ජංකුක්
ම්...
අද ඔයා හරි අමුතුයිනේ...
ඇයි එහෙම කියන්නෙ ?
බලන්නකෝ වෙනදට චැටර් බොක්ස් එකක් වගේ කියවන ඔයා අද ගොඩක් සයිලන්ට්. හේතුව මොකක්ද කූ...අසනීපයක් වත්ද ?
අහ්හ් එහෙම එකක් නැහැ පිස්සු ඔයාට... අනික ඔය වගේ මාව හැමතිස්සෙම ලෙඩක් විදිහට දකින්නම උත්සහ කරන්න එපා හියුන්ග්...
හියුන් මගේ නළල උඩින් තියපු සීතලම සීතල අත අරගෙන මගේ කළව උඩින් තියාගෙන මම කැමතිම pillow එක වුණ එයාගේ පළල් උරහිසකින් ඔලුව තියාගන්න ගමන් මම කිව්වා . මට ඇහුණා හීනියට හිනා වෙනවා. ඉතින් ඇත්තනේ මම කැමති නැහැ මං මුළු හදවතින්ම ආදරේ කරන මනුස්සයා මාව ඒ විදිහට දකිනවට . හරි ඉතින් ටේහ්යුන්ග් මට ආදරේ නෑ කියලා මං කියනවා නෙමෙයි . දෙවියනේ එහෙම හිතුවත් මට පව් පිරෙයි . ආදරේ කියන මාතෘකාව ගැන කතා කරද්දී එයා ඉන්නේ මට වඩා පියවර දහස් ගානක් ඉදිරියෙන්. ඒ වගේම මට කවදාවත් එයාට වගේ ආදරේ කරන්න බෑ කියලත් මං හොඳට දන්නවා. ටේහ්යුන්ග් කියන්නේ පුදුමාකාර මනුස්සයෙක් . මං කරන ඕනම විකාරයක් වචනයක් වත් නොකියා ඉවසන් ඉන්න එයාට පුලුවන් . මටත් වඩා හොඳට මාව තේරෙන එකම පිරිමි ආත්මේ තමයි ටේහ්යුන්ග් කියන්නේ...
ග්රැනී බලන්න යමුද අහපු ගමන් අඩුම ගානේ ඇයි කියලාවත් අහන්නේ නැතුව හා යමු කියලා මෙහෙම ආව එකෙන්ම ඒක තේරෙන්නේ නැද්ද ? අන්තිමට මම මෙතනට ආවේ ටේහ්යුන්ගේ ග්රැනීගේ ෆියුනරල් එක දවසේ...ඒ එනකොට නම් මෙතන කැලෑවට ගිහින් තිබුනේ ඒත් දැන් මෙතන වචන වලින් විස්තර කරන්න බැරි තරම් ලස්සනයි . කැලෑවට ගිහින් තිබුන කොටේජ් හවුස් එක ඒ පරණ පෙනුම ඒ විදිහටම තියෙන්න හරි ලස්සනට රෙපෙයාර් කරලා...මේ දේවල් මෙහෙම කරන්නේ වෙන කවුද ඉතින් මේ මනුස්සයා මිසක්. වත්ත වටේටම අර තැඹිලි පාට මල් . ම්හ්ක් ඒවා දැක්කා කියලා මට දැන් බයක් හිතෙන්නෑ...
හියුන්...
ම්...
අද රෑට අපි මෙහෙ ඉමුකෝ...
ඇයි එතකොට ඔයා ගෙදර යන්නේ නැද්ද ?
අපෝ ඔයාටත් ඕනේ එළවගන්නමයි නේද ? ඇයි වදයක්ද මං ?