Chapter 10.

286 44 21
                                    

ඩොක්ටර් මට එයාව බලන්න පුලුවන්ද ?

අනේ ළමයෝ මම කිව්වනේ ඔපරේශන් එකට තව වෙලා යනවා...ඔයා ගෙදර ගිහින් එන්න උදේ ඉදන්ම මෙතනනේ

ඔපරේශන් රූම් එකෙන් එළියට ආව වයසක ඩොක්ටර් කෙනෙක් ජංකුක්ගේ පිටට තට්ටුවක් දාගෙන එහෙම කියාගෙන ගියා .

මෙයාලා ඔහොම සැහැල්ලුවෙන් කතා කළාට ඒ ඉන්නේ මගෙ අම්මනේ...පුතෙක්ගේ ලෝකේ පළවෙනි ආදරය අම්මයි කියන මෙච්චර කාලෙකට මට නොදැනුන ඒ දේ අද මට තදින්ම දැනෙනවා . මේ ඔපරේශන් එකෙන් පස්සේ හැමදේම හරියයි නේද ? මගේ අම්මා එයාට ආයෙත් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුලුවන් වෙයි . My queen...අප්පා ඔයා බලාගෙන නේද ඉන්නේ...මං දන්නවා ඔයත් අද ඉන්න තැනක ඉදන් සතුටු වෙනවා ඇති . ඔයා අපිව දාලා ගිය දවසේ ඉදන් ඔයාගේ කුකීට තිබුන ලොකුම හීනය , ලොකුම බලාපොරොත්තුව අද හැබෑ වෙන්නයි යන්නේ...සතුටුයි නේද අප්පා...මටත් එහෙමයි ...

හොස්පිට්ල් එකේ බංකුවක් උඩ ඉදන් ඉන්න මට තනියම හිනා යනවා දකින මිනිස්සු හිතනවා ඇති පිස්සු කියලා...

📞📞📞phone ring

අර්හ්...මොකාද ඒ පාර

ම්...මේ දවස් වල මට නිතරම වගේ එන කෝල් එකක්..

ඕ කියන්න ඇයි ?

ඔව් හොස්පිට්ල් එකේ තමයි

නෑ නෑ තාම ඉවර නෑ

නෑ තව ටිකකින් යනවා...

හනේ හනේ ජංකුක් අම්මට හොඳ වෙනකොට උඹව දාන්න වෙයි වෝර්ඩ් එකට ඔහොම නොකා නොබී හිටියොත්.

යකෝ මේ මොකක්ද මේ වුණේ...මේ දැන් කෝල් එකක් අරන් සෝල් වල ඉන්නේ කියපු එකා මෙන්න මගේ ඇස් දෙක ඉස්සරහ .

ඔයා මෙහෙ ?

ඔව් ඇයි ?

ඇයි මෙහෙට ආවේ ?

ඇයි මට මෙහෙ තහනම්ද නෑනේ මේක හොස්පිට්ල් එකක් .

නෑ නෑ ඔයාට තහනම් නෑ තමයි ඒත් මේ දැන් කිව්වා නේද තවුසේ සෝල් ආවා කියලා . එහෙනම් මෙතන ඉන්නේ කිම් ටේහ්‍යුන්ග් මැටි මෝලගේ අවතාරෙද ?

වෙන්නැති නෙහ්

අර්හ්...තමුසේ මට පිස්සු හදෝනවා.

UTOPIA (Tiger lily S2 ) || Tk ||Where stories live. Discover now