"ජංකුකී...ආ මේක බොන්න..."
"මොනවද අනේ ?"
"මේක ඔයාගේ ග්‍රැනීගේ මෙනූ එකක් . එයාගේ ස්පෙශල් සුප් එකක්. ඔයාව හම්බවෙන්න ඉන්නකොට එයා මට හදලා දුන්නෙම මේවා..."
"එව්ව්...ගඳයි නේ අනේ..."
බොන්න කියලා සුප් බෝල් එකෙන් හැන්දක් නහය ළඟට ලං කරත් මොකද ඒකේ ගඳට මට වමනෙටත් ආවා...මොනවා දාලාද අප්පා මෙයා මේවා හදලා තියෙන්නේ...ගුණයි කියලා අපේ එක්කෙනත් මොන ජරාව හදනවද මං දන්නෑ...
"ජංකුක් මේ බබෙක් වෙන්න හදන්නැතුව ඕක බොන්න..."
"අනේ බබියෝ...මං පස්සේ බොන්නම්."
"දැන් බොන්න අනේ...දනන්වද ඕකට දාලා තියෙන දේවල් වලින් බබත් ලස්සන වෙනවා...සජීවී උදාහරණ මගෙ ඇස් පනාපිටම තියනවනේ...බලන්නකෝ ඔයා රූපෙන් අඩුවක් තියෙනවද ? ඔයා චූටි කාලේ ජූන් ඔයාව කාටවත් පෙන්නන්නෑ ඔයාට ඇස් වහ වදී කියලා...ඒ තරම් ලස්සනට හිටියා දැන් හඩ්ඩා වගේ හිටියට..."
"අනේ මේ...අපි කොහොම හිටියත් ලස්සනයි."
"ආ මේක මොකක්ද ? පත්තරේ...ඔයා පත්තර කියවන්න පටන් ගත්තේ කවදා ඉදන්ද අනේ ?"
"ආ...ඔය නිකන් ගත්තේ ගේ ඉස්සරහට ඇවිත් හැමදාම හැරිලා යනවනේ අර පොඩි කොල්ලා...ඒ නිසා පව් කියලා ගත්තේ...ඔයත් නිකන්නේ ඉන්නේ කම්මැළිකම යන්නත් එක්ක කියවන්න..."
"මෙහෙම ඉදලා බෑ අනේ ජොබ් එකක් හොයාගන්න ඕනේ..."
"ජංකුක්...ඔයා ඔය ඇත්තටමද කතා කරන්නේ අහ් ? "
"ඔව්..."
"ඒත් ඔයාගේ සැලරි තාමත් එකවුන්ට් එකට වැටෙනවා..."
"ඔව් මං දැක්කා මැසේජ් එක . ඒත් මට ඒවා ඕනේ නෑ ඔම්මා..."
"ජංකුක්...."
"අනේ ඔය කතාව දැන් නතර කරන්න මගේ ඔලුව රිදෙනවා..."
ඔම්මව මඟ හැරපු ජංකුක් නිව්ස් පේපර් එක අතට ගත්තා ඒත් නිව්ස් පේපර් එකේ මුල් පිටුවෙම හයිලයිට් කරලා තිබුන හෙඩ් ලයින් එක ජංකුක්ගේ හුස්මත් තත්පර දෙක තුනකට නතර කළා...වෙව්ලන අත් දෙකෙන් නිව්ස් පේපර් එක අල්ලන් හිටිය ජංකුක් ඒ නිව්ස් හෙඩ්ලයින් එක දිගේ ඇස් අරන් ගියා...