දෙවියො මේ මාව මවනකොට එක දෙයක් අමතක වෙලා... ඒ තමා සතුට. ඔව්... මන් එක තත්පරයක් හිනා වුනොත් ඊලග විනාඩි තිහම අඩන්න වෙනවා. මට මේ ලොකේ සතුට කියන දේ උරුම නැද්ද දෙයියනේ ? මන් මොන පාපයක් කලාටද මගෙන් මෙහෙම එක දිගට පලිගන්නෙ. මම තාම අවුරුදු දහනවයක පොඩි කෙල්ලෙක්. මට මේ දේවල් දරාගන්න අමාරුයි. ඇයි ? ඇයි මේ තරම් පොඩි වයසකින් මන් ආදරේ කරන හැමදේම මගෙන් උදුරගන්න හදන්නෙ ?? මන් මොන වරදක් ඔයාට කලාටද මට මෙහෙම කරන්නෙ ??? මන් ටිකක්වත් පවු කියල ඔයාට හිතෙන්නෙ නැද්ද් දෙවියනේ... එපා. මගේ කෙල්ලව නැතුව වෙන ඕනෙ කෙනෙක්. ඇයි ඔයාට තේරෙන්නෙ නැත්තෙ එයා විතරයි මට දැන් ඉන්නෙ කියල. මුලින් මගේ පවුල මගෙන් සදහටම ඈත් කලා. දැන් එයාවත් ඈත් කරන්නද හදන්නෙ ඔයා ? ඇයි මටම මෙහෙම කරන්නෙ ???
***************
ගැඹුරක් නොපෙනෙන
ඉමක් කොනක් නොපෙනෙන
විටෙක කුණාටුවෙන් බැට කන
එහෙත් විටෙක සුන්දර
සාගරයකි ජීවිතයඅකුරු හතරකි
මිනිසුන් ලොබ බැදි
එහෙත් එතුලින්
මා සොයන්නෙ සතුටකි
ආදරය නම් ඒ අකුරු හතර
මගේ දිවියට අරුමයකිහැමූ ඒ කුණාටුව තුලින්
මා ආදරී හඩන කල
කරන්නට කිසි දෙයක් නොමැතිව
අසරණයි මා මේ මොහොත තුලඉවසපන් මගෙ පොඩ්ඩියේ
තව ටික කලක්
කදුලට සිනා මුසු වන
දවස ඈතක නොවේ...- නෙත්රූ
අනේ මගේ කෙල්ල... ඒකි පොඩි කෙල්ලක්. එහෙම වෙලත් මෙච්චර දේවල් ඒකි කොහොම දරාගන්නව ඇත් ද ? මගේ පොඩි එකීට ඇයි සතුටක් නැත්තෙ ? මුලින් එයාගෙ අම්මලා... දැන් මගේ තාත්තා...*පැය කීපයක් ආපස්සට*
ඒක අපේ නෙත්රූ ගැන...
තාත්තා එහෙම කිව්වහම මන් පුදුම උනේ මන් ගැන මන් නොදන්න මොනාද කියන්න යන්නෙ කියල
මන් ගැන ??
ඔව්... ඔයා ගැන... මගේ දුව ගැන
ඒ මොකක්ද දේවින්ද ?
හොදයි... මන් කෙලින්ම කියන්නම්. මගේ සුනීගෙ ලොකුම ආසාවක් උනේ එයාගෙයි මගෙයි දරුවා එයාගෙ හොදම යාලුවා ඉශිතාට ඉපදෙන ලමයව මැරි කරන එක. ඒත් මගේ සුනී මාව දාල ගියේ අපි මැරි කරන්නත් කලින්... ඒත් මගේ දුව ඔයා නෙත්රූ... ඔයා ඉපදුන දවසෙම මන් තීරනේ කලා සුනීගෙ ආසාවට ඒ වෙනකොට ඉශිතාට ඉපදෙන්න හිටපු දරුවට ඔයාව මැරි කරල දෙන්න. ඒත් මාසෙකට පස්සෙ ඉශිතාට ඉපදුනෙත් කෙල්ලෙක්ම වෙනකොට කාලයත් එක්ක මට ඔය දේ අමතක උනා. ඒත් දැන් මට ඕනෙ ඔයා ඒ ගර්ල්ව මැරි කරනවා දකින්න. අනික ඒක හොද බිස්නස් ප්‍රපෝසල් එකක්. ඒකෙන් මගේ බිස්නස්...
YOU ARE READING
පියුමක් ද ඔබ ?
Roman d'amourමගේ මූණට හිනාවක් ගෙනාපු මිනිස්සු මන් කවදාවත් අමතක කරන්නෙ නෑ සුදූ...❣️ හදවත් දෙකක්, බාධක ගොඩක්, එක ලෝකයක්, එක ආදරයක් ... මේ දේවල්වලින් එයාල දෙන්නට ජය හිමි වේවි ද...