part 05

75 14 0
                                    

    "2024 නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ සියලුම ක්‍රීඩා සහ අනෙකුත් අංග සදහා පෙර පුහුණුවීම් සහ තේරීම් කටයුතු අද දින සිට ආරම්භ කරන බවට ක්‍රීඩා සහ බාහිර කටයුතු බාර නියෝජ්‍ය විදුහල්පතිතුමිය පවසයි. ඒ අනුව අද දින පස්වරු 12.10 සිට නිවාස රැස්වීම් පැවැත්වෙන අතර..."

බ්ලා බ්ලා බ්ලා... අද ඉදන් ඉතින් අව්වෙ කට්ට කාපන්කො. ඒ මදිවට මන් තමා අපේ හවුස් එකේ කැරම් සහ ඩ්‍රිල් එක ඉන්චාර්ජ් ජූනියර් ප්‍රිෆෙක්ට්. ඔව් ඔව් අනේ... ගිය සතියෙ බැජ් එක ගත්තෙ මන්. දැන් ඉතින් මන් අපේ ඉස්කෝලෙ ජූනියර් ප්‍රිෆෙක්ට් කෙනෙක්. කලින් ඉස්කෝලෙ ඉන්නකොටත් මන් ප්‍රිෆෙක්ට් කෙනෙක්. 5 වසරෙදි මායි මගේ බෙස්ටයි තමා ප්‍රයිමරි හෙඩ්ලා උනේ. උදාරයි නේද ඒයි හී... කැරම් නම් කමක් නෑ කියමුකො. මගෙ බොක්කෙ ස්පෝට් එකනෙ. අනික අපේ ස්කූල් කැරම් ටීම් එකෙ ඉන්න වැඩි හරියක් ඉන්නෙ අපේ හවුස් එකේ. ගේමක් නැතුවම කැරම් චැම්පියන්ශිප් එක අපේ හවුස් එක උස්සනවා කියන එක ඉතින් මුලු ඉස්කෝලෙම දන්නවා. අයියෝ දෙවියනේ ඒත් ඩ්‍රිල් එක... ඒක හරිම රෙස්පොන්සිබල් වැඩක්. මොකද ඩ්‍රිල් එකෙන් විතරක් ලකුනු 25ක් හවුස් එකට එනවා. ඉතින් ඔක්කොම බලන් ඉන්නෙ ඩ්‍රිල් එක සහ ස්කොඩ් එක ෆස්ට් වෙනකන්. නිම්මි තමා අපේ හවුස් එකේ ස්කොඩ් එක බාරව ඉන්නෙ. ස්කොඩ් එකෙනුත් ලකුනු 25ක්. අනිත් හැම එකටම වඩා මේ දෙක තමා බරපතලම, වැඩිපුරම ප්‍රිෆෙක්ට්ලා බැනුම් අහන දෙක සහ වැඩිපුරම ෆෝන් බිල් කැපෙන්නෙත් මේ දෙකට. ඇයි ඉතින් ඩ්‍රිල් එකේ ඉන්න හතළිස් දෙනාටයි ස්කොඩ් එකේ ඉන්න තිස්දෙකටමයි කෝල්ස් දිදී උන්ව ප්‍රැක්ටිස් ගෙන්න ගන්න ඕනෙනෙ. නැත්නම් හවුස් කැපාල අපේ ඔලු කනවා. පහත් තැනින් යයි ගලා ජලේ කිව්වා වගේ පොඩි අපිම තමා හැමදාම තැලෙන්නෙ. අපේ හවුස් කැපා තමා නෙවන්මි ආල්‍යා අක්කියා. එයා නම් ගොඩා....ක් හොඳ අක්කියෙක්. ඒත් ඉතින් ස්පොට් මීට් කාලෙකට ඔය හැම හොඳ අක්කෙක්ටම යක්කු අරක් ගන්නවනෙ. විශේෂයෙන් ම හවුස් කැපාලට. නෙවන්මි අක්කා තමා නෙත්රූ අක්කගෙ අනිත් යාලුවා. එයා නම් අනේ එයාගෙ යාලුවො වගේ නෙවේ හරී හොදයි. කොයිවෙලේ බැලුවත් හිනා උන ගමන්මයි. හරිම සිරියාවන්තයි. අනිත් එක තමා ඕල්ඩ් ගර්ල්ස්ලා. මීට් එක ලං වෙනකොට එනවා ඉතින් සක්කරවට්ටන් ටික තියෙන තඹ පිත්තල කෑලි ටික එල්ලගෙන මූණෙත් රටේ නැති ජාති උලාගෙන රට කිකිළියො වගේ. ඇවිල්ල ඉතින් ඔන්න මුලින්ම එන්නෙ ඩ්‍රිල් එකට. ඇවිල්ල ඩ්‍රිල් එකේ ඉන්න 6,7,8,9 පොඩි උන්ට පොඩ්ඩක් ගොන් පාට් එකක් දාල කෑ ගහල උන් ඉස්කොලේ කාලෙදි කරපු ඒවා ගැනත් කියල හොඳ දේශනයක් දෙනවා ඉතින් අර පොඩි එවුන්ට. ඕක කරල ඉවර උනාම ඉතින් ඊලගට නමෝවිත්තියෙන් ඩ්‍රිල් ඉන්චාර්ජට නැකත උදා වෙනවා. එයාල එනකොට ඩ්‍රිල් එක කොච්චර හොද තත්ත්වෙක තිබ්බත් මොකක්රි ඇදයක් හොයන් බනිනවා. බැනල අන්තිමට කැපාටත් බනිනවා. ඒ බැන්නම අති සාර්ථක ලෙස දෙවෙනි වතාවටත් ඉන්චාර්ජට බැනුම් අහන්න වෙනෝ. හරිම සන්තෝසයි යාලුවෙ... ඊලග උදාර චෑන්ස් එක උදාවෙන්නෙ ස්කොඩ් එකට. ඒකටත් ඉතින් ඔය ටික ඔහොම්මම වෙනවා. හරිම සරලයි. මෙහෙමයි ඉතින් සෑම සියලුදෙනාම ඔහොම නෑ. සමහර අක්කිල ඉන්නවා අපිව තේරුම් අරන් බැනල අපිව තවත් වට්ටන්නෙ නැතුව අපේ වැරදි ටික හොදින් කියල දීල අපිව මෝටිවේට් කරල යන. ඇත්තටම අන්න OGස්ලා. මමත් මේ මෙයාලට බැන්නට නුදුරු අනාගතේදි ඉතින් ඔය වගේම පිත්තල කෑලි එල්ලන් එනවනේ නේද හී... හැබැයි මන් නම් ඕම බනින්නෙ නෑ අනේ. පව්නෙ ඒ ලමයි.
   
වෙලාව 12.10යි. හත්වෙනි පීරියඩ් එකේ බෙල් එක ගැහුවා. දැන් ඉතින් අර නිවාස රැස්වීමට යන්න එපැයි. මන් ඉතින් ටක්ගාල මගේ ප්‍රිෆෙක්ට් නෝට් බුක් එකයි නිල් පෑනයි අරන් පොඩ්ඩක් යුනිෆෝම් එකත් හදාගත්තා. පාසලේ අභිමානවත් ශිෂ්‍ය නායිකාවක ලෙස අනිත් අය ඉස්සරහට යනකොට පොඩ්ඩක් වැදගත් විදිහට යන්න එපැයි. කෝ ඒ පාර මේ ගෑනි. කොහාට අන්තරස්දහන් වෙනෝ ද මන් දන්නෙ නෑනෙ මේ නිම්මි. ඒකිව හොයන්න පන්තිය වටේ රේඩාර් කිරණක් දාපු මම නිම්මි හොයාගන්න බැරි නිසා අල්ලපු වැටේ හිටපු එකාගෙන් ඇහුවා ඒකි ගැන.

පියුමක් ද ඔබ ? Where stories live. Discover now