Chapter 32

132 29 4
                                    

තුන් හතර පාරක්ම දොරේ බෙල් එක වැදුණ නිසා මම ම දොර අන්ලොක් කරන්න ගියා...හියුන් උඩ නිසා එයාට බෙල් එක ඇහෙන්නේ නැතුව ඇති සමහරවිට. මේ වෙලාවේ කවුද අප්පා...හියුන් මොනාහරි ඕඩර් කරලාවත්ද දන්නෑ...එයාට තියෙනවනේ දකින දකින එක ඕඩර් කරන පිස්සුවක්...ගොඩක්ම බේබි ටෝයිස්...පොඩි බබෙක් වගේ හරියට...දැනටමත් කාමරයක පැත්තක්ම එයා ගේන සෙල්ලම් බඩු ගොඩ ගහලා..මට විශ්වාසයි මටත් වඩා එයා බෙයාට හොඳ ඩැඩා කෙනෙක් වෙයි.

ජංකුක් කිචන් එකේ ඉදන් දොර පැත්තට ඇවිදන් ගිහින් ලොක් කරලා තිබුණ දොර අන්ලොක් කළා. හැබැයි ජංකුක්ගේ ඇස් ඉස්සරහ මේ විදිහට හිටගෙන හිටියේ ජංකුක් මේ මොහොතේ කොහෙත්ම බලාපොරොත්තු නොවුණ කෙනෙක්.

ඔයා...මෙහෙ ?

ජංකුක් ඒ ඇවිත් හිටිය කෙනාට ඇතුළට එන්න කියලා කතා කරන්නේ වත් නැතුව කෙලින්ම ගියේ එයාගේ කාමරයට.

අර්හ් ජංකුක් !

ජංකුක් ඒ යද්දිත් ටේහ්‍යුන්ග් ජංකුක් ඇදලා දාපු රෙදි ගොඩ අස් කරන ගමන් හිටියේ.

කිචන් එකේ කෑමක් තිබුණා කෑවද ?

ජංකුක්...

මොකද මේ ?

කාමරය ආව ගමන් ඇඳ උඩ ඉදගත්ත ජංකුක් අමුතු විදිහට වෙව්ලනවා දැකලයි ටේහ්‍යුන්ග් මෙහෙම ඇහුවේ...හොඳට හිටිය එයාට එක පාරට මොකද වුණේ කියන්න ටේහ්‍යුන්ග්ටත් ගැටළුවක්.

ඇයි ?

ටේහ්‍යුන්ග් කර කර හිටිය වැඩේ පැත්තකින් දාලා ඇවිත් ජංකුක් ළඟින් වාඩි වුණා...

ඔයාව හම්බවෙන්න කෙනෙක් ඇවිත්

මාව

හ්ම්

කවුද හොබීද ?

නෑ

එහෙනම් ?

ගිහින් බලන්න...

නළලත් රැළි කරලා අමුතු විදිහට ජංකුක් දිහා බලපු ටේහ්‍යුන්ග් පහළට ගියා...ටේහ්‍යුන්ග්ට දැනුණා ජංකුක්ගේ හැසිරීමේ අමුත්තක්.

ටේහ්‍යුන්ග් මං

God හියුන් ඔයාද ?

ඔව් කුකී මොකද කියන්නේ ඔයා එක්ක රණ්ඩු කළාද ?

UTOPIA (Tiger lily S2 ) || Tk ||Where stories live. Discover now