උදේම පායන මීදුමත් එක්ක ඇගට දැනුන සීතලත් එක්ක මන් නැගිට්ටත් තියෙන කම්මැලිකමට ඇදට වෙලාම ඇස් දෙකත් පියාගෙන වටින් ඇහෙන කුරුලු සද්දවලට කන් දීගෙන හිටියා. වත්ත පල්ලෙහා පීල්ල හරියෙන් වලිකුකුල්ලු කෑ ගහන සද්දෙකුත් ඇහුනා. උදේට මෙහෙට වලිකුකුල්ලු එනවා. ඒ වගේම රෑට දිවියො එනවා. මෙහෙ ඉතින් කදුකරේට අයිති උන සත්තු තමා ඉන්නෙ. අම්මයි නැන්දයි උදෙන්ම නැගිටල කුස්සියට වෙලා කියවනව ද කොහෙද. තාත්තානම් ඇදේ හිටියෙ නෑ ඒ කියන්නෙ අනිවාරෙන්ම එයත් නැගිටල මාමා එක්ක වත්තට යන්න ඇති. අයියා නිදාගන්නෙ ගෙහාන් අයියගෙ රූම් එකේ. මේ රූම් එකේ ඉන්නෙ මායි අම්මයි තාත්තයි. මායි අම්මයි එක ඇදක, තාත්තා අනිත් ඇදේ. හැමදාම මෙහෙ ආවොත් උදේට අම්මා තාත්තා කරන්නෙ ඔය වැඩ දෙක තමා. මන් ඇසුත් පියාගෙන ඇදේ ඉන්නකොට මට එහාපැත්තෙන් ඇද බර වෙනවා මට තේරුනා. අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඉතිම් ඒ ගිහානා අක්කා. එයාට නන්ගිලා මල්ලිලා හිටියෙ නැති නිසා එයා මටයි සුලාටයි ගොඩාක් ආදරෙයි. හැමදාම සුලාව දකින නිසා මන් ආවහම මාත් එක්ක ගොඩක් එකතුයි, ඒත් සුලාටත් එයා මාරම ආදරෙයි. ඒ වගේම පුදුම බෝම්බයක්. බැරිවෙලාවත් මන් සුලාත් එක්ක එයා නැතුව එකට හිටියොත් එහෙම ඒ වෙලේ ඉදන් අපි දෙන්නව පේන්න බැරි වෙනවා. වෙන දෙයක් ඕනෙ නෑ ඉතිම්, මේකිට ගිහිනි අක්කයි ගෙහාන් අයියයි දෙන්නත් බයයි...
නැගිටින්න කෙම්ලේ... වෙලාව 6.30යි.
අයියෝ නිදිමතයිනෙ අනේ
බොරු කරන්න එපා බන්. මන් දන්නෝ බොරුවට ඇස් පියන් හිටියෙ කියල.
නෑ අනේ
මෙහ්. එනවකො යන්න පීල්ලට මූන සෝදන් එන්න. අන්න වළිකුකුළෝත් ඇවිල්ලා.
හ්ම්... යමු යමු
ඉක්මනට එන්න බ්‍රශ් එක අරන්
හරී...
මන් ආසම දේ තමා මේක. හැමදාම උදේට මායි ගිහානා අක්කයි මූන සෝදන්නෙ පීල්ලෙන්. උදේටයි හවසටයි පීල්ලෙ වතුර මාරම සීතලයි. තව වලිකුකුල්ලුත් එන්නෙ පීල්ලට වතුර බොන්න. ඊට අමතරව ගිහානා අක්කලත් කුකුල්ලු ඇති කරනවා. එයාලගෙ දිහා සුදු කිකිළියො දෙන්නෙකුයි කලු පාට කුකුලෙකුයි තව කුකුලෙකුයි ඉන්නවා. ඒකත් හොදයි එක අතකින්, සාධාරණව උන්ට උනත් වැඩ සිද්ද කරල තියෙනවා හිහී... මේවා ඉතින් මන් කියන කතා නෙවේ ගිහා අක්කා කියන ඒවා තමා. කුකුල්ලු මිලට ගන්න යනකොට තුශාරි නැන්දා ගන්න ගිහින් තියෙන්නෙ කිකිළියො දෙන්නෙකුයි කුකුලෙකුයි විතරයි. මොනා උනත් කුකුලන්ටත් නම්බුකාර විදිහට පවුල් කන්න දෙන්න ඕනෙ කියල හිතල ගිහා අක්කා කියල තව කුකුලෙක් ගන්න කියල. ඒ නිසා තමා කලු කුකූ අරන් තියෙන්නෙ. මොනා උනත් එකගෙයි පවුල් කන සිරිත හරිම කැතයි නේද ලමායි ? ඉතින් මන් කියන්න ගියේ අක්කගෙ කුකුල්ලු ටිකත් උදේට පීල්ල ගාවට එනවා පීල්ලෙ කාණුවෙ පල්ලෙහාට යන වතුර බොන්න. උන් තේ වත්තෙ පණුවො එහෙම අහුලන් කාල වතුර බොන්නෙ පිලී කානුවෙන්. ඉතින් උන් වලිකුකුල්ලු එක්ක වෙලාවකට රණ්ඩු වෙනවා. හැමදාම උදේට මායි අක්කායි දත් මදින ගමන් ඒ වලි සමතයකට පත් කරල කුකුලු සමාජ සේවයේ යෙදෙනවා. ඊටපස්සෙ පීල්ලෙ සීතලම සීතල වතුරෙන් ඇග සෝදල ඇවිල්ල කුස්සියට වෙලා ඉදගෙන අම්මලගෙ රසබර කතාවට පොඩ්ඩක් හොට දාන ගමන් උනුම උනු තේ එකක් බොන එකට මන් මාරම ආසයි. ඊටපස්සෙ මායි අක්කයි යනවා උඩහ වත්තට. අක්කලගෙ උඩහ වත්තෙ කිතුල් ගහ ලගට ගියාම ඈතින් කන්ද කපන් යන රේල් පාරයි, ඒ කන්ද පාමුල ගලන ගගයි පේනවා. ගගට යන්න නම් විනීතා ලොකුඅම්මලගෙ ගෙදර ලග තියෙන පාරෙ යන්න ඕනෙ. පයින් යන්න පුලුවන් දුර ඉතින්. කිතුල යටට වෙලා ඈත බලාගෙන අපි දෙන්න කරන්නෙ විනාඩි පහලොවක් විස්සක් විතර අපේ විස්තර කතා කරන එක. ඊටපස්සෙ එහෙම්මම අක්කාලගෙ වත්ත මැද්දෙන් යන්නෙ ගීතා ලොකුඅම්මලගෙ ගෙදර. එහෙ ගියාම ඉතින් අපි දෙන්නට බඩට දාගන්න මොනාහරි හම්බෙනවා. මොකද ගීතා ලොකුඅම්මටයි, සරත් මහප්පටයි ලමයි නැති නිසා එයාල අපිට මාරම ආදරෙයි. අදත් අපි දෙන්නට ජෙලි කප් එකක් හම්බුනා. එතනින් ලැබෙන සලාකවලට පස්සෙ සරත් මහප්පගෙ වත්ත මැද්දෙන් යන්නෙ සුලාලගෙ දිහාට. එහෙ ගිහින් ඉතිම් මුලින්ම කරන්නෙ සුලාගෙ බල්ලො දෙන්නයි, පූසයි හුරතල් කරන එක. ඊටපස්සෙ සුලාව ඇහැරවනවා. ඒකිවත් ලෑස්ති කරගෙන එහෙම මහ පාරෙන් ආයෙත් ගිහා අක්කලගෙ දිහා එනවා. හැමවතාවෙම ඔය ටික ඔහොම්මම ප්‍රොසෙස් වෙනවා.
![](https://img.wattpad.com/cover/370124643-288-k455598.jpg)
YOU ARE READING
පියුමක් ද ඔබ ?
Romanceමගේ මූණට හිනාවක් ගෙනාපු මිනිස්සු මන් කවදාවත් අමතක කරන්නෙ නෑ සුදූ...❣️ හදවත් දෙකක්, බාධක ගොඩක්, එක ලෝකයක්, එක ආදරයක් ... මේ දේවල්වලින් එයාල දෙන්නට ජය හිමි වේවි ද...