්න තියෙන ආසාවට ජංකුක්ව පාවිච්චි කරන්න එපා කියලා...හැබැයි ජංකුක් අනිත් පැත්තට ටේහ්යුන්ග්ට කෑ ගැහුවේ බ්ලඩ් වලින් නැතුව උණ කට්ටෙන් සුගර් ලෙවල් බලන්න බෑනේ කියලා...
ජංකුක්ගේ පැත්තට කතා කරන්න ගිහින් හරි වැඩක් තමයි අන්තිමට අසරණ ටේහ්යුන්ග්ට වුණේ...
ජංකුකී ඔයාගේ ප්රෙශර් සුගර් නම් නෝමල්...අපි දැන් බර චුට්ටක් බලමුද ?
ජින් එහෙම කිව්වා විතරයි ජංකුක්ගේ කන්දෙකේ ඉදන්ම රතු වුණා...ජංකුක් හොර පූස් පැටියෙක් ගානට බැලුවේ පැත්තකින් හිටගෙන ඉන්න ටේහ්යුන්ග් දිහා...ජංකුක්ගේ බැල්මට ටේහ්යුන්ග්ට එයාගේ හිනාවනම් කන්ට්රෝල් කරගන්න ගොඩක් අමාරු වුණා...
මොකද මෝඩයෙක් වගේ හිනාවෙන්නේ ඔයා මෙතනින් යන්න...
ඉතින් මං හිටියහම මොකද වෙන්නේ මමයි බේබිගේ ඩැඩා...
ඒ වුණාට ඔයාව නෙමෙයිනේ චෙක් කරන්නේ...ඔයා මෙතනින් ගියේ නැත්තම් මං යනවා හරිද ?
ගෝඩ් හරි හරි කූල් ඩවුන් මං යන්නම්...
පුපුරන්න ඔන්න මෙන්න ඉන්න එයාගේ ඇන්ග්රි බනීව තවත් අවුස්සන්න ඕනේ නැති නිසා ටේහ්යුන්ග් හිමීට මාරු වුණා. ජංකුක් ටේහ්යුන්ග්ව යැව්වේ වෙන මොකක් නිසා වත් නෙමෙයි. බර වැඩි නිසා ටේහ්යුන්ග් විහිළු කරයි කියලා හිතලා...
කියුට්...
ජංකුක්ගේ මූණේ තිබුණ ඇන්ග්රි පවුට් එක දැකලා ජින්ට කියවුනත් ආයෙමත් ජංකුක් ඉක්මනටම එයාගේ මූඩ් වෙනස් කරගත්ත විදිහ දැකලා ජින් එයාගේ වචන ආපිට ගිල ගත්තා.