56 වෙනි ටැටූව

177 10 2
                                    


ආදරේ හරි පුදුමාකාරයි තමයි . එදා Doctor කිව්වත් වගේ ආදරේ කියන වචනෙට මාරයත් යටයි. ඒ තරමටම ආදරේ බලගතුයි. කොළඹ මහ රෝහලේ ඉඳන් දුරුතු අයියා එක්කන් ආවට පස්සෙ ත්‍රිශූල් , ස්වේත් අයියා , මන්දිර් අයියා තුන්දෙනාම යන්න ගියා. මායි, දුරුතු අයියයි, චූටි පැටියයි විතරක් ඒ වහලෙ යට තනි වුණා . මං දුරුතු අයියව වත්තන් කරගෙන ඇඳේ හාන්සි කළා. චූටි පැටියා පැත්තක සෙල්ලම් කර කර හිටියේ . මං දුරුතු අයියව හාන්සි කරවලා යන්න හදද්දී එයා මගේ අතකින් අල්ල ගත්තා .

" සුදු මැණික..."

මං ඒත් එක්කම හැරිලා දුරුතු අයියා බැලුවා. අහිංසක ඇස් බලන් හිටියේ මං දිහා. ඒ ඇස් මඟ හැරලා අහක බලාගෙන යන්න තරම් මට පුළුවන්කමක් තිබුණේ නෑ. මට ඒ ඇස් මඟ හරින්න කිසිම වුවමනාවක් ඇත්තෙත් නෑ. ඒත් මං බය වුණා ඒ ඇස් ඉස්සරහ මං හඬාවි කියලා . මං ගොඩක් බය වුණා . මගේ එක කඳුළකුත් ඇති ඒ හිත කඩාගෙන වැටෙන්න . මං ඒක දන්නවා. ඒ ආත්මීය ඇස් මගේ ඇස් එක්ක පැටළුනා.

" දුරුතු අයියේ..."

මං එහෙම්මම එයා ගාවින් වාඩි වුණා . දුරුතු අයියා ඇඳේ ඇලවෙලාම මං දිහා බලන් ඉන්නවා.

" සුදු මැණික..."

දුරුතු අයියා මගේ අතක් තද කරලා අල්ල ගත්තා .

" ඔයාට මාව එපා වෙලාද සුදු මැණික? "

ඒ අහපු වචන මගේ හදවත හරහා ගමන් කළේ තියුණු ඊතල පාරවල් වගේ. ඒ මගෙන් අහන්න ඕනි ප්‍රශ්නයක් නෙවෙයි . මට ඉකි ගැහෙනවා .

" මොකක්ද ? ආයෙමත් අහන්න ඒක..."

මං බිඳුණු කටහඬකින් ඇහුවා.

" ඔයාට මාව එපා වෙලාද? "

" දෙයියනේ...ඔයාට වෙන අහන්න තරම් ප්‍රශ්නයක් ඇත්තෙම නැද්ද ? "

" ඇයි?"

" ඔයා මොකක්ද ඒ ඇහුවේ? ඔයාව එපා වෙලාද කියලා නේද ? ආ... ඔයා එහෙම හිතනවද? මට ඔයාව එපා වෙයි කියලා . දන්නවද? ඔය අත මං අල්ලගත්තෙ කවදාවත්ම අත් අරින්න හිතාගෙන නෙවෙයි. හැමදාමත් ඔය අත හයියෙන්ම අල්ලගෙන මේ ගමන යන්න. අපිට මොන කරදර බාධක ආවත් මේ ගමන යන්නම ඕනි . තේරුම් ගන්න දුරුතු අයියේ , කිසිම අසනීපයකට බෑ මගේ හිතේ ඔයා ගැන තියෙන ආදරේ එකම එක අංශු මාත්‍රයක්වත් නැති කරලා දාන්න..."

කළු පාට ටැටූ ✔ Where stories live. Discover now