Chapter 14.

220 44 15
                                    

ඇයි දැන් මාව එක්කන් යන්න බැරි ? තවුසේ මහා ලොකුවට බබීට කිව්වේ නම් කොහොමද ආන්ටි ගිහින් එන්න ආන්ටි ජංකුක්ව මං බලාගන්නම්...

ඔය බලාගන්න හැටිද තවුසේ...

අර්හ්..කිම් ටේහ්‍යුන්ග් යන තැනක මාවත් එක්කන් පල...

අනික අමතක කරන්නෙපා මං දැන් ඔෆිස් ආවේ නැතිවුනාට මං තාමත් තවුසෙගේ පර්සනල් මැනේජර්...ඉතින් තවුසේ යන තැන් වලට යන්න මට ඔෆීශියලි අයිතියක් තියෙනවා...

මං දන්නවා මං දන්නවා තමුසේ යන්නේ හොටෙල් එකට කිව්වනේ...අර නැට්ටිච්චියෝ ටිකත් ඉන්නවනේ ඉතින් තවුසෙට හුරතල් වෙන්න...අනේ මට මොකෝ...යනවා ඕන දීපංකරේක යනවා...මට මොකෝ තවුසේ කොහේ ගියාම...

අනේ දෙයියනේ ඔය කියවිල්ල දැන් වත් නවත්ත ගන්නවකෝ ජංකුක් ! එපා වෙනවනේ මගුල...

මේ තරම් වෙලා ජංකුක්ගේ නන්ස්ටොප් එක අහං හිටිය ටේහ්‍යුන්ග් බැරිම තැන එහෙම කිව්වේ දැන් පැය ගානක් තිස්සේ ජංකුක් කැඩිච්ච රේඩියෝ එකක් වගේ කියවන නිසා .

හැබැයි සිද්ද වුණේ ටේහ්‍යුන්ග් කිසි සේත්ම නොහිතපු දෙයක්...මේ තරම් වෙලා රටේ නැති දේවල් කිය කිය ටේහ්‍යුන්ග්ට බැන බැන හිටිය ජංකුක් එක පාරටම නිශ්ශබ්ද වුණා . ජංකුක්ගේ මූණත් එක්ක අඳුරු වුණා.

දැන් ඔයාටත් එතකොට එපා වුණාද ටේහ්‍යුන්ග්.

ජංකුක් ? ජංකුක් කොහෙද දැන් ඔය යන්නේ ඔහොම ඉන්න...

Taehyung's pov

අයිශ් damn ! කොහොමද මං අමතක කළේ මං මේ ගණුදෙනු කරන්නේ කොහොම හිතක් එක්කද කියලා....දෙවියනේ ඒ හිත පොඩ්ඩ ඇත්තම් වෙනස් වෙන්න පුලුවන් හිතක් . මං මෙහෙම කියන්න කැමති නැහැ ඒත් එයා ඉන්නේ අසනීපෙන්...මේ හොඳට ඉන්නවා මේ වෙනස් වෙනවා...මං කොහොම මෝඩයෙක්ද මංදා දැන දැනම ඒ හිතම මං රිද්දනවා .

බලන්න ඉතින් බැල්කනියට ගිහින් අහස දිහා බලන් ඉන්නවා...මෙහෙම වෙලාවට තමයි මට දරාගන්න අමාරුම . මොකද මං දන්නවා මේ ඉන්නේ ඇත්තටම එයා නෙමෙයි කියලා . මගේ ඒන්ජල් මෙහෙම මූඩ් ගහලා ඔහේ මුල්ලකට වෙලා ඉන්න කැමති කොල්ලෙක් නෙමෙයි . දැන් දැක්කනේ ටිකකට කලින් ...අන්න ඒ මං දන්න මං ආදරේ කරන ජංකුක් . මේ දැන් මට පිටුපාලා ඉන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් මනුස්සයෙක් . මට තාමත් තේරුම්ගන්න බැහැ ජංකුක්ට මෙහෙම දෙයක් කොහොම වුණාද කියලා...සමහර වෙලාවට වරද මගෙ අතේද කියලත් හිතෙනවා...කොහොමහරි මට මගේ කලින් හිටිය බෙලෙක් කටු මල්ල ඉක්මනට ආයේ ඕනේ...හියුන් මට පොරොන්දු වුණා...ටික කාලයක් ඉවසන්න ඒන්ජල් මේ හැමදේම ඉක්මනට හරියාවී...

UTOPIA (Tiger lily S2 ) || Tk ||Where stories live. Discover now