episode 14

31 5 2
                                    

Yevun උදේ වෙනකම් jun kook ලග ඉදන් හිටියා... පාන්දර එලිය වැටෙනකොට යෙවුන් හෙමිට නැගිටලා යන්න ගියේ jung kook ට දැනේන්නේ නැති වෙන්න.. එත් පාපිස්සේ කකුල පැටලිලා යෙවුන් වැටෙනකොට යෙවුන් එයා ගේ කකුලේ පැටලුනේ මොකක්ද කියලා බැලුවා... යෙවුන් ට පාපිස්ස ට තිබිලා හම්බුනේ දුවිලි වලින් වැහිලා ගියපු ඩයරියක්.. එකේ දුවිලි පිහපු යෙවුන් එක පලවෙනි පිටුව පේරලනකොට ඇස් කදුළු වලට දිලිසුනේ එකේ මුල් පිටුවේ ඉන්න එක ගැණු ළමයෙක් ගෙයි jung kook ගෙයි පින්තූරෙ දැකල... එක තමන් හැමදාම රෑ ට නින්දෙන් නම කියන සුකී ට අයිතියි කියලා අදුර ගන්න යෙවුන් ට එච්චර වෙලාවක් ගියේ නැහැ.. පොත පපුවට තුරුල් කරගත්ත යෙවුන් ඉක්මනට එයාගේ කාමරේ ට ගිහින් ඇද ලග බිම් වාඩ් වෙලා පොතේ එකින් එක පිටුව පෙරලන්න පටං ගත්තේ පාන්දර 4 විතර... එ ඩයරියේ ගොඩක් තැන් වල සුකී ලියලා තිබුනේ jung kook ගැන.. එ වගේ ම එයා ව kiss කරපු විදිහ.. Jung kook වැරදි කරා ම එයා ට බනින්න බැරි වෙනකො ට ඒවා පොතේ ලියලා තරහ නිවා ගත්ත විදිහ.. හැමදාම jung kook වැඩ ඇරිලා එනකොට එයාට අරන් ආව එක එක කඩචෝරු කෑම කෝල, ලස්සනම ලස්සන ෆ්‍රීසියා මල් පොකුරු පර වෙන්න තියලා ඒවා තැන් තැන් වල හරි ලස්සනට සුකී අලවලා තිබ්බ.. සමහරක් තැන් වල මහා හයියෙන් හිනා වෙන්න හේතු තියෙන කොට යෙවුන් හයියෙන් හිනා වුණා..ලස්සනට අකුරු වලින් තියෙන එ ඩයරිය සුකී ලියලා තිබ්බේ එයාගේ හිතේ jung kook ට තියෙන ආදරේ ගැන... පොතේ පිටු එකින් එක පේරලෙනකොට ඉර එලිය කාමරේ මැදට වැටිලා තියෙන කොට යෙවුන් අන්තිම පිටුව වෙනකම් ම පොත කියවල ඉවර කරා.. පොත එන්න එන්නම අවසං වෙනකො ට යෙවුන් ට එයාගේ කදුළු නතර කරගන්න බැරි වුණා.. සතුටු වචන වැලින් පිරිලා තිබුණු එ පොතේ පස්සේ දකින්න තිබ්බේ පපුවට කවුරු හරි පිහියකින් අනිනවා වගේ වචන විතරයි.. සුකී අනිතිම පිටුවේ ලියලා තිබ්බේ එයා jung kook ට ආදරේ කියලා කියන්න ගිහින් එයා දැකපු දේ... එවෙලේ මැරෙන්න තරම් වෙදනාවක් තමන් ට දැනුනු විදිහ සුකී ලියලා තිබ්බ..

She- suki.. Jung kook ගේ කාමරේ ට ගියා.. ඊටපස්සේ එයාට එක කියා ගන්න බැරි වුණා.. මොකක්ද එයා කාමරේ දී දැක්කේ.. ( කදුළු පිහින ගමන් )

ඩයරියේ තව‍ පිටු තියෙන කොට 2020.07.6 කියලා දිනේ දාලා සුකී තමන්ගේ ඩයරියේ අනිතිම පිටුව නිමා කරලා තිබ්බේ කදුළු වැටිලා එ ලියපු කළු අකුරු බෝද වෙලා ගිහින් තියෙන කොට.. අනිතිමට සුකී එ පොතේ ලියලා තිබ්බේ එයා jung kook ට ආදරේ කරත් එයා ආදරේ තේරුම් ගන්න පරක්කු වුනු විදිහ.. එ ආදරේන් තොර ජිවිතයක් ගැන සුකී හිතලවත් නැ කියලා යෙවුන් ට තේරුනා.. අනිතිමට සුකී එකේ ලියලා තිබුනා කවදම හරි දවසක මේ පොත කාට ම හරි කියවන්න ලැබුනොත් මේක සකුර මල් ගහක් යට වලල්ලන් න කියලා.. එකත් jung kook ට හම්බ වෙන්න කලින්.. මොකද සුකී කිසිම දවසක jung kook පසු තැවෙනවා බලන්න කැමති වුනේ නැ.. ඉට ත් වඩා තමන් ගේ ආදරේ තමන් එක්ක ම වැලලිලා යනවා දකින්න සුකී ට ඕන කරලා තියෙන්න ඇති..එතනින් එහා යෙවුන් පිටු පෙරලුවත් එ හැම තැනක් ම හිස් කෝල විතරයි දකින්න තිබුනේ..

She- මෙතනින් එහා.. කිසිම දෙයක් ලියලා නැ නේ... එයාට මොකද වුනේ.. ඇයි මේක jung kook කියවනට අකැමති.. ඇරත් මෙච්චර කල් මේක තිබ්බේ jung kook ගේ කාමරේ එත් මේක එයාට හම්බුනේ නැ.. " god father personal love letter" මොකක්ද මේ අනිතිමට ලියලා තියෙන එකේ තේරුම.. සුකී ට හම්බුනා කියලා කියලා තියෙන දේ මොකක්ද.. එක නිසා යන්න බයක් නැ කියලා ලියලා තියෙන්නේ.. මට තේරෙන්නේ නැ.. ඔයාට මොකක්ද වුනේ.. ඔයා කොහෙද ඉන්නේ

Lost Love 💔 අහිමි පෙමWhere stories live. Discover now