part 27

60 12 4
                                    

*****************

ඒ දවස් ටික හරිම සුන්දරයි. එයාගෙ මූනට හිනාවක් ආවෙ මේ දවස් ටිකට. තව හරියටම දවස් හතරකින් එයා අපි හැමෝවම දාල යන්න යනවා ඈතට. ඒත් මට දුකක් නෑ මොකද මගේ කෙල්ල එහෙ ගිහින් හරි එයාගෙ සතුට හොයාගනියි. මමත් මෙහෙ ඔක්කොම වැඩ ටික සෙට්ල් උනාට පස්සෙ එයා ගාවට යනවා. ගිහින් අපි දෙන්නා සතුටෙන් ජීවත් වෙනවා. මේ සති දෙක තුනේම මායි එයයි ඇවිද්දා. එයාට ඕනෙ බඩු ගන්න අපි දෙන්නා නොගිය තැනක් නෑ. සමහර දවස්වලට එයාගෙ අයියත් අපිත් එක්ක ආවා. එහෙම දවස්වලට අපි කොහෙහරි ගිහින් මොනාහරි කාලා ටිකක් එන්ජෝයි කරා. අපි දෙන්නම දැන් මගෙ රූම් එකට වෙලා ඉන්නෙ. එයා මගේ තුරුලට වෙලා නිම්මි නංගියි පවනියි එක්ක වීඩියෝ කෝල් එකක. එයාලත් එක්ක කියවනව කියවනව ඉවරයක් නෑ... මගෙ කච කචේගෙ කට රිදෙන්නෙ නැද්ද දන්නෙ නෑ ඔහොම ගිරවා වගේ කියවල. මමත් කෝල් එකට ඇහුන්කන් දීගෙනම කලම්බු හොටෙල් සයිට් එකේ ඩොකියුමන්ට්ස් ටිකක් චෙක් කර කර හිටියා. ටිං... ඔහ්... තාත්තගෙන් මැසේජ් එකක්. හෙට තාත්තා එනවලු ආයෙත් කොළඹ. මෙච්චර දවසක් එයා හිටියෙ නුවරඑලිය සයිට් එකේ. කලින් අම්මට ගහල උන සිද්දියෙන් පස්සෙ දැන් තාත්තා වැඩිය ගෙදර ඉන්නෙ නෑ. හෙට තාත්තා ආවහම අනිවාරෙන්ම ශනූ ගැන අහයි... මේවා හැමදාම හන්ගන් ඉන්නත් බෑ ඒත් දැන්ම තාත්තට කියලත් බෑ. අනේ මන්දා මොනා කරන්නද කියල. බලමුකෝ...

අක්කේ....

හ්ම්... කෝල් එක ඉවරද

ඕඕ... ඔයා ඉතින් ලොකු කල්පනාවකනෙ හිටියෙ. ඒ නිසා එයාල කෝල් එක කට් කලා. මොනාද ඔච්චර කල්පනා කලේ ?

මොකුත් නෑ පොඩ්ඩි

මොකුත් නැති වෙන්න බෑනෙ

නෑ මේ තාත්තා හෙට එනවලු... ඒකයි

ඒකෙ මොනාද ඔය හැටි කල්පනා කරන්න තියෙන්නෙ ? මේ.. මට ඇත්ත කියනවා... තවුසෙ වෙන කෙල්ලෙක් ගැන නේද කල්පනා කලේ ??

යකඩෝ මේකි... මන් කල්පනා කරත් ඒකෙත් වැරැද්දක් කියන්න හොයාගන්නවනෙ. නෙත්රූ...උබේ අනාගතේ ලේසි වෙන්නෙ නෑ වගේ

පියුමක් ද ඔබ ? Where stories live. Discover now