🔞 පස්සේ කිව්වේ නෑ කියන්නෙපා ඈ 😼
සෑහෙන්න කාලෙකට පස්සේ මට දැනෙනවා මාර සනීප හැඟීමක්...ඒක හරියට ඔලුව උඩ තියපු ලොකු බරක් පැත්තකින් තිබ්බා වගේ...නැත්තම් කර වෙන්නම පායලා පායලා මුලින්ම වහින වැස්සට දැනෙන ඒ අලුත් හැඟීම අලුත් සුවඳ වගේ...මේ ඕනම එකක් වගේ...මේ සීතල පපුව අස්සෙන් දැනෙන වෙනදට නොදැනෙන සනීප උණුසුමත් එක්ක මේ ආඩම්බර පිරිමි ආත්මේ අස්සේ කොහේ හරි තැනක මාවත් නිකන් මං මුලා වෙලා වගේ...වෙනදට නැති රිද්මෙකින් මේ මනුස්සයගේ පපුව ගැහෙන සද්දෙට මගේ කණුත් යන්තමට අගුළු වැටිලා .
මේ යකා පිස්සෙක්...හයි ස්කූල් එකේ ඉදන්ම මේ වෙනකන්ම මේ දේ හිතේ හිරකරන් ඉදලා . මේ වගේ ලොකු දෙයක් අද නොවුණා නම් මේ විදිහට දිගටම කටවහන් ඉදියි . මම බැඳීම් ඇති කරගන්න බය වෙද්දී මේ මනුස්සයා බැඳීම් නැති වෙනවට බයයි . මට තාමත් ටේහ්යුන්ග් කියපු දේවල් විශ්වාස කරන්න බැහැ . දෙවියනේ අවුරුදු දහයකටත් වඩා බලන් ඉදලා ...ඒකත් මේ මං වගේ එකෙක් වෙනුවෙන් . මං කියන්නේ ඒ තරම් කාලයක් බලන් ඉන්න තරම් වටිනවද මම ? ඔයා වගේ කෙනෙක් එච්චර කල් මං වෙනුවෙන් බලන් ඉන්න ...මට ඒ තරම් ලොකු වටිනාකමක් දෙන්න මම සුදුසුයිද ටේහ්යුන්ග් ?
කුක්...මොකද මෙච්චර තදට බදන් ඉන්නේ මං ඔයාව දාලා කොහෙවත් යන්නේ නෑ ළමයෝ...
යන්න දෙන්නෙත් නෑ. දැන් මගේනේ හුම්...
නැහැ , උඹයි මගේ...
කවුරුහරි කාගෙහරි...
පොඩ්ඩක් ඉන්න මං ඔයාට දෙයක් පෙන්නන්නද ? බලනවකෝ අඳුරගන්න පුලුවන්ද කියලා..
මොකක්ද ?
මම පුදුමෙන් අහද්දී හරි සීතල විදිහට හිනා වුණ මේ හාදයා ඇඳෙන් බැහැලා ගියේ ක්ලොසට් එක ළඟට . ඒ ගිහින් විනාඩියක් දෙකක් විතර මුළු ක්ලොසට් එකම පීරලා මොකක්ද මන්දා රෙදි කෑල්ලක් අතට ගුලි කරගෙන ආවා .
මතකද මේක ?
ඒක පුංචි ලේන්සුවක්නේ...පොඩ්ඩක් ඉන්න මේක මේ...ඔව් යකෝ...මේක මගේ එකක්නේ මේ තියෙන්නේ Jk අකුරු දෙක උඩ කෙළවරේ . ස්කෝලේ යන කාලේ බබී මගේ මේස් වලයි ලේන්සු වලයි මගේ නමේ අකුරු දෙකක් මහනවා මං හැමතිස්සෙම ඒවා නැති කරගන්නවා කියලා . ඒත් මේක කොහොමද ටේහ්යුන්ගේ අතට ආවේ ? අනික මෙච්චර කාලයක් මේක ළඟ තියාගෙන වෙන්න පුලුවන් දෙයක්ද මේ ?