ගෙදර ඇවිත් වොශ් එකකුත් දාගෙන මං කාමරයට වැදුනේ පාඩම් කරන්න හිතාගෙන වුණත් මට මහන්සියට පොත් මේසය උඩම නින්ද ගියා.කොහේදෝ ඉඳලා ගල් මූසල දිගංචියා මං ගාවට එනවා යන්තමින් මට පෙණුනා.මං හිටියෙ දණ ගහගෙන,කන් දෙකෙන් අල්ලගෙන .ගල් මූසල දිගංචියා මං ගාවට ඇවිත් උගෙ හීනිම හීනි ,කළු පාටට දිලිසෙන ,තියුණු ඇස් දෙකෙන් මං දිහා කන්න වගේ බලන් හිටියා.කට තිබ්බට මොකද උගේ සද්දන්ත ඇඟ ඉස්සරහා මං නිකන් කූඹියෙක් වගේ බය බිරාන්ත වෙලා බලන් හිටියා.
" ඇයි උඹ ඌට ගැහුවේ?"දිගංචියා මගෙන් ඇහුවා.
" මං ගැහුවේ නෑ..."
" බොරු...උඹ පොඩි එකාට ගැහුවා නේද ? "
" මං ගැහුවෙ නෑ,ටොක්කක් ඇන්නා විතරයි "
" උඹ ටොක්කක් හරි ඇන්නනේ,ඇත්ත කියපන්... "
" ඔව් ඉතින් ,ඇන්නා..."
" ඇයි ඒ? "
" ඌ සිගරට් එකක් බිව්වා..."
"ඌ සිගරට් බිව්වා කියලා උඹ මොකටද ඌ බය කරන්න ගියේ? "
" මං බය කළේ නෑ... "
" මං ඒවා දන්නෑ,හැබැයි ආයෙත් උඹ පොඩි එකෙක්ට අතක් තියලා තිබ්බොත් මං උඹේ අත් දෙක කඩනවා..."
එක පාරටම ගල් මූසල දිගංචියා උගේ ජිම් බොඩියේ නහර පිරිච්ච අතකින් මගේ පිට හරහට ප්‍රහාරයක් එල්ල කළා.දෙයියෝ සාක්කි කිව්වලු.ඌ ගහපු පාරට මං ගැස්සිලා ගිහින් ඇස් ඇරුණා.හීනයක්...අම්මෝ! හීනයක් හින්දා හොඳයි.ඇත්තෙන්ම දිගංචියාගෙ අතකින් මං ගුටියක් කෑවනම් මගෙ කොඳු නාරටිය මෙලහකටත් දෙකට මැදින් කැඩිලා.නින්ද ගිය හින්දා මගේ මූණේ එක පැත්තක් දාඩියෙන් තෙත් වෙලා තිබුණා.ආපහු බාත් රූම් එක පැත්තෙ ගිහින් මූණත් හෝදගෙන මං කාමරයට ආවා.
"මේක මොන මල කරුමයක්ද මන්දා,මේ ගල් මූසලයා දැන් දැන් මගෙ හීනවලටත් එන්න අරන්.ඔක්කොම හරි...මූ මොකටද අර පොඩි පගයට බැන්න එකට ෆෝම් වෙන්නේ? රෙද්ද...මූව ඔළුවෙන් මකෝලා දාන්න ඕනි,නැත්නම් මට වැඩක් කරන්න වෙන්නෑ ඌට බයවෙලා ඉන්නවා මිසක්..."
මං ඔහොම හිත හිතා පාඩම් කරන්න ගත්තා.පැයක් විතර යද්දී මට ආයෙමත් පොත උඩ නින්ද ගියා.ඒ අස්සේ එක පාරටම පෝන් එක රින්ග් වෙනවා ඇහුණා.මං අමාරුවෙන් ඇස් දෙකත් ඇරගෙන පෝන් එක ආන්ස්වර් කරලා කණේ තියාගත්තා.
YOU ARE READING
කළු පාට ටැටූ ✔
Non-FictionNon fiction BL " මං දන්නෑ දුරුතු අයියේ...මේ ආදරේ කොච්චර අසම්මත වුණත් මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ.අනේ දිගංචියෝ...ඉන්න තැනකින් ඉක්මනට වරෙන්කෝ..."