41 වෙනි ටැටූව

158 14 1
                                    


දුරුතු අයියගෙයි, මගෙයි ආදරේ වෙනුවෙන් අම්මගේ කැමැත්ත , ආශිර්වාදය ලැබුණා . මට ඉතින් ඒ ඇති. මුළු ලෝකයක් විරුද්ධ වුණත් අම්මගේ ආශිර්වාදය තියෙනවා නම් එච්චරයි . එහෙම අම්මලා හරි අඩුයි. දරුවන්ගෙ කැමැත්ත වෙනුවෙන් ඉඩ දෙන අම්මලා ගොඩක් අඩුයි. එහෙම අම්මා කෙනෙක් ලබන්න මං පින් කරලා තිබුණා .

උදේ 9 ට විතර දුරුතු අයියා ගෙදරින් ගියේ ගෙදරට ඕනි කරන එළවළු ටිකක් අරන් එන්න කියලා . මං එයා එනකන් බත් උයලා, පරිප්පුයි, අල තෙම්පරාදුවකුයි හදලා ඉස්තෝප්පුවට වෙලා බලන් හිටියා. මට එක එක ජාතියේ කෑම ජාති හදන්න දුරුතු අයියා පුරුදු කළා. අලකොළ , පොලොස් ගැට, මියන කොළ , බේඳුරා දළු , කොහිල වගේ ගමේ දේවල් රසට උයන හැටි දුරුතු අයියා මට කියලා දුන්නා . දුරුතු අයියා හදන කොහිල අල සම්බෝලේ නම් මාරම රසයි.

මං ඉස්තෝප්පුවට වෙලා බලන් ඉද්දී හවස 1.30 ට විතර දුරුතු අයියා බයික් එකෙන් ගිනි කසයා වගේ ආවා. බයික් එක මිදුලේ දාලා උස්සන් ආපු බඩු මලු දෙක මගේ අතට දීලා වේවැල් හාන්සි පුටුවේ ඇලවුණේ හරි අමාරුවෙන් .

" මහන්සියි සුදු මැණික , වතුර එකක් ගේන්නකෝ..."

මං කුස්සියට ගිහින් බඩු මලු ටිකත් තියලා වතුර වීදුරුවක් අරන් ඇවිත් දුරුතු අයියට දුන්නා . දුරුතු අයියා එක හුස්මට වතුර වීදුරුවම හිස් කළා.

" අද මාර රස්නයක්නේ තියෙන්නේ සුදු මැණික..."

" ඔව් අප්පා, හැබැයි උළු කැට වහලේ යට ඉද්දී ඒක දැනෙන්නෙ නෑ..."

" උළු වහලේ යට සීතලයිනේ ඒකයි..."

" දාඩියත් එක්කනේ? මං උයලා තියෙන්නේ.Wash එකක් දාගෙන එන්න කන්න..."

දුරුතු අයියා ශර්ට් එකේ බොත්තම් ගලවලා ශර්ට් එක අයින් කරලා දැම්මා. දුරුතු අයියගේ වෙනදා නැති මොකක්දෝ වෙනස්කමක් තිබුණා . ඔව්, ඒ වෙනස්කම තිබුණේ පපුවේ.

" දුරුතු අයියේ..."

මං දුරුතු අයියා ගාවට ගිහින් පපුවට අත තිබ්බා. Duruthu & Ayur කියලා හැඩ අකුරෙන් ගහපු ලස්සන ටැටූවක් ඒක . ඒ ළඟම පුංචි හදවතක්. කළු පාට ටැටූව මං හරි ලස්සනට දැක්කා.

කළු පාට ටැටූ ✔ Where stories live. Discover now