අනේ මගෙ බොම්ක... ඔයා මන් නැතුව පාලුවෙන් ද හිටියෙ මන් සන්කොටෝ
පන්තියට අඩිය තිබ්බා විතරයි මගේ පැත්තට අත් දෙකත් විහිදුවගෙන දුවන් ආවෙ නිම්මි. කොන්ඩෙ උරහිස ගාවට වවල පොඩි පෝනිටේල් එකක් දාපු, ටිකක් විතර සුදු, මූණ හරිම හුරතල් පොඩි එකෙක්ගෙ වගේ තියෙන, හිනා වෙනකොට ඩිම්පල්ස් හැදෙන කෙල්ලෙක් එයා. එයත් එක්ක තමා ඉතින් මන් ඉස්කෝලෙ දි එකට ඉන්නෙ. මගේ හොඳම යෙහෙළිය ඇයයි කියා සමහරක් පැවසුවත් එය එසේ නොවේ දරුවනි. මන් ආස නෑ ඉස්කෝලෙ දි හොඳ ම යාලුවො තියාගන්න. ඕවා පසුවට කරදර වෙන වැඩ. නිම්මි මගෙ හොඳ යාලුවෙක් විතරයි. මගේ හොඳ ම යාලුවා ඉතින් දැන් උතුරු කොළඹ තියෙන එයාලට අනුව සිත නිවෙන පාසලේ ඉගෙනගන්න ගිහින් ඇති.
නිම්මි ඉතින් නම වගේම නිවිල තමා ඉන්නෙ (මිස්ලා ලගදි). මේකිට පුදුම ගායක් තියෙන්නෙ මාව දැක්කහම. ඇගේ එල්ලෙන්නමයි එන්නෙ. මගේ ගෑනි වගේ අප්පා හැසිරෙන්නෙ. ඕකිගෙ හැටි ඉස්කෝලෙ ම දන්න නිසා හොඳයි. නැත්නම් ඒකිගෙ හැසිරීම් නිසා අපි දෙන්නවම මෙලහකටත් ඉස්කොලෙන් අස් කරල.මෙහ්. අන්න ඔයාගෙ හෙඩා අක්කි ඔයාට එයාගෙ ක්ලාස් එකට එන්න කිව්වා ඉන්ටෝල් එකට.
ඒ ඇයි අනේ ?
ඒ ඇයි කියල අහන්නෙ. යකෝ මන් දන්නවද ඒක. එයැයිගෙන් ම ඒක අහගන්න එකයි ඇත්තෙ. මෙහ් සිස්. ඔයා maths වැඩ කලාද සත්තලනේ...ඔව්. ඇයි අපේ මිස්ගෙ පෙට් කෙල්ල කරල නැද්ද
අනේ ඉන්නවා. මන් මිස්ගෙ පෙට් නෙවේ හොදේ ? ඒ ඇවිල්ල මිස් මේ ළමයගෙ රූපෙට වශී වෙලා නිසා හහ්.
මිස් තාම කන්නාඩි දාන්නෙ නෑ මනුස්සයෝ මිස්ගෙ ඇස් හොදට පේනවා
අනේ පල. මෙන්න මෙහාට දීපන් ඔය පොත. අලිමොට්ටල හාල්පාරු ගෑනි.
ඒකි ගෙදර වැඩ කරේ නැතුවහම ඉතින් මගෙන් තමා කොප්ප ගහන්නෙ. මන් ඒකිට පොතත් දීල උදේ කඩපු මල් ටිකත් අරන් ආවා පහන තියන්න ක්ලාස් එකේ. අපේ මිස්ගෙ ඉතින් වැඩි වැඩනෙ. පන්තියෙ පහන සම්බන්ධ වැඩ බාර දීල තියෙන්නෙ මටයි නිම්මිටයි. අපි දෙන්න මාරුවෙන් මාරුවට පහන තියනවා. අද මගේ දවස. නිම්මියි මායි මුලින්ම හම්බුනේ 7 වසරෙදි. හතේදි ලොකු ආශ්රයක් තිබ්බෙ නැතත් අටේදිත් එකම ක්ලාස් එකට වැටුනට පස්සෙ අපි දෙන්න ටිකක් ළං උනා. ලං උනා කිව්වෙ මේ අර විදිහට නෙවේ හොදේ. නෑ ඉතිම් ඕවා කලින්ම කියල තීන එක හොදයිනෙ නැත්නම් මිස්අන්ඩර්ස්ටෑන්ඩින් ගන්නවනෙ ඔයැයිල. නවය වසරෙදි ක්ලාසස් දෙකකට වැටුනත් ඉන්ටවල් එකේදියි උදේයි අපි දෙන්න හම්බෙලා කතා කර කර ඉන්නවා ඉස්කෝලෙ වටේ රවුම් ගහනවා. ආය 10දි දෙවියො මගෙ පවුකාරිව එක ක්ලාස් එකකට දාල දුන්න. දැන් ඉතින් පුතේ අපි දෙන්න අවුරුදු දෙකක් එකට. සතුටුයි ඒයි. අපේ ඉස්කෝලෙ 11 වසරෙදි පන්ති කඩන්නෙ නෑනෙ හලෝ. ඒ නිසා ඉතින් අපි දෙන්න ලබන අවුරුද්දෙත් එකට. අපේ ඉස්කෝලෙත් පුදුම දේවල් තමා හලෝ තියෙන්නෙ. කමක් නෑ ඉතිම් අමුතු ඇටේ පාසල් නෙහ්. ආනා කඩවුලේ... බාසාව අන්තිමයි සනූ ඔබේ.අරකිගෙන් අහුලගන්න වචන තමා ඉතින් ඔය හී...
විනාඩි 40 ම අත කැඩෙනකන් ලියල ලියල ඉන්ටවල් එකෙනුත් විනාඩි දහයක් අරන් ත්වරණය ගැනත් පැහැදිලි කරල ඒක ගැනත් නෝට් එක දීලම යන්නම් කියල තව අපේ පන්තියෙ රැදෙන්න හිටිය සයන්ස් සර්ව අමාරුවෙන් පන්නගෙන එතුමාගෙ දෙමාපියනට පින් අනුමෝදන් කරන ගමන් අපි කෑම කකා හිටියෙ. අපෙ සයන්ස් සර්ට අපේ ක්ලාස් එකත් එක්ක මාර ලව් එකක් තියෙන්නෙ අප්පහ්.
ආාාාාව්. මොකද යකෝ අතට ගහන්නෙ.
සයන්ස් සර්ට බැන බැන කෑම කකා ඉන්නකොට නිම්මිච්චි එකපාරටම මගෙ අතට ගහපු පාරට මට කෑ ගැහුනා.
![](https://img.wattpad.com/cover/370124643-288-k455598.jpg)
YOU ARE READING
පියුමක් ද ඔබ ?
Romanceමගේ මූණට හිනාවක් ගෙනාපු මිනිස්සු මන් කවදාවත් අමතක කරන්නෙ නෑ සුදූ...❣️ හදවත් දෙකක්, බාධක ගොඩක්, එක ලෝකයක්, එක ආදරයක් ... මේ දේවල්වලින් එයාල දෙන්නට ජය හිමි වේවි ද...