"මේ කොහෙද අනේ මේ...වාහ් ඔයා අලුත් එපාර්ට්මන්ට් එකක් ගත්තද ?"
"ඒක නෙමෙයි මාව මොකද මේ වගේ තැනකට අරං ආවේ...හියුන්ගී ඔයා මගේ පතිවත කෙලෙසන්න නේද හදන්නේ...මං දැනගත්තා මං දැන ගත්තා...හියුන් කිව්වා හරි ඔහෙලා වගේ පෝසත් මිනිස්සු විශ්වාස කරන්න බෑ තමයි."
"අම්මෝ කතා දෙකක් නෑ මූ නම් අර හොල්මනගෙම මල්ලි තමයි . ඒ කටමයි".
ටේහ්යුන්ග් ?"
ජිමින් කම්පියුස් වෙලා යුන්ගි දිහා බැලුවේ..
"කෝ ඉතින් ඔයාම කියෙව්වා මිසක් මට කතා කරන්න අවස්ථාවක් දුන්නද ? මං ගත්ත ඇති මඟුලක් නෑ බන්...මේ මුගෙ එපාර්ට්මන්ට් එක තමයි ."
"වාව් මරුනේ අනේ...මෙහෙ නම් පට්ට...අපේ හියුන්ග් හෙන ලක් කාරයා නේ..."
"ලකී නම් තමයි . ඒත් එයා එහෙම හිතන්නැති එකනේ අවුල..."
"මේ දවස් වල මස්සිනා එක්ක ඇරියස් නේ...මට ආරංචියි."
සනීපෙට ඉස්සරහම තිබුන සෝෆා එක උඩ කකුලුත් කරට අරන් ඉදගන්න ගමන් ජිමින් ගැහුවේ පත හින්ට් එකක්.
"ජිමින් එයා හොඳින්ද ? මොකක් හරි ප්රශ්නයකින්ද ඉන්නේ..."
"ප්රශ්නේ ඉතින් තමුසෙනේ හලෝ..."
"මඟුලක් කතා කරන්නෙපා බන්...මං දන්නවා...ඒක නෙමෙයි . එයාට වෙන මොකක් හරි ප්රශ්නයක්ද ?"
"මං දන්නෑ ඇයි ?"
"ඔය බලහන්කෝ...මරු එකාගෙන් ඇහුවේ අපිත්. උඹ මල්ලි නේද යකෝ..."
"මල්ලි උනා කියලා උගේ හැම රෙද්දම මං දැන ගන්න ඕනෙද යකෝ..."
ටේහ්යුන්ගේ කටේ සද්දේ පරයා තාර පැටියගේ කටහඩ දෝංකාර දුන්නා...
"හරි හරි බබා කූල් ඩවුන්...මේ මේකා පිස්සෙක් වෙලා ඉන්නේ මේ ටිකේ ගණන් ගන්නෙපා..."
ටේහ්යුන්ග්ට මාරාන්තික බැල්මක් දාගෙන ඉන්න ජිමින්ව කූල් ඩවුන් කරන ගමන් යුන්ගි කිව්වේ...
"සොරී...ප්ලීස් මට ඇත්ත කියන්න එයා ප්රශ්නෙකද ?"
"මං දන්න තරමින් නැහැ...අනික මට එයාලට කතා කරන්නත් බැරි වුණා මේ ටිකේ...ආ හැබැයි අපේ ඔම්මා කිව්වා කුකී හියුන්ග් එක්ක එයාගේ චෙකප් එකකට ඊයේ යන කතාවක් නම්. එයා අසනීපෙකින්ද දන්නෑ..."