03 වෙනි ටැටූව

547 54 3
                                    

උදේ පාන්දර මං නැගිට්ටෙ ත්‍රිශූල් මට එවපු ඩාන්සින්ග් අයිටම් එකට ඕනි කරන සින්දුවත් බලාගෙන .දුරුතු අයියා කලින් ඩාන්ස් කරනවා මම දැකලා තිබුණත් මං මේ සාම්ප්‍රදායික ගීතය කියද්දී එයා නටන විදිහ මගේ ඔළුව අස්සෙ චිත්‍රයක් වගේ මැවුණා.උඩුකය නිරුවත් පපුව,සුදු රෙද්දෙන් ආවරණය වෙච්චි බඳ කොටස...මේ හැමදේම මගේ ඔලුව අස්සෙ ඉමේජ් වෙලා තිබ්බේ.මං පැත්තකට වෙලා සින්දුව කියද්දී ,බෙර තාලම්පට සද්දෙට හරි ලස්සනට දුරුතු අයියා අඩි තිය තියා නටන හැටි මං මවාගත්තා.මට මැවිච්චි ඒ හැම සිතුවිල්ලකම මට දුරුතු අයියව පෙනුනෙම අංග සම්පූර්ණ පිරිමියෙක් වගේ.ඒ මූනේ ඒ ආඩම්බරකම ඒ විදිහටම තිබුණා.හීනි ඇස් දෙකෙන් එයා බලද්දී මුහුනෙන් පිටවෙන ඒ ගාම්භීර පෙනුම හැම කෙනෙක්වම ඉක්මනින් ආකර්ෂණය කරගන්නවා වගේ මට දැනුනා.ඒ ගොඩට මාත් අයිතියි.මාත් ඉබේටම දුරුතු අයියට ආකර්ෂණය වෙන්න පටන් අරන්.හිත අස්සෙන් මං එයාව කොච්චර කෙයාර් කරන්න ගත්තත්,මං මතුපිටින් එයා ඉස්සරහ ගොඩක් අසරණ විදිහට ඉන්නවා වගේ මට මැවුනා.අඩු තරමින් මං පිටට නොපෙන්නුවත් හිත අස්සෙන් හරි එයාව කෙයාර් කරනවා.ඒත් ඒ ගල් මූසලයා එහෙමවත් නෑ.අඩු තරමේ ඩිංගක් හිනා වෙයන්කෝ.එහෙමවත් නෑ.

මං උදේම නැගිටලා ඉස්කෝලේ යන්න ලෑස්ති වුනේ අලුත් බලාපොරොත්තුවක් එක්ක.මං කවදාවත්ම දුරුතු අයියත් එක්ක කතා කරලා තිබුණේ නෑ.අඩු ගානේ එකම එක වචනයක්වත්.එයා ඉස්කෝලේ ඇතුලේ ඉන්නෙ හෙන වීරයෙක් වගේ.එදා වොශ් රූම් එකේදි උනත් මං එයා දිහා බලලා කතා කලාට ඌ මාත් එක්ක වචනයක්වත් කතා කළේ නෑ.ඔය විදිහට් මං එක එක හීන මව මවා ඉඳලා මං බස් එකට නැග්ගා.ෆුට් බෝඩ් එකේ යන්න කොච්චර ආස වුනත් කොන්දා අන්කල් ඒකේ වවුල් ගමනින් යනවට එච්චර ආස නැති නිසා මං පිටි පස්සෙ සීට් එකට ඉස්සරහ සීට් එකේ වාඩි වෙලා ජනේලෙත් ෆුල් ඕපන් කරගත්තා.බස් එකත් ෆුල් වේගයෙන් පාගලා යනවා.ඒත් එක්කම ලස්සනට හමාගෙන එන හුළං පාර මගේ මූන හරහා වැදීගෙන යද්දී ඊට වඩා ආතල් එකක් මට නැති තරම්.මං ආසම මේ වගේ ජනේලෙත් ෆුල් ඕපන් කරන් දුරගමන් යන බස් එකක යන්න.ඒක වෙනම රසයක්.ඒක ගොඩක් මිනිස්සුන්ට රසවිඳින්න අමාරුයි.මම ගොඩාක් ආසාවෙන් හුළං පාරත් විඳගෙන අවට ලස්සනම ලස්සන පරිසරයත් විඳගෙන යද්දී ඇහැට දූවිලි ටිකකුත් ගියා.ඇහැත් පොඩි කර කර යද්දී ඉස්සරහින් දුරුතු අයියා බස් එකට නගිනවා මං දැක්කා.ඇත්තමයි ...දුරුතු අයියා කොච්චර ආඩම්බරකාරයෙක් උනත්,එයා මාව තඹ සතේකට ගනන් ගන්නෙ නැති වුණත් මට එයාව දැක්ක ගමන් මූනට හිනාවක් ආවා.ඒ හිනාව හරිම ප්‍රසන්නයි,පිරිසිදුයි කියන්න මගේ හිත දන්නවා.මට ඇත්තෙන්ම පොඩි ආඩම්බරයක් දැනුනා.ඉස්කෝලේ ලොකුම ආඩම්බරකාරයගේ ඩාන්සින්ග් අයිටම් එකේ බැක් සින්ග් කරන්නේ මං කියලා මොහොතින් මොහොත මතක් වෙද්දී මට මාරම සතුටක් දැනෙන්න ගත්තා.මුලදී මං ඒ වැඩේට අකමැති උනත් ඉබේටම මං ඒ වැඩේ කරන්න ආස වුණා .දුරුතු අයියා වගේ ආඩම්බරකාර කොල්ලෙක් එක්ක වැඩ කරන්නෙ කොහොමද කියලා එක වෙලාවකදී හිතුනත්,ඕනි දෙයක් වෙච්චාවේ කියලා හිතලා මං වැඩේ කරන්න හිත හදාගත්තා.

කළු පාට ටැටූ ✔ Where stories live. Discover now