part 25

50 9 2
                                    

අපි අපේ දෙවියො අම්මා තාත්තා කියල හිතන් හිටියත් වෙලාවකට ඒ දෙවියන්ටවත් අපිව තේරුම් ගන්න බෑ කියල තේරුනේ මට මෙන්න මේ දවසෙ. ජීවිතේ එපා වෙන්න එක මොහොතක් ඇති කියන්නෙ මෙන්න මේ නිසා වෙන්න ඇති. බැදීම් නිසා අපි කවුරුත් විදවනවා කියල බුදු හාමුදුරුවො කිව්වෙ මේ නිසා වෙන්න ඇති. ඒත් මන් මේ අල්ලගත්තු බැදීම එකපාරම අත් ඇරල දාන්නෙ කොහොමද. මන් එයාට පොරොන්දු උනා එයාව දාල යන්න බෑ කියල. වචනෙ නිසා එයාව අත නොහැර ඉන්නව නෙවේ, ඒ වචනෙ එයාට දුන්නෙ නැතත් එයාව අත ඇරල මට යන්න බෑ... හැමෝම කියන ආදරේ වේදනාවෙන් එක කොටසක් මේක කියල මට පැහැදිලි‍යි.

ඒ සිදුවීම වෙලා දැනට දවස් දෙකයි. මේ දවස් දෙක ඇතුලත තාත්තා මාත් එක්ක එක වචනයක්වත් කතා කලේ නෑ. අම්මාත් බත් එක බෙදල කන්න අඩ ගහන ටික විතරයි. තාම මන් නෙතූ අක්කගෙන් ආපු එක කෝල් එකකටවත් ආන්සර් කලේ නෑ. නිම්මි පවා කලබල වෙලා මට කෝල්ස් ගත්තත් එයාටත් සිද්ද උන දේ හරිම කෙටියෙන් කිව්වා. මට ඒ එක්කෙනෙක්ටවත් මුහුන දෙන්න කිසිම ශක්තියක් නෑ ඇරත් ඒ අයට උන දේ කියන්න ගිහින් ආයෙත් ඒ සිද්දිය නිසා අඩන්න මට කදුලු ඉතුරු වෙලත් නෑ. මේ දවස් දෙකටම අයියා විතරයි මාත් එක්ක කතා කලේ. එයා නැත්නම් මන් මෙලහකටත් පිස්සෙක් වෙලා.

නංගී...

අලුත් දවසක අලුත් උදයක මගේ වයසෙ අනිත් ලමයින් නම් මේ වෙනකොට ගොඩක් සතුටෙන් මේ දවස ආරම්භ කරනවා ඇති. ඒත් මන්... දවස් දෙකක් තිස්සෙ හැඩූ කදුලින් දවස් ඇරඹුවේ. එහෙම අරබපු අද දවසෙත් සුපුරුදු විදිහට අයියා ආවෙ මගේ හිතට පොඩි හරි සැනසුමක් දෙන්න. ඒත් කදුලු පිටින්මයි මන් එයා දිහා ඔලුව උස්සලා බැලුවෙ.

නංගි... මන් දන්නවා ඒක හරිම වේදනාකාරීයි. මොනා උනත් අපිට අම්මලගෙ තීරන, අදහස් වෙනස් කරන්න බෑනෙ පැටියෝ... ඒ නිසා ඔයා ශක්තිමත්ව ඒවට මුහුන දෙන්න

මන් කොහොමද අයියෙ හිත හදාගන්නෙ මගෙ පවුලෙ අයම මට මෙහෙම කරනකොට... අනේ අයියේ... එයාල මාව අත් ඇරලද

නෑ නෑ මගේ දරුවෝ... එයාල නැතත් මන් ඔයත් එක්ක ඉන්නවා රත්තරනේ

සමහර වෙලාවලට අපිට ඕනෙ කාගෙ හරි උනුසුම් වැලදගැනීමක්... මේ වෙලේ අයියගෙන් ලැබුන ඒ පහස මගේ වේදනාව ටිකක් හරි නැති කරා

චූටි... ඔයා යන්න

හහ් ?

ඔයා යන්න නෙතූ ලගට. තවත් ඔයා මෙහෙ හිටියොත් ඔයාගෙ හිත තවත් පෑරෙන එක විතරයි වෙන්නෙ. මන් නංගි එක්ක මේ ගැන කතා කරන්නම්. ඔයා යන්න එයා ලගට. මන් අම්මලවත් ශේප් කරගන්නම්. ඔයා දැන් ලෑස්ති වෙන්නකො

අනේ අයියෙ ඒත්...

දරුවෝ... තව මාස් දෙකයි ඔයා ඉන්නෙ මෙහෙ. ඒ නිසා මේ මාස දෙක ඔයා නෙතූ එක්ක ඉන්න. කොහොමත් ඔයා මෙහෙ හිටියත් වෙන්නෙ ඔයාට ඔය යන ගමනවත් සතුටෙන් යන්න වෙන්නෙ නැති එක. මන් එන්නම් ඔයාව බලල යන්න. ගමනට ඕනෙ කරන දේවල් ගන්න හැම වියදමක්ම මන් දෙන්නම්.

අනේ අයියෙ... එයාල මගේ අම්මයි තාත්තායි... මන් තව මාස දෙකකට පස්සෙ ආය එයාලව කවද දකියිද දන්නෙ නෑනෙ

චූටි... ඔයා තාමත් එයාලට අම්මා තාත්තා කිව්වට එයාල ඔයාව දුව විදිහට තේරුම් ගත්තෙ නෑ. අනික ඔයා අවුරුදු දහනවයක් එයාල එක්ක හිටියා. එයාල ඔයාට සතුට වගේම දුකත් දුන්නනෙ.. ඉතිම් ඉතුරු මාස දෙක මට ඕනෙ ඔයාව සතුටෙන් තියන්න. ඒ දේ කරන්න පුලුවන් එකම කෙනා නෙතූ විතරයි. ඒකයි මන් ඔයාව එයා ලගට යවන්න හදන්නෙ

අනේ අයියේ...

ප්ලීස් නංගි.. මටත් ඔයාගෙ ජීවිතේ ගැන තීරන ගන්න අයිතියක් තියෙනවා. ඒ නිසා මේ සැරේ මන් කියන දේ කරන්න. ඔයාට තියෙන්නෙ ඇදුම් ටික ලෑස්ති කරගන්න විතරයි. වැඩි දෙයක් ගෙනියන්න ඕනෙ නෑ. ඔයාට රට යන්න අවශ්‍ය බඩු පස්සෙ මට කියල ගෙන්න ගන්න පුලුවන් නිසා ඇදුම් කීපයක් විතරක් ගන්න. දැන් ඉක්මන් කරන්න... තාත්තා ගියා වැඩට. අම්මත් යනවලු කඩේට බඩු ගෙන්න. ඒ අතරෙ අපි දෙන්න යන්න ඕනෙ. ඉක්මන් කරන්න...

























___________________________

හිච්චි චැපියක් ඔන්න අද.... මට ඕනෙ ශනූ නෙතූ ලගට යන එක අලුත්ම චැපියකින් පටන් ගන්න. ඒ නිසා මේක අදට මෙතනින් නවත්තනෝ දරුවනේ....

ශනූගෙ අයියා වගේම අයියා කෙනෙක් ඔයාලටත් ඕනෙද ලමායි??
ඕනෙ නම් කියන්න ඕතරී එයාගෙ අයියල දෙන්නව සේල් දානෝ... අඩු මුදලට දෙන්නම් හිහී 😁😁... හැබැයි මිලදී ගත් පසු ඔබට උදා වෙන තත්ත්වය පිලිබද වග කියනු නොලැබේ... 😁😁😁 ඕනෙ නම් කොමෙන්ට් එකක් දාන් යන් ගයිස්

බායි 👋💐💐

පියුමක් ද ඔබ ? Where stories live. Discover now