Chapter 17

235 37 8
                                    

අර්හ්...එහාට යනවා...ඔය එළියත් අරන් යනවා...

මේ මඟුල් ඉර මොනා නැතත් වෙලාවට වැඩ . තව පැයක් පරක්කු වෙයන්...අකුරට වැඩ කරන්නෙපා බන් එපා වෙනවනේ...බබියට කෝල් කර්න්නත් එපෑ ඉතින් දැන් නැත්තම් ඉතින් දවසම මැඩම් නෝ කතා නෝ සිනා තමයි...

අහ්හ්...ෆෝන් එක අතට ගන්න ඇඳෙන් බහින්න ගියත් මොකද ආයෙත් ඇඳේම පෙරළුනේ ඉණෙන් පහළ යකඩෙකින් තලලා වගේ රිදෙන්න ගත්ත නිසා...කොන්ද නිකන් කැඩිලා වගේ රිදෙනවා ඕයි...අඩේහ් සිටිමි මම නිරුවතින් . එලෙස කෙලෙස ? ඔහ් ශිට් ! ඊයේ හනිමූන් එකනේ හැලේගෙයි මගෙයි . ඒත් කෝ මූ...ඊයේ පුලුවන් තරම් වඳ දීලා...කෝ යකෝ දැන්...නැගිටිද්දී තිබුන හොඳ මූඩ් එක ඔන්න ඉතින් කනවා . ඊයේ රෑ මං ඇස් පියාගත්තේ අත උදේ ඇස් අරිනකොට මුලින්ම ඒ කහපාට ඇස් දකින්න ඕනේ කියලා හිතේ තිබුණ පුංචි බලාපොරොත්තුවක් එක්කමයි ...ඒත් බලනවා ඉතින්...අනේ බං ආදරේ කරන්න ගත්ත පළවෙනි දවසෙම ඒ හැඟීම අස්සට කළු පැල්ලම් ඔබන්න හදන්න එපා...

ඇදුමක් හොයන්න මූඩ් එකක් තිබුනෙ නැහැ . ඇඳ උඩ තිබුන ටේහ්‍යුන්ගේ ලොකු ශර්ට් එකක් අරන් ඇඟට දාගෙන මං ඇඳෙන් බැස්සා . තමුසේ කොහෙද ගියේ ටේහ්‍යුන්ග් . මට මේ වෙලාවේ මහ දරුණු විදිහට ඒකගේ සීතල පපුව අස්සේ ගුලි වෙන්න උවමනාවක් ආවා...

හියුන්...

බාත්ටබ් එකට වතුර පුරව පුරව හිටිය මනුස්සයා දැක්ක ගමන් මට මොනවා වුණාද මට වත් හිතාගන්න බැරි වුණා...හරියට ඇවිද ගන්න වත් බැරුව හිටිය මම අඩි දෙක තුනට ගිහින් නැවතුනේ ඒ මනුස්සයගේ පපුව අස්සේ...මට ඇයි කියන්න තේරුනේ නෑ...ඒත් මං දැන් හේතුවක් නැතුවම ඒ මනුස්සයගේ සීතල පපුව මගේ ඇස්වලින් ගලන එක උණුසුම් දිරයකින් තෙමනවා .

ජංකුක් ඇයි ?

කොහෙද ගියේ මාව දාලා...

මං මේ_හරි හරි අඩන්නෙපා ම්...මං ඔයාව තනි කරන්නෑ මැණික කවදාවත්.

' මැණික' ඒ වචනේ හරි බරයි . ඊයෙත් මට මේ වචනේ දෙතුන් වතාවක්ම ඇහුණා . ඒ වචනේ ටේහ්‍යුන්ගේ කටින් පිටවෙන ඕනෙම වෙලාවක මගේ පපුව අස්සෙන් මහ අමුතු විදිහට ඇඳුම් කන්න ගන්නවා .

UTOPIA (Tiger lily S2 ) || Tk ||Where stories live. Discover now