මහන්සියි අනේ. වෙලාව 3.00 යි. මන් දැන් ගෙදර ආවෙ.
අම්මියෝ... ඔයාගෙ සුදු මැණික ගෙදර ආාාාාවෝ.
කොහෙද දන්නෙ නෑ සුදු මෙයාගෙ. උදේ ඉදන් ටිකක් කනක් ඇහිල හිටියා. දැන් ඉතින් ඒ නිදහසත් නැති උනානෙ.
ආාාාා... ඔයා මන් වගෙ දුවක් ලබන්න පින් කරල තියෙනවා හොදේ.
පින වැඩි වෙලා තමා මේ.
අනේ යන්න අනේ යන්න. ම්හුක්. හරි නරකයි. මේ ළමයගෙ උපන්දිනේ කියලවත් බලන්නෙ නෑනෙ.
අම්මටත් ගස්සගෙන මන් washroom එකට ගියා. ඒකෙ ඇතුලෙ පැයක් විතර හොඳට නාගත්තු මන් එලියට ඇවිල්ල අම්මගෙ සසම සස බත් එකත් කාල කාමරේට ආවෙ interval එකේ ඉදන් මන් බලන් හිටපු දෙයක් කරන්න. ඒ එයා දුන්න gift එක බලන එක. මන් හෙමීට බෑග් එකෙන් ඒක ගත්තෙ හරියට බිදෙන දෙයක් එලියට ගන්නවා වගේ. ලස්සනට දම් පාටින් cover කරල තිබුණ ඒ cute box එක මන් හෙමීට ඇරියා.
ආාාාානේ... ලස්සන දම් පාට bracelet එකක්. ඒකෙ මැද ලස්සන පොඩි clover එකක්.ඊට යටින් තිබ්බ පොඩි නෝට් එකක්.
Happy Birthday පොඩ්ඩි.
මන් දන්නවා ඔයා හිතනවා ඇති කොහොමද මට ඔයාගෙ උපන්දිනය මතක තිබ්බෙ කියල. මගේ මූණට හිනාවක් ගෙනාපු මිනිස්සු මන් කවදාවත් අමතක කරන්නෙ නෑ සුදූ.
- නෙත්රූ අක්කාමහා ලොකු වචන දාලා පිටු ගනන් ලියන පණිවිඩවලට වඩා එයාගෙ ඒ වචන දෙක තුන මට හරි ලොකුවට දැනුණා. එයා මට පොඩ්ඩි කිව්ව පළවෙනි වතාව මේක නෙවෙයි ඒත් සුදූ කිව්වෙ පලවෙනි පාරට. ඒක නිසා ද දන්නෙ නෑ මට ඒ දේ ගොඩාක් ලොකුවට දැනුණෙ. ඒත් මන් ඒ හැගීමට හරිම ආදරෙයි.
ඉක්මනටම ෆෝන් එක අරගත්තු මන් අක්කගෙයි මගෙයි චැට් එකට ගිහින් බැලුවෙ එයා ඔන්ලයින් ඉනව ද කියල. එයා හිටියෙ නෑ ඒත් මන් එයාට තෑන්ක්ස් කරල මැසේජ් එකක් ටයිප් කරල තියල ගියේ ඉස්කෝලෙ වැඩ කරන්න.
වැඩ ටිකත් ඔක්කොම කරල රෑට කාල ඉවර වෙලා වොශ් එකක් එහෙම දාල ඉවර උනාට පස්සෙ මට ලැබුන අනිත් තෑගි ටික ඇරල බලල ඒවා දුන්න අයටත් තෑන්ක්ස් කලා. එයාගෙන් තාම රිප්ලයි එකක් ඇවිත් තිබුනෙ නෑ. ආහ්...එයා දැන් ඔන්ලයින් ආවා. ඒත් රිප්ලයි නෑනෙ අනේ. ඔව් ඉතින්, කොහොමත් එයාගෙ ප්රථම රාජකාරිය මන් නෙවේනෙ. එවන වෙලාවක රිප්ලයි එවන්නෙ නැතෑ. මාත් සෙකන්ඩ් වෙන්නෙ නෑ. හහ්. සයාෂ් ඔන්ලයින් හිටපු නිසා මන් ඌත් එක්ක චැට් කලා. එයා මගෙ අයියට පස්සෙ ඉන්න හොදම යාලුවනෙ අනේ. එයා මම්ගෙ බොම්ක ඉතින්. හී... එයා මාත් එක්ක එකට ඉන්නෙ අපි දෙන්න මොට්ටසෝරි යන කාලෙ ඉදන්. තාමත් අපි දෙන්න එකට. අවුරුදු දහයක පෙන්සිප් එකක්. ගැම්මක් තමා. මන් ඉතින් සතීශ මලයට හායි හෙලෝ කියල හිච්චි මැසේජ් ටිකක් කොටල එයාගෙ හැපි බබර්ත්ඩේ විශ් එකටත් ආය තෑන්ක්ස් කලා.
YOU ARE READING
පියුමක් ද ඔබ ?
Romanceමගේ මූණට හිනාවක් ගෙනාපු මිනිස්සු මන් කවදාවත් අමතක කරන්නෙ නෑ සුදූ...❣️ හදවත් දෙකක්, බාධක ගොඩක්, එක ලෝකයක්, එක ආදරයක් ... මේ දේවල්වලින් එයාල දෙන්නට ජය හිමි වේවි ද...