මන් මෙහෙම හරි එයාව බලාගන්නෙ ගිහානාගෙ ටික්ටොක් නිසා. මගේයි එයාගෙයි තිබ්බ ඔක්කොම කනෙක්ෂන්ස් නැති වෙලා ගියේ එයා මැරි කරන්න මාසෙකට විතර කලින්. ඒ දෙන්න මැරි කරපු මුල් කාලෙ ගිහානා අක්කා එක්ක ට්රැවල් කරල දාපු වීඩියෝස් මන් බැලුවෙ අඩ අඩ. ඒත් පස්සෙ පස්සෙ මට ඒවා බලනකොට දුකක් දැනුනත් මන් සතුටු උනා එයා සතුටින් ඉන්නවා කියල. එයාගෙ වෙඩින් පොටෝස් බලනකොට උනත් එහෙමයි. එයා ඒවගෙ මාරම ලස්සනයි. කොච්චර නෑ කිව්වත් ඒ පොටෝස් බලනකොට නම් මගෙ හිත අඩා වැලපෙනවා. ඒවා බලනකොට මට හිතෙන්නෙ හරිනම් මන් නේද ගිහානා වෙනුවට එතන ඉන්න ඕනෙ කියල. වෙඩින් එකෙන් පස්සෙ එයා සම්පූර්ණයෙන්ම ටොම්බෝයි කෙනෙක් උනා. එයා තමා ලංකාවෙ බිස්නස් ඔක්කොම හැන්ඩ්ල් කරේ. ජපානෙ එයා පටන් ගන්නවා කිව්ව සයිට් එක එයා දැන් එංගලන්තයේ පටන් අරන්. කමක් නෑ... මොකද එයාගෙ වයිෆ් එහෙනෙ ඉගෙන ගන්නෙ. ඉතිම් දැන් මන් එයාගෙ කවුද.... මන් එයාගෙ මතකයක් විතරයි... සමහරවිට එහෙමත් නැතුව ඇති...
**************
මට එයාව තාමත් මතක් වෙනවා. ගොඩක් මතක් වෙනවා. තාත්තාගෙ කීමට ගිහානාව මැරි කරත් හිතින් සහ ගතින් කියන දෙකෙන්ම මන් ඔයාගෙ විතරයි ශනූ... ඒක හැමදාටම වෙනස් වෙන්නෙ නැති දෙයක්...
දුව... ගිහානා දුව දන්නවනෙ අපි එනවා කියල.
අපි හිටියෙ ගිහානාව බලන්න එයාර්පෝට් එකෙන් බැහැල යන ගමන්. එයාගෙ අම්මායි තාත්තායි මගේ අම්මයි තාත්තායි මායි.
නෑ අම්මා. එයාට මේ වෙලාවට ලෙක්චර්ස්. ඒ නිසා කියන්න ගියේ නෑ.
අපි මේ දෙන්නව මැරි කරවන්න ගත්ත තීරනේ හරියටම හරි නේද දේවින්ද. බලන්නකො නෙත්රූ දුව අපේ දුව ගැන කොච්චර දේවල් දන්නවද කියල...
ඒක තමා සුජිත්. දැන් ඉතිම් ගිහානා දුවගෙ එඩියුකේශන්ස් එහෙමත් ඉව්ර නිසා මෙයාල අනිත් දේවල් ගැනත් බලන්න කාලෙ හරි
ඒක ඇත්ත. දැන් ඉතිම් අපිටත් ආච්චිල සීයල වෙන්න කාලෙ හරි යන් එන්නෙ. මොකෝ අපිට කියල වෙන එවුන් ඉන්නවෑ මුනුපුරු මිනිපිරො දෙන්න. නේද

YOU ARE READING
පියුමක් ද ඔබ ?
Romanceමගේ මූණට හිනාවක් ගෙනාපු මිනිස්සු මන් කවදාවත් අමතක කරන්නෙ නෑ සුදූ...❣️ හදවත් දෙකක්, බාධක ගොඩක්, එක ලෝකයක්, එක ආදරයක් ... මේ දේවල්වලින් එයාල දෙන්නට ජය හිමි වේවි ද...