ජංකුක් උදේම නැගිටලා ලෝකේ ගැටගහන්න වගේ බර කල්පනාවක...ඇත්තටම එයා ඔහොම ඉන්න එක පුදුමයක් නෙමෙයිනේ...අද ටේහ්‍යුන්ගේ වෙඩින් එක...ඉතින් ජංකුක්ට දවසක්ම උනත් කල්පනා කර කර ඉන්න ගොඩක් දේවල් තිබුනා...
කුකී මොනවද ළමයෝ ඔතනට වෙලා කල්පනා කරන්නේ...එන්න බ්‍රෙක්ෆස්ට් ගන්න...
ඔම්මගේ කටහඬ ඇහුණත් ජංකුක් ඇහුණෙ නැති ගානට තාමත් ඔම්මගේ ටියුලිප් පඳුර දිහා බලාගෙන.
කුකී...මේ අහන්නකෝ මට ඔයාව තේරෙනෙවා ඒත් මෙහෙම නොකා නොබී ඉන්න එක හොඳ නෑනේ...එතකොට මේ අහිංසකයට මොකද වෙන්නේ ?
කෑම ප්ලේට් එකකුත් අරන් ආව ඔම්මා ජංකුක්ගේ උදරයට උඩින් අතක් තියාගෙන කතා කරද්දී ජංකුක්ගේ ඇසුත් නිකන්ම ඔම්මගේ අත ළඟට ගමන් කළා...ලොකුවට නැතත් දැන් එයාගේ ප්ලැට් බණ්ඩිය දැන් නම් චුට්ටක් පිම්බිලා...
මෙයා නිසා තමයි මං මෙහෙම හරි හුස්ම ගන්නේ...ඔම්මා තව ටික දවසකින් මේක අපිට හංගන් ඉන්න බැරි වෙයි. ඊට පස්සේ අපි මොකද කරන්නේ...මිනිස්සු අපිට හිනාවෙයි. කරදර කරයි නේද ?
කුකී...ඉස්සරහට එන දේවල් ආවහම බලමුකෝ. දැන් මුලින්ම කාලා ඉමු. මේ...මං ඔයා ආසම දේවල් හැදුවේ අද. ඉන්නකෝ මං ම කවන්නම්.
God මෙච්චර ජාති මොකටද අනේ බ්‍රෙක්ෆස්ට් එකකට.
ඔයා හොඳට බඩ පිරෙන්න කන්න ඕනේ ඒකයි...ආ කියවන්නැතුව කන්න...
ඔයා අද හරි අමුතුයි අනේ...
වෙනදට වඩා ඔම්මා එයාව වැඩිපුර කෙයාර් කරන්නෙ මොකද කියලා හිත හිතම ජංකුක් බ්‍රෙක්ෆස්ට් ගත්තා. සමහරවිට ජංකුක්ගේ මූඩ් අද හොඳ නැහැ කියලා ඔම්මා දන්නවා ඇති. එයාලට තමන්ගේ දරුවා හැරෙනකොට කියන්න පුලුවන්නේ මූ එන්නේ මොකාටද කියලා...
වාහනයක් නේද ?
ජංකුක්ලගෙ ඕපන් කරලා තිබුන ගේට් එකෙන් එළියෙ පේන වාහනේ දිහා බලන් ජංකුක් ඇහුවේ ඔම්මගෙන්.
මං බලන්නම් ඔයා ඉන්න...
ජංකුක්ගේ ඔම්මා ගේට් එක ළඟට ගියේ ආවේ කවුද කියලා බලන්න. ඇත්තටම මේ වෙලාවේ කවුද ? ජංකුක්ගේ හිතෙත් වැඩ කළේ ඒක...