part 35

73 20 8
                                    

*************

අද ඉතින් මට අවුරුදු විසිපහ ලබනවා. ඔව්... අද මගේ උපන්දිනේ.

වෙනදා පුරුද්දටම උදේ පහ හමාරට වැදුන බෙල් එක ඕෆ් කරලා ආයෙත් නිදාගන්න ගියත් මගේ නින්ද කැඩුන නිසා නින්ද ගියේ නෑ. ඇස් දෙක අරින්නත් අමාරුයි නිදිමත ගතිය නිසා. ඒත් නින්ද යන්නෙත් නෑ. මේ දවස්වල මන් වැඩ කරන ලෝයර්ට අලුත් කේස් එකක් ලැබිල නිසා අපිත් ඒකට හුගාක් මහන්සි වෙනවා. එහෙම තියෙද්දිත් අද මගේ බර්ත්ඩේ කිව්වහම මන් ඉල්ලන්නෙවත් නැතුව පොර මට නිවාඩුවක් දුන්නා. ඇත්තටම ඒ අතින් නම් මෙහෙ මිනිස්සු ලංකාවෙ අයට වඩා දහස් ගුණේකින් හොදයි. ලංකාවෙනම් උපන්දින නෙවේ මැරිල වැටෙන්න ගියත් නිවාඩු දෙන බොස්ල හරි අඩුයිනෙ. බාගෙට වැහිල තිබ්බ ඇස් දෙක සම්පූර්ණයෙන්ම ඇරගන්න පුලුවන් උනාටත් පස්සෙ තාමත් ඇදෙන් බැස්සෙ නැත්තෙ දැනුන කම්මැලිකමට. උදේට නැගිට්ටට පස්සෙ මේ විදිහට ටික වෙලාවක් සිවිලිම දිහා බලාගෙන එක එක විකාර හිතන එක දැන් පුරුද්දට ගිහිල්ලා... අදවත් ඒක අත් ඇරගන්න ඕනෙ මොකද උපන්දිනේනෙ. උපන්දිනේ !! මේ බර්ත්ඩේ එකටත් එයා නෑ ශනූ... එයා ආය කවදා එයිද දන්නෙ නෑ. ඒ නිසා උබ උබේ වැඩ තනියෙන් කරගන්න පුරුදු වෙයන්. තනියෙන් නැගිටින්න පුලුවන් විදිහට එයාගෙ පොඩ්ඩි වෙනස් වෙලා කියල දැක්කහම එයා හුගක් සතුටු වෙයි නේද ? ඔව් එහෙම වෙයි. එයාට හැමදාම ඕනෙ උනේ හැමදේකටම හොටු පෙරන් අඩන කෙල්ලෙක් නොවී ඕනෙ දේකට හිත හයිය කරන් මුහුන දෙන්න පුලුවන් ශක්තිමත් කෙල්ලෙක්. මන් හිතනවා දැන් මන් එහෙම වෙලා කියල. ඉස්සර නම් එයාව මතක් උන ගමන් මේ ඇස් එයාව ඉල්ලල හඩා වැලපුනා. ඒත් දැන් එහෙම කදුලු එන්නෙ නෑ. මන් හිතන්නෙ තවත් අඩන්න තරම් කදුලු මන් ලග ඉතුරු වෙලා නෑ. ඒකයි මට ඇඩෙන්නෙ නැත්තෙ...

මට ඉතින් අනිත් අයට වගේ උදේ නැගිටපු ගමන් තේක ලගට ගෙනත් දෙන්න කවුරුත් නෑනෙ. ඒ ඔක්කොම මන්ම තමා කරගන්න ඕනෙ. මට මන් විතරයි. ඒ නිසා තවත් එක එක ඒවා ගැන හිත හිත ඉන්නෙ නැතුව ඇදෙන් බැහැල ඇවිත් මූන කට සෝදන් ගේ පොඩ්ඩක් අස්පස් කලා. කොච්චර කොහොම ස්පෙශල් දවස් උනත් මේවා පිලිවෙලට තියාගන්න එක ගෑනු ලමයෙක් උනාම කරන්නම ඕනෙ වැඩක්. ගෑනු ලමයෙක්ට පිලිවෙල කියන්නෙ ආභරණයක්. හැම කෙල්ලෙක්ම තමන් ජීවත් වෙන තැන අඩුම තරමෙ පොඩ්ඩක් අස් කරල අතු ගාන්නවත් ඕනෙ. ඒකට කිසිම භේදයක් නෑ. ඔයා ටොම්බෝයි කෙනෙක් උනත් ගර්ලිශ් උනත් ටොප් උනත් බොටම් උනත් කලු උනත් සුදු උනත්, ඔයා කෙල්ලෙක්නම් අනිවාරෙන් පිලිවෙල තියෙන්නම ඕනෙ. It's a must... මන් කියන්නෙ නෑ පිරිමි ලමයෙක්ට මේක වැදගත් නෑ කියල. එයාලත් පිලිවෙලට ඉන්න ඕනෙ. ඒක එයාලගෙ පුද්ගලික ස්වස්ථතාවයට හොදම දෙයක්. ඒත් දැන් අපේ සමාජෙ බලන්න පුරුදු වෙලා ඉන්නෙ කොල්ලෙක්ගෙ පිලිවෙලට වඩා කෙල්ලෙක්ගෙ පිලිවෙල දිහා. කොල්ලෙක් පිලිවෙල නැත්නම් 'ආ එයා කොල්ලෙක්නෙ, කෙල්ලෙක් ගත්තු දවසට පිලිවෙල හැදෙයි' කියල එයාව නොසලකා හරිනවා. ඒත් කෙල්ලෙක් අපිලිවෙල නම්... මේවා ඉතින් අසාධාරණයි තමා. ඒත් අපිට සංස්කෘතිය වෙනස් කරන්න බෑනෙ. මේවා ඉතින් සංස්කෘතිය කියන පොලොව ඇතුලෙ අල ගිය මුල ගිය මතයන්. ඒවා වෙනස් කරන්න ගියොත් අපිටමයි හෙනහුරා වදින්නෙ. ඒ නිසා කරන්න තියෙන හොදම දේ තමා කාටවත් පද හදන්න බැරි වෙන්න අපි අපේ රූටින් එක හොදට කරන එක.

පියුමක් ද ඔබ ? Where stories live. Discover now