අපි දෙන්නා ඊලගට ආවෙ කොටුවට. කොටුවෙ සමහර කඩවල්වල ලස්සන සාරි විකුනනවා. ඔව් ඉතිම්.. ආවෙ සාරි ගන්න තමා. මට නෙවේ අක්කාට. එයාලගෙ ගෙට් ටු ගෙදර් එක තියෙනවා තව සතියකින්... ඉතිම් ඒකට අපේ ඉස්කෝලෙ විදිහට හැමෝම අදින්නෙ සාරි. ඒ නිසා අක්කටත් සාරි එකක් ගන්න ඕනෙ කියල මට කිව්වෙ දැන් මාසෙකට විතර කලින්. ඒත් එයාට ඔය සාරි තෝරල පුරුදුත් නෑ ඇදල පුරුදුත් නෑ. එයාට පුරුදු ඉතිම් බැගී ශර්ට්ස්, ජීන්ස් ඇදලනෙ. තනිකර ටොම්බෝයි අවුට්ෆිට්... ඉතිම් අවස්ථාව ලැබුන වෙලේ එයා මාවත් එක්කන් ආව සාරි ගන්න. එහෙම කිව්වට මන් තමා කිව්වෙ කොටුවට යන් කියල. අනේ මන්දා ඉතිම්.. මේ මගේ ෆස්ට් ටයිම් කොටුවෙ ශොපින් කරන. ඒකත් සාරි වගේ දෙයක්. සාමාන්‍යයෙන් අපි හැමෝම දන්න දෙයක්නෙ කොටුවට යන්න ඕනෙ පුරුදුකාරයො කියල. ඒත් අපි දෙන්නා... දෙන්නටම මෙහෙ පුරුදු නෑ. අක්කා කොටුවට ඇවිත් තිබ්බට සාරි ගන්න කියල ඇවිත් තියෙන එකක්යෑ...
ආ... යෙන්න යෙන්න නෝනා යෙන්න. මොන වගෙ ශාරියක් ද බැලුවෙ
අන්කල් අපිට ඕනෙ ටිකක් චාම් ඒත් ෆන්ශන් එකකට අදින්න පුලුවන් ටයිප් එකේ බ්ලැක් සාරි එකක්
කොහෙන් ගියත් මේ ගෑනි බ්ලැක් ගාවගන්නවා. එයාගෙ ෆේව් ඒකනෙ. කාර් එකෙන් බහින්න කලින් එයා මට සාරි එකේ තියෙන්න ඕනෙ ඔක්කොම කිව්වා. ඒ නිසා මටත් ලේසි උනා කඩේට ගිහින් සාරි එක තෝරන්න.
මේ නෝනටද බලනව ශාරි ?
ආ නෑ නෑ අන්කල්. මේ අක්කට තමා සාරි එකනම් බැලුවෙ.
ආ යේකත් ඒමද ? මේ නෝනට බ්ලැක් තමා මැච් වෙනවා
අක්කා එදා ඇදන් හිටියෙ ලයිට් බ්ලූ රිප්ඩ් ජීන් එකකට බැගී බ්ලැක් ටී එකක්. ඒක දිහා බලල තමා අන්කල් එහෙම කිව්වෙ. ඇත්තටම නෙතූ අක්කා බ්ලැක් හරි වයිට් හරි ඇන්දහම මාරම අමුතු ලස්සනක් තියෙනවා. ඒ කලර්ස් දෙක එයාගෙ වොල්නට් ස්කින් එකට මාරෙටම මැචින්.
අන්කල්... තව ටිකක් ශයිනි බ්ලැක් සාරි එකක් නැද්ද
ආ ඉන්න නෝනා... මේක බලන්නකො.. මේක හොදද නෝනා
ඒ සාරි එක දැකපු වෙලේම මගේ හිත ඒකට ඇදිල ගියා ඒයිල. ඒත් මගෙ හිත ඇදුනට වැඩක් නෑනෙ ඒක අදින එකීගෙ හිතනෙ ඇදෙන්න ඕනෙ. ඒ නිසා මන් නෙතූ අක්කා දිහා බැලුවම ඒකි උරහිස් දෙක ඇකිලුවා. යකො... මන් ද මේ සාරිය අදින්නෙ ?????
මේක හොදයි අන්කල්... කීයද මේකෙ ගාන
ආ වැඩි ගානක් වෙන්නෙ නෑ නෝනා... යේක ඇවිල්ල රුපියල් 18800 තමා... මන් නෝනට යේක 18500ට දෙන්නම්
හරි අන්කල්... මේක පැක් කරල දෙන්න
ගාන ප්‍රශ්නයක් නෑ අන්කල්... සල්ලිකාරයොනෙ. ඔන්න අපි වගේ එවුන්ට නම් ඔය ගාන හෙන ලොකු ගානක්. ඒත් කොළඹ ලොකුම හොටෙල් එකක අයිතිකාරයගෙ දුවට රු.18500 කියන්නෙ මොනාද අනේ. එයාගෙ තාත්තාගෙම හොටෙල් එකට ඇදන් යන්න තමා මේ සාරි එක ගන්නෙත්.සාරි අරන් ඉවරවෙනකොට හතරටත් කිට්ටු කරල. මන් 4.20 ට්‍රේන් එකේ යන්නත් ඕනෙ... ඒ නිසා නෙතූ අක්කා මට ශෝටීස් වගේකුත් අරන් දීලා මාර වේගෙන් වාහනේ ගෙනිච්චා.
අනේ අක්කේ... හෙමින් යන්. තව වෙලා තියේනෙ
ඔයාට ට්‍රේන් එක මිස් වෙයි
අනේ කමක් නෑ... එහෙම උනොත් ඊලග ට්‍රේන් එකේ යනෝ
මන් බය උනා එයාගෙ වේගෙ ගැන. මොකද එයා වෙන වෙලාවටත් මෙහෙම ගිහින් අනතුරක් කරගත්තොත්
බය වෙන්න එපා අයියෝ... මන් ලයිසන් අරන් දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. I have two years experience of driving... You have to be proud about your girlfriend
අනේ ඇත්තට... හාකො... වල් ලේනෝ.. ඉස්සරහ බලාගන්නවකො
බෑනෙ... අපි ලගම මිරකල් එකක් වගේ මැජිකල් මලක් ඉන්නකොට අපේ ඇස් අපිට හරියට අකීකරු වෙනවා සුදූ... ඔයා දන්නවද ? සුදු ටියුලිප් මල් යායක් මැද පිපුන එකම රතු ටියුලිප් මල ඔයා.
______________________
අදට මෙච්චරයි අනේ... ලියන්න පටන් ගත්තෙ ඔඅරක්කු වෙලා. දැන් නිදිමතයි මට 😪 සොරි
බායි 👋💐
YOU ARE READING
පියුමක් ද ඔබ ?
Romanceමගේ මූණට හිනාවක් ගෙනාපු මිනිස්සු මන් කවදාවත් අමතක කරන්නෙ නෑ සුදූ...❣️ හදවත් දෙකක්, බාධක ගොඩක්, එක ලෝකයක්, එක ආදරයක් ... මේ දේවල්වලින් එයාල දෙන්නට ජය හිමි වේවි ද...