නිදා ගන්නවා කියලා මනුස්සයෙක්ට මෙහෙමත් නිදාගන්න පුලුවන්ද මං අහන්නේ...කාලා කාලා හොඳට නිදි . මං අද මෙයාව ඩිනර් එකකට අපේ හොටෙල් එකට අරන් ගියේ පොඩි වෙනසකටත් එක්ක . කාලෙකින් මටත් ඒ පැත්තට යන්න බැරි වුණානේ...ඒත් ඇත්තමයි මට එහෙට ගියාට වඩා හොඳයි නිකන් හිටියා නම් කියලා හිතුනා. මේ හොල්මනට එහෙ ස්ටාෆ් ඒකේ ගෑනු ළමයි එක්ක මාර තරහක්නේ තියෙන්නේ...නැති වැරදි හොය හොය දෙතුන් දෙනෙක්ට බැන්නේ මං හිනාවෙවී ඉණට අත තියන් බලන් ඉදිද්දී...අන්තිමට මගෙ ඇඟටත් කඩා පැනලා තමයි නන්ස්ටොප් එක නැවතුනේ...මං එයාලව හුරතල් කරනවලු .
මේකට පිස්සුනේ ඉතින් හුරතල් කරන්න මට වෙන උන් මොකටද පොඩ්ඩ ඇත්තම් නැට්ට ගිනිගන්න සෝක් හා පැටියෙක් ඉදිද්දී...
හොඳම දේ තමයි එච්චර වලි දාගෙනත් ඉස්මුරුත්තාවට වෙනකන්ම කාපු එකනේ...කේන්ති ගියහම හොඳට කන්න පුළුවන් කියලා හියුන් කියන කතාව ඇත්තද කොහෙද ?
අඩේහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා ජංකුක්ගේ එක ටැබ්ලට් එකක් ඉවරයි . එන ගමන් ෆාමසියට යන්න හිටියේ තව ටිකෙන් ඒකත් අමතක වෙනවා...
මොකද අප්පා මහ රෑ වෙලත් පාර දෙපැත්තේ මෙච්චර වාහන . මේ මිනිස්සුන්ට රෑට ගෙවල් වල ඉන්න බැරිද මංදා . ඇති යන්තම් කොහොම හරි වාහනේ යන්තම් පාක් කරගන්න ඉඩක් හම්බුනා .
කොහෙද යන්නේ...
අයිශ්...මං හිතුවේ නැහැ ඇහැරෙයි කියලා...
මං ෆාමසියට ගිහින් ටක් ගාලා එන්නම් ඔයා ඉන්න...
හුම් ඉක්මනට එන්න...
කම්මැළි බනියා ස්ලීපි වොයිස් එකෙන්ම මුමුණලා ආයේ ඇස් පියාගනිද්දී ඇත්තමයි මට හපලා හපලා දාන්න හිතෙනවා මේකව...
**
මේක ඇතුළේ ඉන්න සෙනඟ පුහ්...
බර හුස්මක් පහත හෙළපු ටේහ්‍යුන්ග් කලිසම් සාක්කුවට අත් දෙකට අත් දෙක ඔබාගෙන දිගම දිග පෝළිමේ ඉදගෙන කවුන්ටර් එකේ නූනා දිහා බලාගෙන අනිමිස ලෝචනයේ යෙදෙන්න ගත්තා...
Prozac 60mg කාඩ් එකක්
Damn මෙන්න ඒ පාර වහිනවා...වැහි වළාකුළක් වත් පේන්න තිබුනෙ නෑනේ...මෙහෙම එක පාරට කඩා හැළෙන එක හරිද මං අහන්නේ... හරි ඉතින් මගෙන් අහන්නෙපා දැන් රෑට වැහි වළාකළු හොයන්න මට නයිට් විශන් තියෙනවද කියලා...දැන් පලයන්කෝ ඉතින් තෙමි තෙමිම කාර් එකට...