විනාඩි ගානකට මට හරිම සුවදායක හැඟීමක් දැනුනා...හරියට නිකන් නිදහසේ වළාකුළු නැති නිල් අහසක පාවෙනවා වගේ...මගේ මුළු ඇඟම නිකන් පුළුන් වගේ සැහැල්ලු වෙලා තිබුනා...වැදගත්ම දේ අර කරුම ඔලුවේ කැක්කුම නැත්තටම නැතිවෙලා තිබුනා...සියල්ල අහිමිව ගිය තැන ඉතුරු වෙන්නේ දුකක් විතරයි කිව්වට සියලු දේ අත් හැරපු තැන ඉතුරු වෙන සතුට ගැන ඇයි මම ම අත් විදිනකන් කවුරුත් මට නොකිව්වේ...
කුකී...කුකී...නැගිටින්න රත්තරං...ඇයි මට මෙහෙම ගින්දර දෙන්නේ...
මට කන්පෙති වල දැවටුනේ විලාපයක්. අදෝනාවක්...ඒ මේ ලෝකෙන් මම කැමතිම , මම වැඩියෙන්ම ආදරේ කරන කෙනාගේ කටහඩ වීම වේදනාවක්...විනාඩි ගානකට මට දැනුන ඒ සුවදායක හැගීම මගෙන් ටික ටික ඈතට යනවා මට දැනුනා..ඒත් එක්කම වගේ මොකක් හරි දියරයක් නිසා මගේ පපුව තෙත් වෙනවා මට දැනුනා...මොනවද ඒ ? මට බලන්න ඕනේ...මගේම ඇස් පිහාටු නිකන් එකිනෙක අලවලා මට බරට දැනුනා...ඒත් මං අමාරුවෙන් ඒ බරම බරම ඇහි පිහාටු දිග හැරියා...
එයා ඉන්නවා මගේ පපුව උඩ ඔලුව තියාගෙන...මගේ පපුව තෙමපු ඒ දියරය වෙන මොකක් වත් නෙමෙයි එයාගේ ඇස් වලින් වැටෙන කදුළු...ඇත්තටම මොකක්ද දෙයියනේ මම මේ කරගන්න ගියේ...මට සමාවෙන්න මගේ කුවීන් එක තත්පර ගානකට මට මාවම පාලනේ කරගන්න බැරි වුණා...එක තත්පර ගානකට මට ඔයාව අමතක වුණා...හැඟීම් වලට වහල් වුණ ඔයාගේ කුකීට ඔයාව අමතකාම වෙලා ගියා ඔම්මා...
ඔ_ඔම්මා..
අනේ රත්තරං...මොකක්ද මේ කරගත්තේ...
සමාවෙන්න...
සමාව ඉල්ලනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නැහැ . මට ඇත්තටම සමාවෙන්න මගේ ඔම්මා...එක තත්පර ගානකට කවුරු නැති වුනත් මං වෙනුවෙන් ඉපදුණ දවසේ ඉදන්ම හිටිය ඔයාව මට අමතක වුණා .ඒ උණුසුම තාමත් ඒ විදිහමයි . පුංචි කාලේ වගේමයි වෙනසක් නැහැ....මම ගොඩක් හයියෙන් අඩනවා...මං දන්නවා...පුංචි කාලේ වගේම එයාගේ තුරුලේ ඉදන් අඩන එක මට සැනසීමක් . ඒත් මේ විදිහට දුකක් හිතුනහම ඒ උණුසුම් තුරුලේ ඉදන් දුක පිට කළහම මට ඉස්සර දැනුන ඒ සැනසීම මට තව දුරටත් දැනෙන්නේ නැත්තෙ ඇයි කියන්න මට තේරෙන්නෑ...සමහරවිට ඔම්මා ඇස් රතුවෙනකන් අඩලා අඩලා දුක පිට කරන්න පුලුවන් වයස ඔයාගේ පුතා පහු කරලා . එයා පරිණත වෙලා .