ඒ අප්‍රේල් මාසේ 12 වෙනිදා. ස්වේත් අයියා ,මන්දිර් අයියා, ත්‍රිශූල් බොසා කට්ටියත් එක්කම අපේ ගෙදර ආව දවස. ඒ අවුරුදු සමරන්න. මුළු රටටම වසන්තය ඇවිත් තිබුණා .අපේ ගෙදරටත් ඒ වසන්තය ඒ විදිහටම ඇවිත්. දුරුතු අයියයි ,මමයි , අනිමිස පැටියයි තුන් දෙනාම එකට එකතු වෙලා පවුලක් විදිහට සමරන පළවෙනි අවුරුද්ද. ඉතින් ඒ මොහොතෙදී අපිත් එක්කම ස්වේත් අයියා , මන්දිර් අයියා වගේම ත්‍රිශූල් ඉන්න එක ගැනත් අපි හිටියේ ගොඩාක් සතුටින්. ස්වේත් අයියා ගෙදරට ගොඩ වෙච්චි හැටියෙම කළේ අනිමිස පැටියව වඩාගෙන ඉඹින්න ගත්තු එක." රිදෙයි අනේ එයාට."
ත්‍රිශූල් කිව්වේ චූටි පැටියගේ අතකින් අල්ලගෙන. අනිමිස පැටියා බලන් හිටියේ මොකක්ද මේ වෙන්නෙ කියන්න වගේ.
" චූටි පැටියෝ... මේ මාමි...කෝ මාමි කියන්න ,මා...මි...මොකක්ද ? මාමි...කෝ කියන්නකෝ..."
දුරුතු අයියා චූටි පැටියව ස්වේත් අයියගෙන් අරගෙන වඩාගන්න ගමන් කිව්වා.
"මා...මා...මා..."
චූටි පැටියා එහෙම මුමුණලා හයියෙන් හිනා වෙලා අත් පොඩි ගහනවා. ස්වේත් අයියටයි , දුරුතු අයියටයි , මන්දිර් අයියටයි ඔහේ කතා කර කර ඉන්න ඉඩ ඇරලා මං ත්‍රිශූල් එක්ක කුස්සියට ගියේ කට්ටියට බොන්න තේ හදන්න. මං තේ හදන අතරතුරේ ත්‍රිශූල් එක්ක කතාවට වැටුණා .
" ඉතින් බං කොහොමද ජීවිතේ? "
ඒ මං.
" හොඳයි අයුර්. අවුලක් නෑ ඉතින්."
" අම්මලා දන්නවද ඔය දෙන්නා ගැන? "
" ම්...ඔව් , දන්නවා නම් තමයි..."
ත්‍රිශූල් කිව්වේ මූණ අවුල් කරගෙන .
" ඇයි ඒක නිකන් අමුතු විදිහකට කිව්වේ? "
" ඇත්තම කතාව බං මේකයි, අපේ ගෙදර අය මේකට කැමති නෑ. අම්මලා මට ගොඩාක් බැන්නා. එයාලා කියනවා ස්වේත් අයියත් එක්ක තියෙන affair එක නවත්තන්නලු. ඒත් බං...මං...මං ඒකට කැමති නෑ. ස්වේත් අයියා මට ගොඩාක් ආදරෙයි . ඒ වගේම මාත් එයාට ගොඩාක් ආදරෙයි. අපි ගොඩාක් දුර ආවා. මේ ආපු දුර මට ගව් ගාණක් වගේ බං. ඉතින් මට ආයෙත් හැරෙන්න බෑ. ස්වේත් අයියට මං මගේ පණටත් වඩා ආදරෙයි. මං ඒ අත අල්ලගත්තේ ආපහු අතාරින්න හිතාගෙන නෙවෙයි. ඉතින් මං කොහොමද ස්වේත් අයියගෙන් ඈත් වෙන්නෙ බං? "
YOU ARE READING
කළු පාට ටැටූ ✔
No FicciónNon fiction BL " මං දන්නෑ දුරුතු අයියේ...මේ ආදරේ කොච්චර අසම්මත වුණත් මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ.අනේ දිගංචියෝ...ඉන්න තැනකින් ඉක්මනට වරෙන්කෝ..."