Chapter 23

154 33 1
                                    

පිස්සු පගයෙක් නොවී යමන් දැන් ගෙදර...

උඹ පලයන් යන්න...ඒ ගෙයක් නෙමෙයි අපායක්...

ඔව් ඔව් අපායක් නම් තමයි . අරකා නැතුව තාම මාසයක් වත් නෑ ඒ ටිකට ජංකුකා පිළිවෙලට තියන් හිටිය ගේ තෝ අපායක් කරලා තමයි.

අදත් පුරුදු විදිහටම ක්ලබ් එකේ ඉදන් මෙලෝ සිහියක් නැතුව වෙරි මරගාතේ කියවන ටේහ්‍යුන්ග්ව ගෙදරට ඇරලවන වැඩේ යුන්ගිට කරන්න සිද්ද වුණා. ජංකුක් යන්න ගියත් හරි ටේහ්‍යුන්ග් පුදුම විදිහට වෙනස් වුණා...කිසිම කෙනෙක් කියන කිසිම දෙයකට ඇහුම්කන් නොදීපු ටේහ්‍යුන්ග් සෑහෙන්න මුරණ්ඩු චරිතයක් වුණා...ටේහ්‍යුන්ග් වැඩිපුරම කාලේ ගත කළේ ක්ලබ් වලම තමයි . ඔෆිස් එක පැත්ත පලාතේ යන්නෙ නෑ බිස්නස් ගැන කිසි ගානක් නෑ...කොටින්ම එයාට එයාගේ ජීවිතේ ගැන වත් වටිනාකමක් නෑ...

අවුරුදු දහයක් කියන්නේ පොඩි කාලයක්ද යුන්ගියා...එච්චර කාලයක් බලන් ඉදලා යන්තම් මට ඒකව මගේ කරගන්න පුලුවන් වුණාට ඇයි බන් මට එයාව රදවගන්න බැරි වුණේ...මං මොන වරදක් කළාටද යකෝ මටම මෙහෙම වෙන්නේ...මං හරි ආදරෙයිනේ බන් ඒකට...මට ඒකා නැතුව බෑ ඕයි මඟුල...මමමයි යන්න කිව්වේ ආයේ ඉක්මනට එයි කියලා හිතලා ඒත් කෝ බන් ?

වාහනේ යන ගමන් ටේහ්‍යුන්ග් ඔහේ වෙරිමරගාතේ කියෝනවා...යුන්ගිට නම් දැන් ටේහ්‍යුන්ග් මේ රෝල් කරන එකම පටිය අහලම හොඳටම හුරුයි.

ටේහ්‍යුන්ගේ අපාර්ට්මන්ට් එක ඉස්සරහ යුන්ගි කාර් එක පාර්ක් කරලා ටේහ්‍යුන්ග්වත් අරන් ටේහ්‍යුන්ගේ අපිළිවෙල කාමරේට ආවා.

බීලා බීලා මැරිය...උඹ නම් මල වාතයක් ඕයි...බලපන් මේ කාමරේ හැටි පෙරේත ගුහාවක් වගේ...

ඕනම දේක ලිමිට් එකක් තියාගනින් ටේහ්‍යුන්ග්...උඹ මෙතන මැරෙන්න ගියාට ඌට නම් වගක්වත් නැතුව ඇති...අඩුම ගානේ උඹ උන්නද මලාද කියලාවත් ඌ හොයලා බලනවද නෑනේ...උඹ තමයි මෙතන පිස්සෝත්තෙක් වගේ පිස්සුම කෙලින්නේ...ඇත්තමයි තොට දෙකක් තුනක් අනින්න ඇත්තම් මට.

කටවහපන්...මගේ ඒනජල්ට වචනයක් වත් කියන්නෙපා...එයා එයි...එයා ඉක්මනට එයි...

UTOPIA (Tiger lily S2 ) || Tk ||Where stories live. Discover now