Chapter 04.

218 44 18
                                    

මට සමාවෙන්න හියුන්ගී...මට සමාවෙන්න...

Tiger කෙනෙක් තැඹිලි පාට මලක් අතින් අල්ලන් ඉන්න පරණ පේන්ටිං එකක් දිහා බලන් ඉකිබිදිමින් ජංකුක් කාගෙන්දෝ සමාව ඉල්ලනවා .

හරියට රූපය නොපෙනුනත් පේන්ටිං එක ඉදිරියේ හඩා වැටෙන ජංකුක්ගේ උරහිසක් රළු අතක ස්පර්ශයකට අසුවුණා . ජංකුක් ඒ කවුද කියලා අදුරගන්න කලින්ම ඒ චායාව නොපෙනී ගියා .

එපා...යන්න එපා...

ඒක හීනයක් . ඒත් ජංකුක් මේ මහ පාන්දර හීනෙන් කෙදිරිගාන හඩ සෝෆා එකේ නිදන් හිටිය ටේහ්‍යුන්ග්ට නම් පැහැදිලිව ඇහුණා . ටේහ්‍යුන්ග් නින්දෙන් අවදිවෙලා ඇවිත් ජංකුක් නිදන් හිටිය ඇඳ ළඟින් ඉදගෙන මොහොතක් ඒ වෙව්ලන තොල්පටවල් දිහා බලන් හිටියා . මුලු කාමරේම ඝණ අඳුරකින් වහගෙන ඉන්න අතරේ ජංකුක්ගේ මූණට විතරක් වැටිලා තිබුන හඳ එළියෙන් ජංකුක්ගේ මුහුණේ වෙනස් වන ඉරියව් දිහා ටේහ්‍යුන්ග් මොහොතක් බලන් හිටියා .

හිතෙන විදිහට නිදි දෙව්දුව ජංකුක්ව අතරමං කරලා තිබුන ඒ හීනය ඉවරයි වගේ ජංකුක් ආයෙත් සන්සුන් වෙලා කලබල ගතිය නැති වෙලා සාමාන්‍ය විදිහට හුස්ම ගන්නවා . ඇකිළිලා තිබුන ජංකුක් පෙරවන්හිටිය බ්ලැන්කට් එක හරියට හදපු ටේහ්‍යුන්ග් බර හුස්මක් පහත හෙළුවා .

Time pased @morning

අර්හ්...මගෙ ඔලුව...පැලෙන්න එනවා යකූ...

නළලත් පිරිමදිමින් ජංකුක් ඇඳේ ඉදගෙන වටපිට බලනවා .

පොඩ්ඩක් හිටපන්...මේ කොහෙද ...අඩෝ මේ මගේ එක්ටැම්ගේ නෙමෙයිනේ...දෙයියනේ කොහෙද මේ මොකෙක් හරි මාව රූම් එකකට වත් ගෙනෙල්ලද ?

එක පාරටම මතක් වුණ දෙයක් නිසා ජංකුක් පෙරවන් හිටිය බ්ලැන්කට් එක අයින් කරලා බැලුවේ එයාගේ සුකුමාල ශරීරය දිහා . කොල්ලාගේ විලි වසාගන්න ඇගේ ඉතුරු වෙලා තිබුනේ සූටි CK එකක් විතරයි .

මෙහෙම වෙන්නේ කොහොමද යකෝ...මගෙ ඇදුම් කෝ...අර්හ්...මතක් කරපන් ජංකුක් මතක් කරපන් ...ඊයේ රෑ උබට මොකක්ද වුණේ...

ඔලුවට අතකුත් තියාගෙන ජංකුක් මොහොතක් ගැඹුරු කල්පනාවකට වැටුනා . ටික ටික කලින් දවසේ නටපු නාඩගම් එකින් එක ජංකුක්ට මතක් වුණා . ජංකුක්ගේ සල්ලි උස්සපු එක , ලෝන් ඉල්ලුවහම බොසා ඇගට කඩා පැන්න විදිහ වගේම ඒ බොසාගේ කරේ එල්ලිලා වෙරි මරගාතේ කාර් එකට නැග්ග විදිහත් . හැබැයි එතනින් පස්සේ මොකද වුණේ කියන්න පොරට පැහැදිලි මතකයක් නැහැ .

UTOPIA (Tiger lily S2 ) || Tk ||Where stories live. Discover now