Chapter 26

145 34 9
                                    

"ළඟදිම මැරි කරන හින්දා ඒ සතුටට තනියම පාටි දන්නැති නේ..."

"තනියම නෙමෙයි..."

"එහෙනම් වෙන කවුද ? ඔහ් අනවශ්‍ය ප්‍රශ්නයක්...දැන් ඉතින් තනිකඩ නෑනේ...තනියම ඉන්නේ මොකටද නේද ?"

ඔහ් මයි කියුට් බනී ඕවර් ඇක්ට් කරද්දිත් හරි කියුට්...

දැනටමත් රතු වෙලා ඉන්න ජංකුක්ව තව ටිකක් අවුස්සන්න හිතාගෙන ජංකුක්ගේ කම්මුලකුත් මිරිකන ගමන් ටේහ්‍යුන්ග් එහෙම කියද්දී ටේහ්‍යුන්ගේ බලාපොරොත්තු අති සාර්ථක ලෙස ඉෂ්ඨ වුණා...නපුරු බනීත පිපිරුවා.

"තමුසේ හොඳ සිහියෙන් හිටියා නම් ඇත්තමයි මං කනෙන් ඇදලා එළියට දාන්නේ...තාමත් ඔයාට මගේ ජීවිතේ එක්ක සෙල්ලම් කරන එක නවත්තන්න බැරි වුණා නේද ?"

යොව්...ඇයි සප්තලන් මේ...අහ්ම්...මං ආදරෙයිනේ...මේ එන්න චුට්ටක්...

ටේහ්‍යුන්ග් මත් ගතියෙන්ම ජංකුක්ගේ අතින් ඇදලා ගනිද්දී ජංකුක් බැලැන්ස් නැතුව කෙළින්ම ගිහින් නතර වුණේ ටේහ්‍යුන්ගේ උකුළ උඩ . ජංකුක්ට හෙළවෙන්නවත් බැරි වෙන්න ටේහ්‍යුන්ගේ අත් ජංකුක්ව වෙළාගෙන...ටේහ්‍යුන්ගේ හුස්මත් ජංකුක්ගේ බෙල්ලේ වදිද්දී ඇඟ ඇතුළෙන් එක පාරට කරන්ට් එකක් යනවා වගේ දැනුණත් ජංකුක් එයාව කන්ට්‍රෝල් කරගත්තා . මේ වෙලාවේ ජංකුක්ට කොහෙත්ම ඕන වුණේ නෑ ටේහ්‍යුන්ග්ට කිසිම වෙනසක් පෙන්නන්න...එයාගේ හැඟීම් ටේහ්‍යුන්ග් ඉස්සරහ දිග හරින්න ජංකුක් කොහෙත්ම සූදානම් නෑ...

මාව අතාරින්න මට යන්න දෙන්න ප්ලීස්...

ම්හුක්...යන්න දෙන්නෑ අද නම් නපුරු බනීට හුම්...

තමන්ට තමන්වත් කන්ට්‍රෝල් නෑ...ඔයාට ඔයාව වත් පාලනය කරගන්න බැරි නම් ඔච්චර මත් වුණේ මොකටද ? ඔයා කිසි වගකීමක් නැති පිරිමියෙක් ටේහ්‍යුන්ග්.

ඔම්මා...

අහ් ?

ඔම්මා කෝ...

මං දන්නෑ...

ඔයාව තනියම දාලා කොහෙද ගියේ...

මං බබෙක් නෙමෙයිනේ...අහ් අනික ඔයත් ඔය බේබි කෙනෙක් වගේ හැසිරෙන එක නවත්තගන්න...විකාරයි.

UTOPIA (Tiger lily S2 ) || Tk ||Where stories live. Discover now