බරට දැනුන ඇහිපිහ අමාරුවෙන් දිග හරින්න හදන ජංකුක්ගේ උත්සහය අන්තිමට සාර්ථක වුණා . ජංකුක් ඇසිපිය විවෘත කරලා මොහොතක් වට පිට බැලුවා .
"අර්හ්..."
තාමත් යන්තමට ජංකුක්ගේ පපුව ප්‍රදේශයක් වේදනා දෙනවා . ජංකුක්ගේ කටින් සිහින් කෙදිරි හඩක් පිට වෙද්දී ජංකුක් වේදනා දෙන තැනට අතක් තියාගෙන එතන පිරිමදිමින් ඉන්න අතරෙයි ටේහ්‍යුන්ග් ජංකුක් ඉන්න කාමරේට ආවේ .
"ජංකුක් ඔයා නැගිටලා..."
"අහ්ම්...මට මොකද වුණේ..."
"මං හිතන්නේ ග්‍රෑස්ට්‍රයිටීස් වැඩිවෙලා "
"අහ් ?"
"ඔයා පපුව රිදෙනවා කියලා කිව්වේ එතකොටමයි ෆේන්ට් වුණේ දවසක් ඔෆිස් එකේදිත් ඔහොම වුණා මට මතක විදිහට ."
අඩෝ ඔව්නේ...සැක් හැම පජාත වැඩක්ම වෙන්නේ මූ ඉස්සරහනේ ...එදා හෙනට බිසී දවසක් ඕයි මට කන්න තියා වතුර උගුරක් වත් බොන්න වෙලාවක් තිබුනෙ නෑ . ඔලුව නිකන් කැරකෙන්න වගේ ගත්ත නිසා මං මගේ ටේබල් එකෙන්ම ටිකක් ඔලුව ගහගත්තා . මට මතක නෑ ඕයි ඊට පස්සේ මොකද වුණේ කියලා ඇස් ඇරලා බලද්දී මේ ගෝතයා මගේ ඇස් ඉස්සරහ .
"හ්ම්...වෙන්නැති ."
"හරි දැන් මේ ඩයජීන් එක අරගෙන මේ සුදු කිරි එක බොන්න . ටිකක් රෙස්ට් කරන්නකෝ මම ඔයාට කන්න මොනාහරි ගේන්න්ම් . "
උපදෙස් ගොඩක් දීලා ටේහ්‍යුන්ග් යන්න ගියාට පස්සේ ජංකුක් ඇදෙන් බැහැලා කිරි වීදුරුවත් අතේ තියාගෙන ගියේ පේන්න තිබුන බැල්කනියට .
අනේ මන්දා හෙන අමුත්තක් දැනෙනවා . මේ දේවල් මීට කලින් වෙලා තියනවා වගේ දැනෙනවා . ගෑස් වලට එන දැවිල්ලක් නෙමෙයි මේක . ඉපදිච්ච දවසෙ ඉදන් තියෙන ලෙඩේ ගැන මං දන්නැතුව ඈ . මේක එහෙම එකක් නෙමෙයි පපුව මැද්ද හිරවෙනවා වගේ... ඒක හරි අමාරුයි . හරියට නිකන් කාටවත් කියාගන්න බැරි විදිහේ ලොකු දුකක් හිතේ හිරකරන් ඉන්නකොට වගේ...ඒත් මට දුක හිතෙන දෙයක් වුණේ නෑනේ බන් .
ඔලුව ඇතුළෙ දහසක් දේවල් වැඩ කරද්දී ජංකුක් අතේ තිබුන කිරි වීදුරුව ටිකෙන් ටික හිස් කළා . ජංකුක් ඈතින් පේන චර්ච් එක දිහා මොහොතක් බලන් හිටියා . චර්ච් එකේ වහළට පිටිපස්සෙන් ඉර බැහැගෙන යනවා . බලන්න ඉන්න ආස හිතෙන ඒ ලස්සන දර්ශනය ජංකුක් බලන් ඉදිද්දී ජංකුක්ටත් නොදැනිම ජංකුක්ගේ මුවට ආවේ සිහින් සිනහවක් .