වීදුරු නිසා ඔලුවට උන තුවාලෙ නිසා දවසක් හොස්පිටල් ඉදල නිලූ ආන්ටි ඩිස්චාර්ජ් උනේ ඊයෙ. අද උදෙන්ම පවනි අක්කලා නෙත්රූ අක්කගෙ ගෙදර ගියා කිව්වා බලන්න. දැන් මන් 12.30 කෝච්චියේ කොළඹ යනවා එහෙ යන්න. ගෙදරට කිව්වෙ ඉස්කෝලෙ වැඩක් නිසා යනවා කියල. අයියා විතරයි දන්නෙ මන් කොහෙද යන්නෙ කියල.
ඔයාද ආවෙ ? මන් හිතුව් පවනි අක්කා එයි කියල.
ස්ටේශන් එකෙන් බහිනකොට නෙත්රූ අක්කා ඇවිත් හිටියා මාව ගන්න.
ඇයි පවනි අක්කාගෙ ගෙදර ද ඔයා එන්නෙ මේ ?
අපෝ නෑ නෑ අනේ එහෙම දෙයක් නෙවේ... මෙයාට ඩෝං යන තරම්. යන් යන් යන්..
හ්ම්...
මෙහ්. මට බඩගිනී හලෝ
මන් එහෙම කිව්වෙ ඈතින් පේන වඩේ කරත්තෙ දැකල වඩේ කන්න ආසාවක් ආපු නිසා හිහී...
ගෙදර යන්. උයල තියෙන්නෙ
කවුද ඉව්වේ
නිම්මි සහ පවනි
කාල හමාරයි
ඇයි
පවනි අක්කා ගැන නම් මන් දන්නෙ නෑ හැබැයි මන් දන්නවනෙ නිම්මියගෙ ඉවිල්ල. ඕකි ඉව්වා කියන්නෙ සතියක් වොශ්රූම්
එහෙමද ? නෑ නෑ.. එහෙම නැත්ය්ව ඇති. යමුකො ඉක්මනට කන්න
අනේ මේ... මට ගෙදර යනකන් ඉන්න බෑ හලෝ මට වඩේ අරන් දෙනවා... මට බඩගිනී
මොනවා ? වඩේ ???
ඔව්
ඒත් ශනූ...
ආාාාා දැන් ඔයාට බැරිනම් කියන්න. මන් ලග සල්ලි තියෙනවා මන් ගන්නම්.
නෑ නෑ යන් මන් අරන් දෙන්නම්
ආදරෙයි මැනික... ලුණුමිරිස් වඩේ අරන් දෙන්න
මොනා ???
අනේ අර උළුදු වඩේ එක මැද්දෙන් පලල ලුණුමිරිස් දාල තියෙන වඩේ අනේ
ආ හ්ම්
එයා අරන් දුන්න වඩේත් කකා ඇවිත් මන් කාර් එකට නැග්ගා. එයාට දැන් ඉතින් විස්සටත් ලග නිසා ලයිසන්ස් අරන් තියෙන්නෙ. ගැම්මෙන්ම ලයිසන්ස් අවේලබල් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නෙ මට. ඔයාලත් කවදහරි සෙට් කරගන්න ලයිසන්ස් අවේලබල් පාට්නර් කෙනෙක්. එතකොට ඉතින් ඕන තැනක සැපේ යන්න පුලුවන්නෙ හිහී... ඒ සදහා උපදෙස් අවශ්‍ය නම් දැන්ම අමතන්න ශනුති පාට්නර් ඇඩ්වයිසස් සර්විස්.
ඕකෙන් එකක් දෙකක් අරුන් දෙන්නටත් ඉතුරු කරගන්න ශනූ
මට බෑ.. එයාලට ඕනෙ නම් අරන් කන්නෙ නැතෑ
යකෝ ඔච්චර පෙරේත වෙන්න එපා බන්. කිව්ව නම් තව අරන් දෙනවනෙ
කියන්න දෙයක් නෑ. පෙම්වතියක් ලෙස තමන්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙ අවශ්‍යතා ගැන දැනගන්න ඕනෙ
මට දිවැස් නෑ යකෝ
ඒකට දිවැස් ඕනෙ නෑ ගෑනියේ
ශනුති !!!!!!!
හිහී... සොම්රි ඉතිම්.. වැරදිලනෙ කියවුනෙ. හරි ඉතිම් ඕකට ඔරවන්න ඕනෙ නෑනෙ අනේ...පොඩි වචනයක්නෙ එහා මෙහා උනේ
හොද පොඩි වචනෙ
හිහී...
______________________
ඔයාල මට පොම්ඩක් සමාවෙන්න ඕනෙ. මේ දවස්වල ඕතරී පොඩ්ඩක් බිසී. ඔයැයිල පවු නිසා පොඩි එපියක් ගෙනවා ඔන්න. සමා වෙන්න අනේ ඒයිලා.
YOU ARE READING
පියුමක් ද ඔබ ?
Romanceමගේ මූණට හිනාවක් ගෙනාපු මිනිස්සු මන් කවදාවත් අමතක කරන්නෙ නෑ සුදූ...❣️ හදවත් දෙකක්, බාධක ගොඩක්, එක ලෝකයක්, එක ආදරයක් ... මේ දේවල්වලින් එයාල දෙන්නට ජය හිමි වේවි ද...