Hello guys ?
මුලින්ම කියන්න ඕනේ මේ මගෙ first story එක. ඒ නිසා කතාව ලියන් යනකොට ගොඩක් අඩුපාඩු වෙන්න පුලුවන්. ඒවට sorry හොදේ ඉතින්. මන් ගොඩක් ආසාවෙන් තමා මේ කතාව ලියන්න පටන් ගන්නෙ. ඔයාල කීදෙනෙක් මේ කතාවට කැමති වෙයිද නැද්ද දන්නෙ නෑ. ඒත් මන් බලාපොරොත්තු වෙනවා කතාව කියවන ඔයාල පොඩි හරි comment එකකින් ඔයාලලෙ අදහස් කියන් යයි කියල. ඒක මට ගොඩක් උදවු වෙයි.ලෝකෙ සමහර දේවල් තියෙනවා මොනා කරලවත් වෙනස් කරන්න බැරි. ඒ වගේ එක දෙයක් තමා සමලිංගික කියන topic එක ගැන සමහර අයගෙ තියෙන මතය. අපිට ඒවා වෙනස් කරන්න බැරි උනත් මන් ආසයි නව පරපුරේ අය විදිහට අපි ඒ වගේ අයට ගරු කරනවනම්.
කාලයක් තිබ්බ මාත් ඒ වගේ අය ගැන පිළිකුලක් දක්වපු. ඒත් දැන් නම් එහෙම නෑ. මන් හිතනවා ඔයාලත් එහෙම නෑ කියල.
මුලින් කතාව කියවල ඉමු. කියවන ගමන් මන් මගේ අනිත් අදහස් ගැනත් කියන්නම්.
මන් චරිත ටික ගැන කියන් යන්නම් briefly. ඔයාලට පුලුවන් එයාලගෙ පෙනුම අනුව photos design කරන්න. කරල මට එවන්න. 😁
1. ශනුති ඔගිත්මා සෙනෙවිරත්න - 5 වසර ශිෂ්‍යත්වෙ පාස් වෙලා කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක 10 වසරෙ ඉගෙනගන්න ලස්සන දක්ෂ ගෑනු ළමයෙක්. තමන්ට වඩා අවුරුදු හතක් වැඩිමල් තමන්ගෙ අයියා තමන්ගෙ හොඳම යාලුවා කරගෙන ඉන්න මේ කෙල්ල තමා එයාගෙ පවුලෙ එකම හුරතලෙ. කොන්ද ගාවටම වවපු දුඹුරු පාටට හුරු කොණ්ඩෙ, සුදු හමක් තියෙන, මූණ රවුම්, ඇස් දෙක තද දුඹුරු පාට, වයසට වඩා පොඩි පෙනුමක් තියෙන හුරතල් කෙල්ලෙක්.
2. නෙත්රූ නුගාරා ප්‍රනාන්දු - හැම අතින්ම දක්ෂ කෙල්ලෙක්. අධ්‍යාපනයට වඩා ක්‍රීඩාව තමන්ගෙ ජීවිතේ කරගත්තු මේ කෙල්ල කෙල්ලෙක් කිව්වට කොල්ලෙක් වගේ. කොළඹ ලොකු සල්ලිකාර පවුලකට ඉන්න එකම දරුවා. වැඩිය කතා නැති, යාළුවො ගොඩක් නැති කෙල්ලෙක්. උසට සරිලන මහතක් ඇති, බෙල්ල ගාවට කොල්ලෙක් වගේ කපපු කලු කොණ්ඩයක් තියෙන, sharp jawline එකක් තියෙන, කලු උකුසු ඇස්,මේ තමා එයා.
3. ශනුල් ඔගිත්ම සෙනෙවිරත්න
4. සයාශ් තීර්ථ ගමගේ
5. නිම්මි දේශිකා වික්‍රමරත්න
6. පහනි තාරුණ්‍යා
7. නෙවන්මි ආල්යා
8. විනුදි සේමාලි
9. මෙවිදු අකිල් විතානගේLet's goo....
YOU ARE READING
පියුමක් ද ඔබ ?
Romanceමගේ මූණට හිනාවක් ගෙනාපු මිනිස්සු මන් කවදාවත් අමතක කරන්නෙ නෑ සුදූ...❣️ හදවත් දෙකක්, බාධක ගොඩක්, එක ලෝකයක්, එක ආදරයක් ... මේ දේවල්වලින් එයාල දෙන්නට ජය හිමි වේවි ද...