දුරුතු අයියා එයාගෙ ගමට ගියාට පස්සෙ මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුණා . ගොඩක් දේවල් කියන්නෙ හැම දෙයක්ම වගේ. බොහොම පුංචි කාලයක් ඇතුළත වුණත් මගේ ජීවිතේට ඒ තරම් සමීප වුණ එකම මනුස්සයා දුරුතු අයියා. ඔව්, දුරුතු නිර්වාණ්‍ය සෙනරත් විතරමයි.දුරුතු අයියා බලංගොඩ ගියාට පස්සෙ මට දැනුනේ පුදුමාකාර තනිකමක්. වෙනදා පුංචි දෙයක් වුණත් දුරුතු අයියා ගාවට දුවගෙන ගිහින් කිව්ව මට ඒවා කියන්න කෙනෙක් නෑ. රණ්ඩු වෙවී ආයෙමත් යාළු වෙන්න කෙනෙක් නෑ. ජීවිතේ හරි ගස්සගන්න විදිහ ගැන උපදෙස් දෙන්න කෙනෙක් නෑ. මට දැනුනේ මහ පාළුවක් ; තනිකමක්.
ලෝකෙට පේන්න හිනා වෙලා හිටියත් මං ඇතුළතින් ගොඩක් විඳෙව්වා. දුක් විඳිනවා කියලත් මට එහෙම දුක් විඳින්න පුළුවන්කමක් තිබුණේ නෑ. මං දන්නවා , වැරැද්ද තියෙන්නෙත් මගේ අතේම තමයි. කෙහෙල්මල් ලෝකෙකට බයේ දුරුතු අයියගේ ආදරේ ප්‍රතික්ෂේප නොකර හිටියනම් මං එහෙම දුකක් විඳින්න ඕනි නෑනේ.
ස්වේත් අයියයි , ත්‍රිශූල් බොසයි දෙන්නා ආදරෙන් ගෙවන තත්පර දැක්කම මට ලෝභ හිතුණා . එයාලට හැමදාම වුණත් මුණගැහෙන්න ක්‍රම සහ විධි තිබුණා . ඒත් මට... මට එහෙම කිසිම දෙයක් නෑ. මං අන්ත අසරණ වුණා . දුරුතු අයියා නැති හිස් ජීවිතේ ඇතුළේ මං ජීවත් වුණේ කාත් කවුරුවත් නොදන්න රටක මං මුලා වුණු මනුස්සයෙක් ගාණට.
ඉවසන්න බැරිම තැන මං දුරුතු අයියට කෝල් කළා.
" ඔබ ඇමතූ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර හෝ ආවරණ කලාපයෙන් බැහැරව ඇත."
මට ඇහුණේ එච්චරමයි . දුරුතු අයියා කතා කළේ නෑ. මං හිතන්නේ එයා සිම් මාරු කරලා. ඒත් කොහොමද එයා මට එහෙම කරන්නේ කියලා මං හිතුවා. ඒත් මං ගාව කොයින්ද මගේම ප්‍රශ්නවලට උත්තර.
නිහඬ හඬක් ඇවිත් මාත් එක්ක කතා කළා. දුරුතු අයියගේ phone number එකවත් වැඩ නැති වෙනකොට මට දැනුනේ ලොකු බයක්. ඊටත් එහා ගිය දුකක්. Whatsapp එකට ගියත් එයා online ඉන්න වෙලාවක්වත් ,offline ගිය වෙලාවක්වත් පෙන්නන්නෙ නෑ. මං සම්පූර්ණයෙන්ම හිස් මනුස්සයෙක් කියලා මට හිතුණා .මට කියලා තිබ්බ එකම ආදරේ දුරුතු අයියා විතරයි . මේ ලෝකේ මගේ අම්මා, තාත්තා දෙන්නට පස්සෙ මං ගැන වැඩිපුරම හොයලා බලලා වැඩ කළේ දුරුතු අයියා . වෙලාවකට හොඳම යාළුවෙක් වගේ , වෙලාවකට එක් කුස උපන් සහෝදරයෙක් වගේ දුරුතු අයියා මාත් එක්ක ඉද්දී මට ඒ කොයි යම් මොහොතකවත් තනිකමක් නම් දැනුනේ නෑ. මට දැනුනෙම මං වෙනුවෙන් කෙනෙක් ඉන්නවා කියලා . ඒත් දුරුතු අයියා එයාගෙ ගමට ගියපු දවසෙ ඉඳලා මට මගේ ජීවිතේ දැනුනු හිස්කම මකාගන්න ක්‍රමයක් මං දැනන් හිටියෙ නෑ. කාලයාගේ ඇවෑමෙන් ආපහු ජීවිතේට පහු වෙච්චි තත්පර ළඟා කරගන්න අවස්ථාවක් ආවොත් මං අනිවාර්යයෙන්ම කරන්නේ ඒ ආදරේ ආදරෙන් භාරගන්න එක. ඒ ප්‍රතික්ෂේප කිරීමත් එක්ක මං වගේම දුරුතු අයියත් හදවතින් විඳවපු ඒ කාල සීමාව මං එහෙනම් මඟ හැර ගන්නවා.
YOU ARE READING
කළු පාට ටැටූ ✔
Non-FictionNon fiction BL " මං දන්නෑ දුරුතු අයියේ...මේ ආදරේ කොච්චර අසම්මත වුණත් මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ.අනේ දිගංචියෝ...ඉන්න තැනකින් ඉක්මනට වරෙන්කෝ..."