51 වෙනි ටැටූව

126 9 0
                                    


අවුරුදු උදාව අපි සැමරුවේ රතිඤ්ඤා දාලා. අනිමිස පැටියා නම් රතිඤ්ඤා දානවට බයයි. එයා බයවෙලා අඬන්න ගත්තා. ස්වේත් අයියයි , මන්දිර් අයියයි රතිඤ්ඤා පත්තු කළා. දුරුතු අයියා දොරකඩ ඉස්තෝප්පුවට වෙලා බලන් හිටියේ අනිමිස පැටියවත් වඩාගෙන .

" ආ...ආ...ආ... චූටි මැණික බය වුණාද? ආ මැණික. තාත්ති ඉන්නවනේ මගෙ මැණික ගාව . මගෙ සත්තලන් බය වෙන්නෙපා...."

චූටි පැටියා දුරුතු අයියගේ උරහිස බදාගෙන ඉකි ගහනවා බයවෙලා . දුරුතු අයියා පැටියව ගේ ඇතුළට අරන් ගියා. මාත් ඒ පස්සෙන්ම ගියා.

" චූටි මැණික බය වුණාද? "

දුරුතු අයියා අනිමිස පැටියගෙන් ඇහුවා.

" ඌවා..."

චූටි පැටියා අකුරු ගැට ගගහා උත්තර දෙනවා.

" ඌවා වුණේ නෑ මැණික. අනික තාත්ති ඉන්නවනෙ මගෙ සූටි පැටියා ගාව. මගෙ බට්ටිච්චා. "

එහෙම කියලා දුරුතු අයියා චූටි පැටියගේ සිනිඳු කම්මුලක් සිප ගත්තා .

" තා...තාත්ති...ඌවා..."

" හරි හරි. තාත්තිට ඌවා වෙන්නෑ... හරිද?"

චූටි පැටියා දුරුතු අයියට තියෙන්නේ පුදුමාකාර ආදරයක්. ඒ බැඳීම හරියට සංසාරගත බැඳීමක් වගේ. එයා බයයි එයාගෙ තාත්තිට තුවාල වෙයි කියලා . ඒකයි අඬන්නේ.

අවුරුදු උදාවෙන් පස්සෙ අපි බලන් හිටියේ නොනගතය හෙවත් පුණ්‍ය කාලය ලබනකන්. අපිට කාලා, බීලා හැම වැඩක්ම අත් හැරලා නිදහසේ ඉන්න පුළුවන් වෙලාව තමයි ඒ. ඒත් ඉතින් බඩගින්නෙ ඉන්න වෙන එක තමයි ඉවසන්න බැරි. ඒත් ඉතින් පුණ්‍ය කාලය වෙලාවෙදි හැම වැඩකින්ම නිදහස් වෙලා ඉන්න පුළුවන් . අපිට නිදහසේ ටිකක් කතා බහ කර කර ඉන්න පුළුවන් . පුණ්‍ය කාලය කියන්නේ ආගමික වතාවත් ඉටු කරන්න , ඉෂ්ඨ දේවතාවන් සිහි කරන්න තියෙන කාලයක්. අවුරුදු උදාවෙන් පස්සෙ පුණ්‍ය කාලයත් උදා වුණා . ස්වේත් අයියයි , මන්දිර් අයියයි පුණ්‍ය කාලය ලැබුව මොහොතෙත් එළියට ගිහින් රතිඤ්ඤා දැම්මා. දුරුතු අයියා චූටි පැටියවත් අරන් එළියට ගිහින් රතිඤ්ඤා දාන හැටි පෙන්නුවා. ඒ වෙද්දී නම් චූටි පැටියා ඒකට හුරු වෙලා එයාගෙ බය ඇරිලා ගිහින් තිබුණේ . පුණ්‍ය කාලය වෙලාවෙදී අපි අලුත් ඇඳුම් ඇන්දා.

කළු පාට ටැටූ ✔ Where stories live. Discover now