ටේහ්‍යුන්ග් මං_ ඔහ් සොරී...
ගැහැණු කෙනෙක්ගේ කටහඩක්...ජංකුක් ටේහ්‍යුන්ගේ පපුවෙන් ඉක්මනට ඈත් වුණේ ඒ එයා හිතපු කෙනාමද බලන්න...
ඔව් ඒ එයාම තමයි එදා කොෆි ශොප් එකේදි ටේහ්‍යුන්ග් එක්ක හිටියේ ඒ එයාමයි.
Flash Back
එදා ජංකුක් ඩොක්ටර් හම්බුවෙන්න ගිය දවසක් . එද්දි හවස් වුණ නිසා ජංකුක් ඔම්මා එක්ක කොෆී ශොප් එකකට යන්නේ ඇඟටත් මහන්සියක් වගේ ආව නිසා . ඒත් කොෆි ශොප් එකේදී ජංකුක් අහම්බෙන් දැක්කේ එයා කොහෙත්ම මෙහෙම තත්වෙක ඉදිද්දී ජංකුක් නොදැකිය යුතු දෙයක් .
ජංකුක් හිටිය ටේබල් එකටම එහා පැත්තේ එකේ හිටියේ ටේහ්‍යුන්ග් . ඔම්මා ඉදගෙන හිටපු විදිහට ඔම්මට නොපෙනුනත් ජංකුක්ට හොඳට පෙනුනා. ටේහ්‍යුන්ග් හිටියේ තනියම නම් කමක් නෑ, වෙන කා එක්ක හිටියත් කමක් නෑ ඒත් එයා ඒ විදිහට හිනාවෙවී කතා කරමින් හිටියේ මේ දවස් වල රටේ උණුසුම්ම මාතෘකාවක් වුණ ටේහ්‍යුන්ගේ fiancee එක්ක . සෝශල් මීඩියා වල ඒ දෙන්නා තැන් තැන් වල ගිය පොටෝස් සෑහෙන්න වයිරල් වෙලා තිබුනත් ඇස් දෙකෙන්ම දකිනකන් ජංකුක්ට ඒවා විශ්වාස කරන්න ඕන වුණේ නෑ...ඒත් දැන් ? තවත් සාක්ශි ඕනෙද ? ඒ දේවල් ඇත්ත කියලා දැන් ජංකුක්ට අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනවා. මේ හැමදේම වෙනස් වුණේ එදා ඉදන්...ටේහ්‍යුන්ග් ජංකුගේ ගෙදර ඇවිත් ඩ්‍රින්ක්ස් අරන් වගේ බොරුවට රඟ පෑවට පහුවදා ඉදන්.
ජංකුක්ට ඇහුණෙ නෑ ඒ දෙන්නා මොනවා කතා කළාද කියලා...ඒත් ඒ දෙන්නා සතුටින් ටේහ්‍යුන්ග් හිනාවෙන විදිහෙන්ම ජංකුක්ට කියන්න පුලුවන් වුණා ඒ දෙන්නා හුඟක් සතුටින්.
ඔම්මා මෙතන හරි යන්නෑ අපි වෙන තැනකට යමු.
Flash Back end !
ජංකුක්ට මොකක් කරන්නද මොනා කියන්නද කියලා හිතාගන්න බැරි වුණා...ජංකුක් ඉක්මනටම ටේහ්‍යුන්ගේ ළඟින් ඈතට අඩි දෙක තුනක් පස්සට ගියා...එතකොටයි ජංකුක්ගේ දැක්කේ ටේහ්‍යුන්ගේ fiancee නැත්තම් එමීගේ අතේ තිබුන පාස්පෝර්ට් දෙක වගේම එයාර් ටිකට්ස් !
පාස්පෝර්ට් ? ටේහ්‍යුන්ග් මේවා_
ඇත්තටම ජංකුක්ට එතනින් එහාට වචන ගලපන්න හම්බුනේ නෑ...තද හිසරදයක් ජංකුක්ට දැනෙද්දී එක පාරට එයාගේ වටේට ඝණ අන්ධකාරයක් පැතිරුණා...ජංකුක්ගේ ඇස් පිය වෙන්න ගිය අන්තිම තත්පරේම ටේහ්‍යුන්ග් ක්‍රියාත්මක නොවෙන්න ජංකුක්ට වගේම ජංකුක් එක්ක හුස්ම ගන්න පුංචි පැටියටත් ලොකු අනතුරක් වෙන්න තිබුනා...