43 වෙනි ටැටූව

158 11 0
                                    


මං අනිමිස පැටියව නිදි කරවලා ඇඳෙන් තිබ්බේ කාපට් එකකුත් එලලා. ඊට පස්සෙ නෙට් එකෙන් පැටියව ආවරණය කරලා මං කුස්සියට ගියේ දවල්ට කෑම හදන්න. ඉස්සරහා කුඹුරු යායම අපේ නිසා වී වලින් අපිට කිසිම අඩුපාඩුවක් තිබුණේ නෑ. දුරුතු අයියා කුඹුර දිහාවට ගිහින් හිටියේ ගෙදරට එන පටු පාර දිගේ තියෙන වල් පැළ ගලවලා සුද්ධ කරන්න. මං දවල් කෑමට කැකුළු බත් එක්ක පරිප්පුයි, දෙල් මාළුවයි , පොල් සම්බෝලෙකුයි , හාල්මැස්සන් බැදුමකුයි හැදුවා. මං උයලා පිහලා ඉවර වෙලා කුස්සිය අස්පස් කරද්දී දුරුතු අයියා සාලෙට ඇවිත් කතා කරන සද්දේ මට ඇහුණා.

" අයුර්... අයුර්...කෝ මේ එන්නකෝ..."

දුරුතු අයියා කලබලෙන් වගේ කතා කරන හින්දා මං ඉක්මනට සාලෙට දුවලා ගිහින් බැලුවා. බලද්දී දුරුතු අයියා එක්ක හිටියේ තවත් කොල්ලෙක්. පෙනුමේ හැටියට නම් අඩි හයක් විතර උස තලෙළු හමක් තියෙන, ශක්තිමත් පුරුෂ ශරීරයකට හිමිකම් කියපු කඩවසම් දේහධාරී පිරිමියෙක් . මූණ පුරා රැවුල වවලා. උරහිස දක්වා වැවුණු කොණ්ඩය. වම් කණේ රිදී පාටට දිලිසෙන කරාබුවක්. දැක්ක ගමන් කොල්ලා මාත් එක්ක හිනා වුණා . මාත් යන්තමින් හිනා වුණා .

" අයුර්... මේ සිහරු. බලංගොඩ ඉස්කෝලේ යන කාලෙ මගෙ යාළුවෙක්. මචං මේ අයුර්... මගේ life partner..."

දුරුතු අයියා මට ඒ කොල්ලව හඳුන්වලා දුන්නා. දුරුතු අයියා සිහරුත් එක්කම වාඩි වුණා .

" ඉතින් මචං, කවද්ද උඹ ආවේ? "

දුරුතු අයියා සිහරුගෙන් ඇහුවා.

" සතියක් විතර ඇති බං..."

සිහරු දුරුතු අයියට කිව්වත් සිහරුගේ ඇස් දෙක තිබුණේ මං දිහා බලාගෙන . මට ඒ බව තේරෙන්න ගත්ත හින්දම මං සිහරුගේ ඇස් මඟ හැරලා බිම බලාගත්තා . සිහරුගේ ඇස් හරි සරාගී පාටයි. සිහරුගේ ඇස් අපේ ගෙදර ඉන්න හැම තත්පරයක් ගානෙම මං දිහා බලන්නේ හරි අමුතු විදිහට .

" මෙයා කොහෙද? "

සිහරු ඇහුවේ මාව පෙන්නලා දුරුතු අයියගෙන්.

" අයුර් කොළඹමයි... මගේ ස්කූල් එකේ..."

" අහ්... එතකොට එහෙදිද දෙන්නා යාළු වුණේ ? "

කළු පාට ටැටූ ✔ Where stories live. Discover now