බදාදා රෑ dinner එකට අපේ ගෙදර ඇවිත් ගියත් දුරුතු අයියාට බ්රහස්පතින්දා දවසෙත් මාත් එක්ක කතා කරන්න වුණේ නෑ.ඒ ලැජ්ජාව හින්දද , ලොකුකම හින්දද , නැත්නම් අකමැත්ත හින්දද කියලා කියන්න මං දන්නෙ නෑ. කොහොම වුණත් මං බලන් හිටියෙ දුරුතු අයියා එකම එක පාරක් හරි මාත් එක්ක කතා කරයි කියලා . ඔව් , ඒක හිත අස්සේ තිබුණ බලාපොරොත්තුවක් . ඒත් මූණට මූණ මුනගැහිලවත් දුරුතු අයියා මාත් එක්ක එකම එක වචනයක් කතා කළේ නෑ.
Interval එක වෙලාවෙදී මං washroom එකට ගිහින් ආපහු එළියට එද්දී දුරුතු අයියා ස්වේත් අයියයි , මන්දිර් අයියයි එක්ක washroom එක පැත්තට එන ගමන් හිටියා. කලින් දවසේ රෑ අපේ ගෙදර dinner එකටත් ආපු හින්දා මං දත් තිස් දෙකම පේන්න හිනාවී ගෙන දුරුතු අයියා ඉස්සරහට ගියා. මං හිතුවේ දුරුතු අයියා මාත් එක්ක හිනා වෙයි කියලා . ඒත් දුරුතු අයියා කළේ මාව දැක දැකත් නොදැක්ක ගාණට washroom එක ඇතුළට ගිය එක.
මට එවෙලේ දැනුනෙ මාරම දුකක්. දුරුතු අයියා නිකන් මගෙන් පලිගන්න හදනවා කියලත් මට හිතුණා . ඒත් මං ආයෙ හිතුවා එයා එහෙම කෙනෙක් නෙවෙයි කියලා. මොකද දුරුතු අයියම තමා කිව්වේ මගෙන් ඈත් වෙලා ඉද්දී ඒ ආදරේ ඉබේටම අමතක වෙලා යයි කියලා . ඒත් ආදරේ ඉල්ලපු එයා ඒ ආදරේ අමතක කරද්දී , ආදරේ ප්රතික්ෂේප කරපු මං ඒ ආදරේ ගැන හිතන්න ගත්තා. ත්රිශූල් බොසා ස්වේත් අයියා එක්ක relationship එකක් පටන් ගත්තට පස්සේ මට හිතුණේ ඇයි මං දුරුතු අයියගේ ආදරේට පයින් ගැහුවෙ කියලා . ඇත්තමයි , ඒ ආදරේ මහමෙරක් වගේ. කලින් කිසිම දවසම ඒ පපුවට ආදරෙන් තුරුළු වෙලා ආදරේ විඳින්න බැරි වුණත් ඒ ඇස්වල ආදරේ උතුරන්න තරම් තියෙන හැටි මං දැක්කා. ඒත් මං ඒ වෙද්දි පරක්කු වැඩියි.
දුරුතු අයියා එහෙම තර්ස්ටන් එකට සමුදෙන්න තිබුණේ තවත් එක් දවසයි. ඒ කියන්නේ දුරුතු අයියා ඉස්කෝලේ ඇතුලෙදී ආයෙමත් මගේ ඇස් ඉස්සරහට එන්නේ නෑ. අනේ! මගේ පපුව ඒක මතක් වෙද්දී මොකක්ද වුණා . ආදරෙයි කියලා වචනවලින් නොකිව්වත් හිත අස්සේ මෙච්චරයි කියලා කියන්න බැරි තරම් ආදරයක් හංගගෙන , පණටත් වඩා ආදරේ කරපු මනුස්සයා හෙටින් පස්සෙ මං ගාව නැහැයි කියලා මතක් වෙද්දී ඒ මොහොත අස්සෙ මං අතරමං වුණා . ඉස්කෝලේ එන්න කම්මැලිකමෙන් හිටපු මට ආපහු ඉස්කෝලේ එන්න හේතුව වුණේ දුරුතු අයියා . මං ඉස්කෝලේ ආවෙ දුරුතු අයියා බලන්න ඕනි හින්දම යි. ඒත් එයා මං දිහා බැලුවෙවත් නෑ. අන්තිම දවස් ටිකේවත් දුරුතු අයියා සුපුරුදු ආදරෙන් ආයෙමත් මං ගාවට එයි කියලා මං බලාපොරොත්තු වුණා .
YOU ARE READING
කළු පාට ටැටූ ✔
Non-FictionNon fiction BL " මං දන්නෑ දුරුතු අයියේ...මේ ආදරේ කොච්චර අසම්මත වුණත් මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ.අනේ දිගංචියෝ...ඉන්න තැනකින් ඉක්මනට වරෙන්කෝ..."