Yevun කාමරේ ට ගිහින් පපුවට ගැහුවේ හුස්ම ගන්න අමරු නිසා... බොන්න කියලා අතට ගත්ත වතුර විදුරු ව බිම වැටිලා කුඩු වුණා.. Jung kook දොර ලග ඉදන් හැමදේම බලන් හිටියේ... ඉක්මනට එයාගේ කාමරේ ට ගියපු jk yevun ට බොන්න වතුර වීදුරුවක් අරන් එනකොට යෙවුන් හිටියේ බිම ඉදන්...
Jk- යෙවුන් නැගිටින්න...
Jung kook එයා ගෙනාපු වතුර එක යෙවුන් ට පොවන කොට jung kook දැක්ක කිසිම නැවතුමක් නැතුව යෙවුන් ගේ ඇස් වලින් ගලන කදුළු, වතුර ටිකක් වත් බොන්න බැරි තරම් එ උගුරේ නහර පිම්බෙන විදිහ, අත් සට සට ගාලා වෙවූලන විදිහ... යෙවුන් තමන් ඉස්සර මෙච්චර අඩනවා දැකලා නැති නිසා jk yevun ගේ ඔලුව අත ගෑවා...
Jk- හෙමිට බොන්න ( ඔලුව අත ගාන ගමන් ) යෙවුන්...
Yevun jung kook ගේ අත් දෙක තද කරලා අල්ල ගත්තා...
She- මං... අ... අම්මා.. පල්.. ලේහා.. මම... තමයි....
Jk- මොකක්ද ප්‍රශ්නේ....
She- අ.. අම්මා... මම...Jung kook ඇස් බැම සැරින් සැරේ උස් පහත් කරේ යෙවුන් ගොත ගහලා කියන දේවල් එයාට තේරෙන්නේ නැති නිසා... එත් කාමරේ දොර පැත්තට අත දික් කර කර යෙවුන් මොනා හරි දෙයක් ගැන කියන්න හදනවා කියලා jk ට තේරුණා... යෙවුන් ට ම වචන කියවෙන්නේ නැ කියලා තේරෙනකොට යෙවුන් jung kook ගේ අත් දෙක උඩින් නලල තියා ගත්තේ යෙවුන් ගේ උනුහුම් කදුළු jung kook ගේ අත් දිගේ ගලන් යනකොට...
Jk- ඇ.. ඇයි මේ යෙවුන්... යෙවුන් කරේ කිසිම දෙයක් නොකියා අඩපු එක විතරමයි.... කිසිම දෙයක් හිතා ගන්න බැරි නිසා jung kook yevun ව එයාගේ පපුවට තුරුල් කර ගත්තේ යෙවුන් එයාගේ අත් වලින් jung kook ගේ ෂට් එක අත් වලට මිටි කුඩු කරගන්න ගමන්...
Jk- ශ්හ්.... හැමදේම හරි... හැමදේම හරි..
YOU ARE READING
Lost Love 💔 අහිමි පෙම
Fanfictionමතු යලි භවයක වෙන්න ලැබූනොත් ඔබේ සහකාරිය පතනවා ආදරය යනු ගතින් පමණක් ඒක් වීමක් නොවන බව ඔබට වැටහෙන ලෙස.....❤️❤️❤️