Jungkook's pov
මුගේ හැල්මොනීට රයිස් ගරන්න . හිතන් ඉන්නේ මං මොකෙක් කියලද දන්නෑ . තවුසෙලට කියන්න ඩේගු යුනිවර්සිටි එකේ බැජ් ටොපා වුණේ මම . ඔව් මම පොරක් හරිද ඩිග්රිය අරගෙන ගැම්මට කැම්පස් එකෙන් එළියට එනකොට ලොකු ලොකු කම්පැනි ගානක් මාව හොයාගෙන ඇවිත් තිබුනා . මේකත් ඉතින් පොඩි නෑ TK events කිව්වහම ඉතින් නොදන්න කෙනෙක් නෑනේ . අපේ හැල්මොනීගේ කාලේ ඉදන්ම තිබුන එකක්ලුනේ වාර්තා පිට වාර්තා . ඒ වුණාට මට පේන්න බැරි මේකේ මහ එකාගේ ලොකු ලයින් තමයි මගුල . ඌ හිතන් ඉන්නේ චාර්ල්ස් කුමාරයා කියලා . ඒව්...චාර්ල්ස් කුමරයා නාකියි නේ බන් නේද ?
මම ආසාවෙන් හිටියේ samsung එකට යන්න කොහෙද ඉතින් මේ අපේ බබීටත් ඕන වුණේ මම මේකෙම මැනේජර් කෙනෙක් වෙනවටනේ .
මම මේ කම්පැණියට interview ආව පළවෙනි දවස මට අද වගේ මතකයි . මං නම් එදා හිටියේ වෙව්ල වෙව්ල . හම්මෝ කෙලින්ම මාව interview කරන්න දැම්මේ ලොකු බොසා ළගට . මම නම් නිකමට වත් ඒ ඇස් දිහා ඔලුව උස්සලා බැලුවේ නැහැ . හීනියි දිගයි කහ පාටයි හරියට කොටියෙක් වගේ . අහලා තියනවද ඇස් වලින් මරන්න පුලුවන් කියන කතාව මට නම් හිතෙන්නේ ඒ කියන්නේ මේ වගේ ඇස් වලට වෙන්න ඕනේ හෙන ගහන ඇස් දෙකක් යකෝ ඒක . බොසා නාකියෙක් කියලා හිතුවට හෙන හැන්ඩියෙක් . මරු කද . උසම ඇති අඩි හයක් විතර ඊටත් වැඩිද මන්දා . මූ අදින්නෙත් හෙන ෆිට් එකටනේ suits වලට නම් පට්ට decent . Guts එහෙම කැපිලා පේනවා ඌගේ . weekend එකට හදිසි වැඩක් වැටුනොත් ඔෆිස් එකට එන්නේ casul ඇදන් . ඕවර් සයිස් තමයි එතකොට පොර ගොඩක් අදින්නේ හැබැයි මූ මොක ඇන්දත් නලුවෙක් වගේ . ඒකනේ මේකේ එකියොත් වැළලෙන්න හදන්නේ ..
කොච්චර හැන්ඩියා උනත් වැඩක් නෑ මේ පගයගේ අලි ඔලුව . මූණ බලලා මනුස්සයෙක් එක්ක හිනා වෙන්නෑ . මුගේ වැඩේම පොඩි පොඩි වැරදි වලට ස්ටාෆ් එකේ අයව අස් කරන එක . ඇයි බන් වැරදි වෙනවා තමයි අපි හැමෝම මිනිස්සුනේ . එහෙම කියලා සත්තුන්ට වගේ බැනලා ඒ මිනිසුන්ගේ නම්බුවත් කාලා එළියට දැම්මහම උන් කොහොමද සමාජෙට ගෙදර අයට මුහුණ දෙන්නේ කියහන්කෝ . සල්ලි තියෙනවනම් මොකෙක් වත් රස්සා හොයන් එන්නෑනේ බන්. ඊටත් මේ වගේ කම්පැනියක රස්සාවක් කරන්න එසේ මෙසේ සුදුසුකම් ටිකක් නෙමෙයි මුන් ඉල්ලන්නෙත් . අනේ ඉතින් මේ ගෝතයටනම් මොකද පරම්පරාවෙන් ආව බිස්නස් මූ තනියම හැදුවා වගේ හරියට කතාව . ආ තව මුට හොටෙල් චේන් එකකුත් තියෙනවා . ඒක මුගේ සීයෙක්ගෙන්ලු මුට හම්බුවෙලා තියෙන්නේ ඒ සීයා බැදලා නෑලු . අපිටත් පුලුවන් ඉතින් ඔහොමනම් රගන්න පුතෝ .