ආදරේ කියන්නේ එක වෙලාවකට ගින්දරක්. තව වෙලාවකට සිහිල් දිය පොදක්. මරු කතරකට වැසි පොදක්. ප්‍රේමයේ අව්‍යාජනීයම මිනිස්සුන්ට උත්තරීතර හැඟීමක් . ආදරේ කියන්නෙ ඒ හැම දේකටම. කාලය මැවූ වෙනසක අරුමය අපිට හිතාගන්නවත් බැරි තරම්. ඒ තරම් ඒ වෙනස පුදුමාකාර වුණා . ජීවිතේ ගැන හරි අපූරු පාඩම් කියා දීපු ආදරණීයම කාලයක අවසානයට අපි ඇවිත්. කොහොම කළත් ඒ කහපාට අසෝක මල් සුවඳ නම් මුළු ජීවිත කාලයටම මතක තියේවි.දුරුතු අයියා හිටියේ ඇඳේ ඇලවෙලා . මං කුස්සියට ගියේ එයාට සුප් එකක් හදන්න. එයා කොළඹ ඉද්දී ලෙඩවෙලා හිටපු කාලේ මං රෝහලට යද්දි හදාගෙන ගිය සුප් එක. ඇත්තමයි , එයා ඒ සුප් එකට හරිම ආසයි. කැරට් , ලීක්ස් , බෝංචි වගේ එළවළු ජාති විතරක්ම නෙවෙයි මගේ ආදරෙත් එකතු කරලයි මං ඒ සුප් එක හදන්නේ. ඉතින් ඒක ඇත්තෙන්ම ආදරේ රහයි.
සුප් එක ලිපේ තියලා ගිහින් මං චූටි පැටියව නිදි කරවලා ඇඳෙන් හාන්සි කෙරෙව්වා. දුරුතු අයියා හිටියේ උළු කැට වහලේ දිහා බලාගෙන .
" බඩගිනියි නේද ?"
" ටිකක්..."
දුරුතු අයියා යාන්තමට හිනා වෙලා උත්තර දුන්නා .
" මං සුප් එක ලිපේ තිබ්බා. ඉන්න, ඉක්මනට හදලා ගේන්නම් . සුප් එක බීලා ටිකක් නිදාගන්න . මං එතකන් උයන්නම්."
මං කිව්වෙ දුරුතු අයියගේ ආදරණීයම ඇස් දිහා ආදරෙන් බලාගෙන .
" මං හින්දා ඔයාට කරදරේ නේද ? "
දුරුතු අයියා ඇහුවේ ටිකක් දුකෙන් වගේ.
" මොනාද අනේ ඔයා මේ කියවන්නේ? කවද්ද ඔයාව මට කරදරයක් වුණේ ? ආ...මට කියන්න . මං මේ හැමදේම කරන්නෙ ඔයා වෙනුවෙන්නේ. ඇයි ඉතින් එහෙම හිතන්නේ? මං ඔයාව කවදාවත්ම කරදරයක් විදිහට දකින්නෑ. අනේ ආයේ එහෙම කියන්න එපා... මට දුක හිතෙනවා..."
මං අන්තිම ටික කිව්වේ ඇස්වලට කඳුළු ඇවිත් යාන්තමට බොඳ වී ගෙන යද්දි .
" මං ඔයාගෙ හිත රිද්දන්න හිතාගෙන කිව්වා නෙවෙයි මැණික... අනේ සමාවෙන්න රත්තරන් "
" ඔයා සමාව ඉල්ලන්න ඕනි නෑ..."
මං කිව්වේ දුරුතු අයියගේ අත් දෙකම අල්ලගෙන .
YOU ARE READING
කළු පාට ටැටූ ✔
Non-FictionNon fiction BL " මං දන්නෑ දුරුතු අයියේ...මේ ආදරේ කොච්චර අසම්මත වුණත් මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ.අනේ දිගංචියෝ...ඉන්න තැනකින් ඉක්මනට වරෙන්කෝ..."