part 20

46 10 2
                                    

තව දවස් දෙකක් ගමේ ඉදල එක්සෑම් එක පාස් උන සතුටත් සමරල අපි ආවා ගෙදර. ගෙදර ආවට මොකද ආයෙත් හෙට ඉස්කෝලෙ යන්න වෙනවා. හෙට අපේ ලමයි සෙට් එකම යනෝ මිස්ලාව හම්බෙලා කතා කරන්න. සාමාන්‍යයෙන් මේ ගමනට මුලින්ම එන්නෙ As තියෙන අය තමා. මොකද එයාලට විතරනෙ කටක් ඇරල රිසාල්ට්ස් කියන්න පුලුවන්. මන් කියන්නෙ අනිත් අයගෙ රිසාල්ට්ස් නරකයි කියල නෙවේ. ඒත් අපේ ඉස්කෝලෙ හැටියට ඒ රිසාල්ට්ස් මදි. ඉතින් ඒ නිසා තමා එයාල ලේට් වෙලා එන්නෙ. කෙසේ හෝ හෙට දින මා මාගෙ ජයග්‍රහණය පිලිබදව ප්‍රචාරය කිරීම සදහා පාසල වෙත පිය නගමි. බොරු කියන්න ඕනෙ නෑනෙ ඉතිම් උගන්නපු ගුරුවරුන්ට ස්තූති කරන්න තමා අපි ඉස්කෝලෙට යන්නෙ කියල. ඇත්තටම ඉතින් අපි යන්නෙ අර හේතුව නිසානෙ.

උදේම නැගිටල බෙල් ඩෙනිම් එකට අපේ ක්ලාස් එකේ ශර්ට් එක ඇදගත්තා. අපෙ ඉස්කෝලෙ දහය වසරෙදි ට්‍රිප් එක යනකොට තමන් ඉන්න ක්ලාස් එකෙන් ශර්ට් එකක් ගහනවා. එක ක්ලාස් එකකට එක ඩිසයින් එකයි. තමන්ගෙ ක්ලාස් එකේ ශර්ට් එක ඩිසයින් කරන්නෙ ඒ ක්ලාස් එකේ ලමයින්මයි. ආය ඉතින් එකොළහ වසරටත් ඔය ශර්ට් එකම තමා. මන් ඉතින් අද ඇදන් ආවෙත් ඒ ශර්ට් එකමයි. ඉස්කෝලෙට අඩිය තියපු ගමන්ම මූනට හම්බුනේ මා ආදරණීය නිම්මිව. ඒකිටත් 9As තිබ්බා. Island 28th. ගැම්මක් තමා ඉතින්. පිස්සු නැටුවට මොකද අපි එක්සෑම් එක ගොඩ දාගත්තනෙ. ඒ ඇති.

හෙලෝ මගේ ආදරේ... අනේ මගේ කෙල්ල ගමේ ගිහිල්ල එනකොට තවත් ඇදිල ගිහින් ද මන්දා. මට කියපන් කෙල්ලෙ... නැන්දා හරියට කන්න දුන්නෙ නැද්ද මගේ එකීට ?

ලගින් ගියපු පොඩි එවුන් ටිකකුත් අපි දිහා බල බලා යනවා. දැන් ඊලගට එහෙ මිස්ලට කතා කරන්න උන්ගෙ පන්තිවලට ගියාම අපේ සායම කකුල් දෙකෙන් බැහැල යයි මේකි කරන වැඩ නිසා.

කට පියාන යමන් ඕයි...

ඒකටනම් දුක හිතුනා රත්තරනේ

හා එලම

ම්හුක්...නරක සමනලයා... කෝ මට ගෙනාපුවා

ආපෝ... මෙන්න මෙන්න...

හැමදාම මන් ගමේ ගියොත් මේකිට කන්න මොනාහරිම ගේන්න ඕනේ. නැත්නම් මාව කන්න දගලනවානෙ. ඒ නිසා මේ පාරත් එනකොට මන් බටර් බිස්කට් පැකට් තුනක් ම ගත්තා. ඉස්සරනම් මෙයාට විතරක් එකක් ගත්තම ඇති. දැන් ඉතින් එහෙම බෑනෙ තුනක්ම ගන්න ඕනෙ. අපි පවුල් වෙලානෙ හිහී... පවුල් වෙලා කිව්වට බැදල නෑ තාම හොදේ හිහී... අපේ අම්මලෑ ගමේ තියෙනවා බේකරියක්. ඔය බේකරියෙ හදනවා බටර් බිස්කට් කියල රවුම්, ටිකක් ලොකු, හරිම ක්‍රන්චි බිස්කට් එකක්. මාරම රසයි ඒක. ඒවා තමා නිම්මිගෙයි මගෙයි ආසම. ඉතින් හැමදාම මන් නිම්මිට ගේන්නෙ ඒව තමා. අක්කලා දෙන්නාත් ඒවට කැමති නිසා මන් ඉතින් ඒවම තමා ගේන්නෙ.

පියුමක් ද ඔබ ? Where stories live. Discover now