කවුද කතා කළේ ජංකුක් ?
පො_පොලිස්
මොකටද ?
දන්නෑ ටිකකට එන්න පුලුවන්ද ඇහුවා දැන් ?
හරි ඉතින් අපි ගිහින් බලමු...මොකද දැන් මේ බය වෙලා වගේ ?
බය වෙලා වගේ නෙමෙයි බය වෙලා තමයි මනුස්සයෝ...එක පාරටම පොලීසියට එන්න කියනවද හේතුවක් නැතුව . අනික පාටි දාන්න එන්න කියන්නෑනේ මොකක් හරි කොස්සක් තමයි . ටේහ්යුන්ග්ට නම් ගානක් නැති පාටයි . ඔව් ඉතින් එයාට ගනන් ගන්න දෙයක් වුණේ නෑනේ...මටනේ කතා කරලා එන්න කිව්වේ .
මොකටද දන්නෑ එන්න කිව්වේ එකපාරට . මට බයයි .
බය වෙන්නෙපා ඉතින් බය වෙන්න ඔයා මොකක් හරි වැරැද්දක් කරලා නෑනේ ජංකුක් .
නෑ ඒ වුණාට ඉතින් ?
බය නොවී ඉදපන්කෝ...හරි දැන් චේන්ජ් කරන් එනවකෝ ගිහින්ම බලමු අපි මොකක්ද අවුල කියලා...
අර්හ්...මේකා මෙච්චර සැහැල්ලුවෙන් කතා කරන්නේ කොහොමද ?
ඒයි මට තවුසෙගෙ ටෝන් එක එච්චර අල්ලන්නෑ ...
අනේ මේ රහස් පරීක්ෂක නොවී ඇඳුමක් දාන් එනවා ගිහින් .
මොකක් හරි මං නොදන්න දෙයක් මගෙ වටේට සිද්ද වෙනවා කියලා ඇයි මට දැනෙන්නේ...අනික ටේහ්යුන්ග්ට මේ කෝල් එක ගැන වගක්වත් නෑ ...මං මේ පණ බයේ නහිනවා . යමක් සිදුවෙලා වගේ...අඩෝහ් මාව ප්රිසන් එකට දායිද දන්නෑ නේ ...අනේ ඊරස් දෙවියනේ ඇල් වතුරත් නිවලා බොන මගෙන් කුරා කූඹියෙකුටවත් මේ තරම් කාලෙකට වරදක් වෙලා නෑ...ඊරස් දෙවියනේ ඔබතුමාගේ දුනු හීසර වල පිහිට මට ලබාදෙන්න ඒස් වාහ් පුහ් පුහ් ..
මං දන්නවා තොපි මට හිනා වෙනවා නේද ? උඹලා මේ තිස්තුන්කෝටියක් දෙවි දේවතාවෝ ඇඳහෙව්වට මං නම් බොක්කෙන්ම අඳහන්නේ මල්සරා උතුමාණන් තමයි . කෝ ඉතින් මට කෙළ වෙලා නෑනේ...අන්තිමට කෝම හරි දෙයියෙක් වගේ කොල්ලෙකුත් හම්බුනානේ...අනේ මකෙ කුචු කුචු සොෆ්ට් පැටියා ම්...
ජංකුක් තාම රෙඩි නැද්ද ?
ඔක්කොමත් හරි මේකා මේ ඔන් ටයිම් වැඩ කරන එකනේ අල්ලන් නැත්තේ...රූල්ස් නම් රූල්ස් බෝයිපෙන් උනා කියලා මට ඒවා ලිහිල් කරන්නෑලු . හරිම අසාදාරණ ලෝකයක් ඕයි මේක